ඕස්ට්‍රේලියාවට එන ලාංකිකයින්ට නීති සහාය කොටි NGO මගින්?

සරණාගතයින් පිලිබඳ ජාත්‍යන්තර සංවිධානයකින් නිකුත් කල සාවද්‍ය වාර්තාවක් හුවා දක්වමින් මේ ඉල්ලා සිටින්නේ ඕස්ට්‍රේලියානු රජය මගින් දැනට අත්හිටුවා ඇති "සරණාගත අයදුම්පත්" යළි සලකා බලන්නට ය..

(සී ඊ කටුවාවලගේ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ, සෙවන් හිල්ස් සිට..)

විටින් විට ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තැත් කරන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයින් හට නීතිමය සහයෝගය ලබා දීම වෙනුවෙන් ජාත්‍යන්තර එල්.ටී.ටී.ඊ. ජාලය විසින් ඕස්ට්‍රේලියාව තුල පමණක් රාජ්‍ය නොවන සංවිධාන (ngo) 12ක් පිහිටුවා ඇති බවට සිංහලයා පුවත් ඒජන්සියට වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව හරහා නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව කරා සංක්‍රමණය වන ද්‍රවිඩ ජාතිකයන් බොහෝ විට ඕස්ට්‍රේලියානු වෙරළ ආරක්ෂක බලධාරීන්ගේ අත් අඩංගුවට පත් වන අතර එහිදී ඔවුන් එම නිලධාරීන් හමුවේ පවසන්නේ, “ශ්‍රී ලංකාව තුල දමිල ජාතිකයින් දැඩි අනතුරුදායක තත්වයකට මුහුණ දී තිබෙන බවත්, දිනෙන් දින ආරක්ෂක අංශ මගින් දමිලයින් සමූල ඝාතනය කරමින් සිටින බවත්” ය. යුද ගැටුම් අවධියේ පල වූ මාධ්‍ය වාර්තා, ඇතැම් දමිල ජාතිකයින්ගේ සහ මෙරට දෙශපාලනඥයින්ගේ ප්‍රකාශයන් පමණක් නොව ශ්‍රී ලංකාව තුල විටින් විට සිදුවන සාමාන්‍ය සිදුවීම් කෙරෙහි පවා මේ පිරිස් විසින් අදාල අංශවල අවධානය යොමු කරවා ශ්‍රී ලංකාව තුල ද්‍රවිඩයින්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් නැති බවට එරට නීති අංශ හමුවේ සනාථ කරවීමේ කාර්යයට සහාය වීම මෙම රාජ්‍ය නොවන සංවිධාන වලින් සිදු වේ.

මෙවන් පිරිස් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වලින් මුදවාගෙන ඕස්ට්‍රේලියාව තුල ජීවත් වීම සඳහා “සරණාගත පදනම යටතේ ලැබෙන වීසා බලපත්” (refuge permit) ලබා දීම වෙනුවෙන් ම බිහි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන රැසක් ම පිටුපස සිටිනුයේ, ජාත්‍යන්තර එල්.ටී.ටී.ඊ. ජාලය බව දශක දෙකක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන දමිල පණිවිඩකරුවෙකු විසින් සිංහලයා පුවත් ඒජන්සියේ මෙම ලියුම්කරු හමුවේ ප්‍රකාශ කොට සිටියේ ය.

එසේම, මෙම කාර්යයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවෙ ඇතැම් ජන මාධ්‍ය, දේශපාලඥයින්, මානව හිමිකම් ක්‍රියාකාරිකයින් ඇතුළු බෝහෝ පිරිසක් ද ඉතා කූට ලෙස හවුල් කරගෙන ඇත.

ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ උසස් නිල තල දැරූවන්, හිටපු දමිල ජාතික පොලිස් නිලධාරීහු, හිටපු රාජ්‍ය නිලධාරීන් සහ ඕස්ට්‍රේලියාව තුල දැනය සේවය කරන දමිල ජාතික වෘත්තිකයින්ගෙන් ක්‍රියාත්මක මෙම රාජ්‍ය නොවන සංවිධාන වලින් ඇතැම් ඒවා ඕස්ට්‍රේලියාව තුල ලියාපදිංචිය පවා ලබා ගෙන තිබේ. මෙම රාජ්‍ය නොවන සංවිධාන වලින් සේවාවන් ලබා ගන්නා පුද්ගලයින් විසින් කිසිදු මුදලක් මුල දී ගෙවිය යුතු නොවන අතර, ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවශ්‍ය “සරණාගතභාවය” ලැබීමෙන් අනතුරුව ඒ ඒ පුද්ගලයාගේ මාසික ආදායම (රැකියාව + එරට රජයෙන් මසික ව ලබා දෙන සමාජ ආරක්ෂණ අරමුදල් ) මත සියයට 20ක මුදලක් අදාල රාජ්‍ය නොවන සංවිධානය හරහා ජාත්‍යන්තර එල්.ටී.ටී.ඊ. අරමුදල් වෙත නිරතුරු සංසරණය වේ,.

  • ලීගල් ඒඩ්ස් ෆො ටැමිලියන්ස්
  • ටැමිල් කොමියුනිටි
  • ජස්ටිස් ෆො ඉනසන්ට්ස්
  • ඔස්ට්‍රල් ටැමිල් යුනියන්
  • ඔසීස් අගේන්ස්ට් ජෙනොසයිඩ්
  • ජැෆ්නා පීපල්’ස් ෆන්ඩ්
  • ග්ලෝබල් ටැමිල් ඊක්වලිටි
  • ඕස්ට්‍රේලියන් ටැමිල් ෆෙඩරේෂන්

ආදී ලිපි ශීර්ෂ මගින් හඳුන්වා ගන්නා මෙවන් රාජ්‍ය නොවන සංවිධානයක් ක්‍රියාත්මක වෙන ස්ථිර ස්ථානයක් පිලිබඳ ව කිසිදු සඳහනක් නොමැත. (මෙම ලැයිස්තුව තුල ස්ථිර ලිපිනයන් සඳහන් කොට තිබූ ඇතැම් සංවිධානයන් පිලිබඳ ව නිරීක්ෂණය කිරීම සඳහා අප එම ස්ථාන සොයා ගිය මුත් ඒවා වෙනත් පුද්ග්ලයින් සතු නිවාස වලට අදාල ලිපිනයන් බව තහවුරු විය.)

දැනට ඕස්ට්‍රේලියාවේ වෙසෙන සමස්ථ ද්‍රවිඩ ජනගහනයෙන් සියයට හැටක් ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූවන් වන අතර සෙසු පිරිස ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සංක්‍රමණය වූවන් වේ. එසේම එරට තුල නීති විරෝධී ව රැඳී සිටින තවත් බොහෝ දමිල පිරිසක් ද වන බව ඉහත සඳහන් කල පණිවුඩකරුවා විසින් සිංහලයා පුවත් ඒජන්සිය හමුවේ අනාවරණය කර සිටියේ ය.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *