Tour De Sri Lanka Youth ජාතික පාපැදි සවාරිය – මඩකලපුවෙන් ගමන් අරඹයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය (සංරක්ෂිත ඡායාරූප )

ජාතික තරුණසේවා සභාව, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරන “ශ්‍රී ලංකා යූත් පාපැදි සවාරිය” හෙට (08 වනදා) මඩකලපුවෙන් ගමන් අරඹයි.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය මත අදියර තුනක් (03) යටතේ පැවැත්වෙන පාපැදි සවාරිය 08,09,10 තෙදින තුල කාත්තන්කුඩි, පට්ටිරිප්පු, කල්මුණේ, සමන්තුරේ, අම්පාර, දමන, පල්ලේවෙල සිට සියඹලාණ්ඩුව දක්වා පළමු දිනයේත්, සියඔලාණ්ඩුවෙන් ආරම්භ කර කොඩයාන, මොණරාගල, බුත්තල, වැල්ලවාය, තණමල්විල, ලූණුගම්වෙහෙර, තිස්සමහාරාම සිට මිරිජ්ජවිල, අම්බලන්තොට දක්වා දෙවන දිනයේදීත් රන්න, තංගල්ල, දික්වැල්ල හරහා මාතර දක්වා තෙවන දිනයේදීත් පැවැත්වේ.

තරගයේ ජයග්‍රාහකයාට මෝටර් රථයක් පිරිණමන අතර දෙවන, තෙවන, සිව්වන සහ පස්වන ස්ථාන දිනාගන්නා තරගකරුවන්ට පිළිවෙළින් රුපියල් ලක්ෂ 03 ක්, ලක්ෂ 02 ක්, ලක්ෂයක් සහ හැත්තෑපන්දහසක්ද පිරිණැමීමට කටයුතු යොදා තිබේ.

මීට අමතරව 06 වන ස්ථානය සිට 10 ස්ථානයේ දක්වා ජයග්‍රාහිකයන්ට රුපියල් 50,000/- බැගින්ද, 11 වන ස්ථානයේ සිට 15 ස්ථානය දක්වා රුපියල් 40,000/- බැගින්ද, 16 වන ස්ථානය සිට 25 වන ස්ථානය දක්වා රුපියල් 25,000/- බැගින්ද, අදියර තුනේදීම තරගය නිමකරන සියලූම තරගකරුවන්ට මුදලින් රුපියල් 5000/- බැගින්ද ප්‍රදානය කරන අතර අදියර තුනේදීම පළමු, දෙවන සහ තෙවැනි ජයග්‍රාහකයින්ට පිළිවෙලින් රුපියල් 10,000/-,7500/- සහ 5000/- බැගින් පිරිනැමීමට නියමිතය. තවද තරගාවලියේ කණ්ඩායම් ශූරතාවය සඳහා මුදලින් රුපියල් 50,000/- ක් පිරිනැමීමට නියමිත අතර සියලූම තරගකරුවන්ට උපරිමය රුපියල් පන්ලක්ෂයක් දක්වා වූ රක්ෂණ ආවරණයක් ශ්‍රී ලංකා රක්ෂණ භාරකාර අරමුදල මඟින් ලබාදී තිබේ. ඊට අමතරව තරගයේ සෙසු පහසුකම් සපයන්නන් සියලූදෙනාමද රක්ෂණය කර ඇත.

මෙම සියලූ ත්‍යාග සඳහා හිමිකම් ලැබිය හැක්කේ පළමුවැනියා තරගය නිම කිරීමෙන් විනාඩි 45 කට පසු තරගය නිමකරන සෙසු තරගකරුවන්ට පමණි.මෙම තරගය රේසිං පාපැදි සඳහා පමණක් වන අතර, එය පිරිමි තරගකරුවන්ට පමණක් සීමා වේ.

 

- සිංහලයා පුවත්

 

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>