රනිල් අපරාජිතයි, සජිත් ජාමෙ බේරගෙන, කරූ පිල දියවෙයි…

එක්සත් ජාතික පක්ෂයේ නායක, නියෝජ්‍ය නායක හා ජාතික සංවිධායක යන ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයින් පත් කරගැනීමට ඊයේ (19 වනදා) සිරිකොත එජාප පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුනු රහස් ඡන්දයේ ප්‍රථිපල අනුව එජාප නායකත්වය සඳහා නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා පත්ව තිබේ.

සමස්ත ඡන්ද අතරින් ඡන්ද 68ක් ලබමින් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කර තිබූ අතර, ඒ මහතා සමග තරඟ කල කරූ ජයසූරිය මහතා ලබාගෙන තිබුනේ ඡන්ද 26ක් පමණි.

එසේම, නි‍යෝජ්‍ය නායක ධූරය සඳහා සජිත් ප්‍රේමදාස හා රවී කරුණානායක යන මහත්වරුන් තරඟ වැදුනු අතර, සජිත් ප්‍රේමදාස මහතා ඉන් ජයගෙන තිබේ. ජාතික සංවිධායකවරයා ලෙස පත්ව ඇත්තේ, දයා ගමගේ මහතායි. ඔහු සමග තරඟ වැදුනු අනෙක් පුද්ගලයා වන්නේ දයාසිරි ජයසේකර මහතා යි. පක්ෂයේ මහලේකම් සුපුරුදු පරිදි තිස්ස අත්තනායක මහතා යි.

ඡන්ද ප්‍රතිපල නිකුත් වීමත් සමගම සිරිකොත පක්ෂ මූලස්ථානය අසළ කිසියම් නොසන්සුන්කාරී තත්වයක් උද්ගත වූ අතර කලහකාරී ලෙස හැසිරුනු පිරිස්, සිරිකොත පරිශ්‍රයේ ගොඩනැගිලි හා එහි නවතා තිබූ වාහන වලට ද දැඩි අලාභ හානි සිදුකිරීම හේතුකොට ගෙන තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් සිරිකොත ඉදිරිපිට සියළු මාර්ග තාවකාලිකව වසා දමන්නට යෙදිණි.

 

- සිංහලයා පුවත්

 

 

 

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>