කුණු රසට ඉඩ නැති, TV කෑලි නැති,
කියන කතා නැති,
කාමය සහ ප්‍රචණ්ඩත්වයට තැනක් නැති,
ජාතික මට්ටමේ පුවත් සහ හරවත් ලිපි වෙනුවෙන් ම වෙන් වූ,
සිංහලයා පුවත්!
- 2002 සිට මේ දක්වා සයිබර් මාධ්‍යමය පරිණතබව..
දේශපාලන විසඳුමකට පූර්වාරම්භයක් වශයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශ එක් කර, පොලිස් හා ඉඩම් බලතල පලාත් සභා වලට ලබාදෙන ලෙස සහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් කල යෝජනා රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තාවේ.
සියළු ජනකොටස් වලට සාධාරණ වන දේශපාලන විසඳුමක් සඳහා යැයි පවසමින් ටී.එන්.ඒ. හෙවත් ද්‍රවිඩ ජාතික සන්ධානය කලක පටන් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා පවත්වමින් සිටින අතර, දෙපක්ෂයේ නියෝජිතයින් අතර පසුගිය 06 වනදා පැවැත්වුනු සාකච්ඡා වටයේදීයි මේ යෝජනා ඉදිරිපත් වී ඇත්තේ.
ද්‍රවිඩ සන්ධාන නියෝජිතයින් විශ්වාසය පලකරන පරිදි, රජයේ නියෝජිතයින් සමග අදාල යෝජනා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ඉඩ ප්රස්ථා පවතින අතර, රජය පාර්ශවයෙන් පවසන්නේ එම යෝජනා සඳහා එකඟ වීමට නොහැකි බවයි.
– සිංහලයා පුවත්
Shortlink:
![]() |
||
![]() |
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විනය පාලක සහ විනය ආරක්ෂක නිලධාරීන් විසින් එම විශ්ව විද්‍යාලයේ, පශු වෛද්‍ය…
December 10, 2016 / 2 Comments / Read Moreඋතුරු දකුණු "සංහිඳියාව" වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන්…
December 7, 2016 / No Comment / Read More
LTTE eka ussagena ewidinawa thawama ! idam polis newei denda tiyenne munta !!! me wage paksha atawagena inda dena ekath weradiy, me wage thrasthawadiyo elawandai tiyenne monama sakachchawakwath nathuwa !!!
TNA, එකත් ඉල්ලන්නෙ LTTE ත්රස්තවාදීන් ඉල්ලපු දේවල්මයි.ඕනම ජාතියක මිනිස්සුනට ලංකාවෙ ඕනම තැනක ඉන්න පුලුවන් අපි ජාතිවාදී මිනිස්සු නෙමෙයි නමුත් මේ අය දැනගත යුතුයි මේ සිංහල රට බෙදා වෙන්කල නොහැකි බව. අනෙක LTTE ත්රස්තවාදීන් විනාශ කරන්න අපේ කොල්ලො දාස් ගානක් ජීවිතපුද කර හා තුවාල වුනේ ත්රස්තවාදීනම ඉල්ලපු ඉල්ලීම් මේ අයට දෙන්න නෙමෙයි.
Oya kiyana tika denna num udda karala jeewitha nethi kara gaththe mokatada. Munwatha hemihita eka denna bawala danne nethuwa hari yanne neha. munta hondin kiyala hariyanne neha wage.
api ekata kamathi nha lankaw 2ta bedanna hadanne t n a karayo