ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඉන්දියාවේ ක්‍රෙඩිට් කාඩ් වංචාවක…

ව්‍යාජ ණයවර පත් (ක්‍රෙඩිට් කාඩ්) මගින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා මුදල් වංචාකල ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ඉන්දීය අපරාධ විමර්ශන අංශ මගින් පසුගිය සතියේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයින් වන මොවුන් දෙදෙනා දකුණු ඉන්දියාවේ වේලචෙරි නගරයේ දී අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දීත් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ලබාගනිමින් සිට ඇති බවයි පැවසෙන්නේ.

සොරා ගන්නා ලද ණයවර පත් වල දත්ත භාවිතයෙන් ව්‍යාජ ණයවර පත් සකස් කර ඒවායින් ටෙලර් යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනීම මොවුන් කලක සිට කරගෙන යමින් සිට ඇති අතර, මේ පසුපස වෙනත් පිරිස් ද සිටින බව මුලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

 

– සිංහලයා පුවත්

 

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *