මහා පරිමාණ රත්‍රං සොරකමක් කල කොටියෙකු ප්‍රංශයෙන් අල්ලයි..

විදෙස්ගත ඊලාම් ප්‍රජාව ඒ ඒ රටවලට ද දැන් සමාජ උවදුරක් බවට පත් ව තිබේ..

කලක පටන් සංවිධානාත්මක ව මහා පරිමාණයෙන් රත්‍රං සොරකමක් කරගෙන ගිය ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයෙකු සොරකම් කරන ලද රත්‍රං කිලෝග්‍රෑම් 30ක් ද සමගින් අත් අඩංගුවට ගැනීමට ප්‍රංශ පොලීසිය සමත් වී ඇත.

ප්‍රංශයේ, පැරිස් නුවරට තදාසන්න, සාර්සෙල් (Sarcelles) නම් ප්‍රදේශයේ “මාලා ස්ටෝර්ස්” (Mala Stores) නමින් වෙළඳ සලක් පවත්වාගෙන ගිය මෙම පුද්ගලයා විසින් එම වෙළඳ සල වෙත පැමිණෙන නා නා විධ ගණුදෙණුකරුවන් ව ඉලක්ක කරමින් පසුව එම පුද්ගලයින් වෙනත් ක්‍රම ඔස්සේ හඹා ගොස්, ඔවුන් සතුව ඇති රත්‍රං මංකොල්ලකෑම සිදු කරගෙන ගොස් ඇත්තේ වසර කිහිපයක සිට වන අතර, ඒ සඳහා ඔහු විසින් කුලී පදනම යටතේ කළු ජාතිකයින් පිරිසක් ද හවුල් කරගෙන ඇති බව සිංහලයා පුවත් ඒජන්සිය විසින් අදාල අංශ වෙතින් කල විමසීමක දී හෙළි විය,.

අත් අඩංගුවට පත් වූ මෙම පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයට සෘජු ව ම සම්බන්ධ පුද්ගලයෙකු බවත්, ප්‍රචාරාත්මක සහ මූල්‍ය වශයෙන් ජාත්‍යන්තර එල්.ටී.ටී.ඊ. ජාලය සමග සම්බන්ධ බව ද පැවසේ. වසර කිහිපයක් තිස්සේ එම ප්‍රදේශය ආශ්‍රිත ව සිදු වූ රත්‍රං සොරකම් පිලිබඳ ව නිරීක්ෂණය කල ප්‍රංශ පොලිස් නිලධාරීන් විසින් මෙම පුද්ගලයාව, එම වෙළඳසල සහ එහි යන එන අයවළුන් පිලිබඳ ව කලක පටන් නිරීක්ෂණය කොට ඇත.

වාර්තා වන අන්දමට මොවුන්ගේ ගොදුරු බවට වැඩියෙන් ම පත් ව ඇත්තේ ඉන්දීය ජාතිකයන් වන අතර සමහර ශ්‍රී ලාංකික දමිළ පවුල් ද ඒ අතර වේ. සාර්සෙල් ප්‍රදේශය යනු, ප්‍රංශයේ විදේශික සම්භවයන් සහිත වැඩි පිරිසක් වාසය කරන නගරයක් වන අතර ඉන්දීය සහ ශ්‍රී ලාංකික බොහෝ පිරිසක් ද ඒ අතර වෙති.

පසුගිය සතියේ ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් විසින් මේ තැනැත්තාගේ නිවස වැටලීමේ දී එහි සඟවා තිබී රත්‍රං කිලෝග්‍රෑම් 30ක පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇත. පසුගිය වසර කිහිපය තිස්සේ ම ලොව රත්‍රං මිල දිනෙන් දින ඉහල ගිය අතර මේ වකවානුවේ යුරෝපය තුල පවතින දැඩි මූල්‍ය අර්බුදය හමුවේ රත්‍රං වලට අධික ඉල්ලුමක් පවතී.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

3 Responses to මහා පරිමාණ රත්‍රං සොරකමක් කල කොටියෙකු ප්‍රංශයෙන් අල්ලයි..

  1. ඔය කියන්නේ දළදා මාලිගාවේ නිලංග දල බණ්ඩාර නේද? මිනිහ කෝට් ගණනක රත්තරන් අරගෙන කාර් එක ගෝල්ඩ් ප්ලටින්ග් කරගෙන තෙයෙන්නෙ?

  2. Douglas Wijeweera

    oya kiwwe gon kathawak, yanne koheda malle pol wage
    ane matto ! comment karanna kalin kiyawala balanawa news eka mokadda kiyala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *