ද. අප්‍රිකා සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වෙනස්කම් රැසක්..

තම නායකත්වයට අවනත නොවන ක්‍රීඩකයින් සිටින තාක් කල් ඩිල්ෂාන්ගේ නායකත්වයට දෙයියන්ගේ බුදුන්ගේ පිහිට ම තමයි..

“නැති වූ කණ්ඩායම් හැඟීම, නායකයට අවනත නැති ක්‍රීඩකයින් සහ වගකීම් විරහිත නායකත්වය සමග අඳ බිහිරි තේරීම් කමිටුව..”

දකුණු අප්‍රිකාවේ දී නිමා වුනු තෙවන එක්දින තරඟය ද පරාජයට පත් වීමෙන් අනතුරු ව ශ්‍රී ලංකාව එක දිගට පරාජය වූ පස් වන තරඟාවලි පරාජය ලෙසින් ද සනිටුහන් වුනා,. එසේම, අදාල තරඟයන්හි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් තනි තනි ලෙස, හිතූ මනාපෙට ක්‍රීඩා කරන අයුරු සහ වගකීම් විරහිත ව කණ්ඩායම් හැඟීමක් නැතිව ක්‍රියා කිරීමේ සිදුවීම් වලින් ශ්‍රී ලංකාවට හිමි වුනේ පරාජය පමණක් ම නොවෙයි.

ජාත්‍යන්තර විස්තර විචාරකයාගේ සිට ක්‍රීඩා ලෝලියා කෙරෙන් දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අවමානයට ලක් කිරීමට එය හේතු පාදක වී ඇති බව නොරහසක්.

පසුගිය ටෙස්ට් සහ එක්දින තරඟ කිහිපය දෙස පමණක් වුව බැලීමේ දී පැහැදිලි වන එක් විශේෂිත කරුණක් නම්, කණ්ඩායමේ සාමූහික හැඟීම විනාශ වී ඇති බවත්, ක්‍රීඩකයින් අතර මනා සම්බන්ධතාවයක්, සන්නිවේදනයක් නැති බවත් සහ නායක තිලකරත්න ඩිල්ෂාන් හට කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් අවනත නොවීමත් දැක්විය හැකියි. එසේම ඩිල්ෂාන් පවා සිය නායකත්වයේ වගකීම පැහැර හැරි අවස්ථා එමටයි. මෙවන් අවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තුල කිසි දින නොවූ විරූ තත්වයක්..

දැනට දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙතෙක් පැවැත්වූ තරඟ වල දැක් වූ ක්‍රීඩා විලාශය සහ එම තරඟ වලින් ලද වලින් ලැබූ පරාජයන් හේතුවෙන් තේරීම් කමිටුවේ, ක්‍රිකට් කණ්ඩායමේ හා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ වෙනස්කම් ඇති කිරීමට පාදක විය හැකි බව ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

එසේම, එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායකත්වය, පුහුණුකරු මෙන්ම තේරීම් කමිටුවෙ නිලධාරීන් ද වෙනස් වනු ඇති බවයි පැවසෙන්නේ. මේ අතරින් කණ්ඩායම් නයකයත්වය මහේල ජයවර්ධනට ලැබෙනු ඇති බව අදාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *