සවුදි රෝහලකට ඇතුලත් කල ලාංකික ඉංජිනේරුවා අතුරුදහන්..

සෙනෙවිරත්න මහතා..

සවුදි අරාබියේ දී රිය අනතුරකට මුහුණ පෑ ශ්‍රී ලාංකික සිවිල් ඉංජිනේරුවෙක් රෝහලට ඇතුලත් කර දින කිහිපයකට පමණ පසු ව එම රෝහලෙන් අතුරුදහන් වී ඇති බවට වාර්තා වේ.

බටහීනේ වෙදරාලගේ සෙනෙවිරත්න (ගමන් බලපත්‍ර අංක: 0984185) නැමති 58 හැවිරිදි මේ මෙම සිවිල් ඉංජිනේරුවරයා ව 2011 නොවැම්බර් 16 වෙනිදා සිදු වූ මෝටර් රථ අනතුරක් හේතුවෙන් අදාල සවුදි රෝහල (King Fahd Hospital – Al Hasa) වෙත ඇතුලත් කොට ඇති අතර දෙසැම්බර් 18 වෙනිදා සිට රෝහලෙන් අතුරුදහන් ව සිටී. අදාල රෝහල් බලධාරීන් පවසා ඇත්තේ, අදාල රෝගියා අනතුරින් පසුව මතකය අහිමි වීම හේතුවෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බවට සැක කරන බව යි.

මෙම සිදුවීම පිලිබඳ ව මෙරට සිටින සෙනෙවිරත්න මහතාගේ පුතණුවන් වන, මධුර සෙනෙවිරත්න මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා සවුදියේ ශ්‍රී ලංකා තානාපති බලධාරීන් ද දැනුවත් කොට ඇති අතර සවුදි පොලීසිය විසින් ද මෙම අතුරුදන් ඉංජිනේරුවරයා පිලිබඳ ව තොරතුරු ලබා දෙන මෙන් එරට මහජනතාවගෙන් ඉල්ලීමක් කොට ඇත.

කෙසේවෙතත්, මෙම ඉංජිනේරුවරයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සවුදියේ ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් විසින් මුල දී එතරම් තැකීමක් නොකල බව ද සැළ යි.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

One Response to සවුදි රෝහලකට ඇතුලත් කල ලාංකික ඉංජිනේරුවා අතුරුදහන්..

  1. kohomath foreign ministry gihin hoya gannevata vada lesie paule ayeta saudi avith hoya ganna eka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *