ජෝන් අමරතුංග එජාප නායක සටනට..!

ජෝන් අමරතුංග ගේ සටන රනිල් එක්ක ද? කරූ එක්ක ද?

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය සඳහාවන අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින මොහොතක පක්‍ෂ නායකත්වයේ දීර්ඝ කාලීනව රැඳී සිටීමේ අභිලාශයෙන් පසුවන රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහත්වරුන් සමඟ තුන්වන පාර්ශවයක් ද සටනට අවතීර්ණ වීමට සූදානමින් සිටියි.

ඒ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා ය.
පක්‍ෂය තුළ තම ජ්‍යෙෂ්ඨත්වය සළකා බැලීමේ දී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු නායකත්වය දැරීම සඳහා කරු ජයසූරිය මහතාට වඩා තමන්ට සුදුසුකම් ඇති බව ජෝන් අමරතුංග මහතා පවසා සිටියි. ජෝන් අමරතුංග මහතා 1978 ව්‍යවස්ථාව යටතේ ‘චිට්’ ක්‍රමයට පාර්ලිමේන්තුවට පිවිසි ප්‍රථම මන්ත්‍රීවරයා ලෙස වාර්තාගත වේ. එම ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා පත් කර ගැනීමට පක්‍ෂ නායකත්වයට හැකියාව ලැබුණි.

තවද ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග සහ රනිල් වික්‍රමසිංහ යන අයගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්‍ෂ රජයන්හි ජෝන් අමරතුංග මහතා ප්‍රධාන අමාත්‍ය තනතුරු කිහිපයක් හොබවා ඇති අයෙකි.

 

( අනුග්‍රහය: LANKAPUVATH.LK ).

Shortlink:

Share This Post

One Response to ජෝන් අමරතුංග එජාප නායක සටනට..!

  1. nayakayek thora ganna bari paksayak ratak koranne komei unnahe.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *