නොවැම්බර් 18 ඉදිරියේ අභිමානයෙන් පෙළ ගැසෙමු.!

වසර 2005 නොවැම්බර් 18 වනදාට පෙර නම්, ශ්‍රී ලාංකිකයින්ට නොවැම්බර් 18 වනදා කිසිදු විශේෂත්වයක් නොවිණි. නමුත් 2005 නොවැම්බර් 18 වනදා වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය මෙන්ම ජන්ම දිනය ද යෙදී ඇති බැවින් ඒ දිනය නිමිතිකොට ගෙන විවිධ උත්සව හා නා නා විධ ක්‍රියාකාරකම් සිදුවනු දක්නට ලැබේ. මේවායේ පෙරමුණ ගෙන සිටින්නේ ජනපතිවරයා වටා ප්‍රශස්ති ගී ගයමින් සිටින නූගත් පුද්ගලයෝ රැසකි.

මෙවර ද එසේමය. කොළඹ විහාර මහ දේවි උද්‍යානය ඉදිරිපිට නොමෑඩ්ස් ක්‍රීඩාංගනයේ ඉදිකල රංග ශාලාව ජනපති අතින් විවෘත වන්නේ නොවැම්බර් 18 වනදා ය. දක්ෂිණ අධිවේගී මාර්ගයත් විවෘත කිරීමට යොදා තිබුනේ නොවැම්බර් 18 වනදා වුව ද, පසුව එය 27 වනදාට කල් දැමිණි. ඒ නොවැම්බර් 18 වෙනිදා ට ම විවෘත කරන්නට මෙරට බූරු ඇමතිවරුන්ට තිබූ තදියම පරයා එම මාර්ගය ඉදිකිරීමේ වැඩකටයුතු නිම වී නොතිබීම යි.

ඒ අතරම ගොවි ජන සේවා හා වනජීවී ඇමති එස්. එම්. චන්ද්‍රසේන මහතා විසින් නොවැම්බර් 18 වනදා සිට පුරා වසරක් කිරිබත් දන්සැලක් දෙන්නට සැරසේ. ඒ ජනපතිවරයාට තිබෙන අපල උපද්‍රව නැතිවන්නට ය. අපල වලින් බේරාගත යුත්තේ මහජනතාව ය. ජනපතිවරයා ගෙන් ලකුණු දමා ගැනීමේ අරමුණින් අපගේ බූරු ඇමැත්තන් කරන මේ වැඩ ඔවුන්ට “මෝඩ ආතල්” දුන්නාට පිටතින් බලන කල මේවා සැබවින් විහිළු සහගත ය. මන්ද මේවා එතරම් ම හාස්‍යජනක මෙන්ම ළාමක වැඩ ය. නොවැම්බර් 18 වනදා කිසියම් වැදගත්කමක් ඇති වුව ද, එය ඇත්තේ ජනපතිවරයාට හෝ ඔහුගේ පවුලේ උදවියට ම මිස හුදී ජනතාවට නොවේ. ජනතාව සිය කැමැත්තෙන් ජනපතිවරයාගේ උපන් දිනය සැමරීමට ඉදිරිපත් වේ නම් ඒ වෙනම කතාවකි.

කොහේ හෝ ගොඩනැගිල්ලක්, ක්‍රීඩාංගනයක් ඉදිවුවහොත් එය නම් කෙරෙන්නේ “මහින්ද රාජපක්ෂ” යන කොටස ද සහිතව ය.
(එම ඉදිකිරීම වූ ස්ථානයේ ඇති සමරු ඵලකය යනු පැදුරක් මෙන් දිගැති නම් ලැයිස්තුවකි. එනම්, “අසවලාගේ සිතිවිල්ලක් අනුව, අසවලාගේ ආශිර්වාදයෙන්, අසවලාගේ සැලැස්ම අනුව, අසවලාගේ ඉල්ලීම පරිදි, අසවලාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුම විසින්, අසවල් දිනයේ දී ජනතා අයිතියට පත් කල වගයි..” යන්නෙනි..)

වරාය, පාසැල්, ක්‍රීඩාංගන මෙසේ නාමකරණය වී අවසන් ය.

රජයක් වැඩ කලයුතු ය. ජනපතිවරයෙක්, අගමැතිවරයෙක්, රජයක්, ඇමතිවරුන්, නිලධාරීන් පත් වන්නේ ද වැඩ කරන්නට ය. නමුත් ඒ සියළු දෙයක් ඉදිරියේ ම ජනපතිවරයාගේ නම ඉස්සරකොට ගැනීමේ අවශ්‍යතාවක් නැත. මේ නම් දමන ආකාරයෙන් කවදාක හෝ රජය විසින් ඉදිකෙරෙන පොදු වැසිකිලියකට ද “මහින්ද රාජපක්ෂ පොදු වැසිකිලිය” ලෙස නම් කරන ලද්දේ නම් ඉන් පුදුම විය යුතු නැත්තේය. අපේ බූරු ඇමැත්තන් අතර ලකුණු දමා ගැනීමේ තරඟය එතරම් ම බලවත් බැවිනි.

වරෙක, ජාතික වැදගත්කමක් ඇති කිසියම් කරුණක් සම්බන්ධ ව සිංහලයා පුවත් ඒජන්සිය විසින් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය භාර උසස් ම නිලධාරියෙකුගෙන් කල විමසීමක දී, එම නිලධාරියා මුලින් ම කලේ, අදාල කරුණ පසෙක තබා දුරකතනය ඔස්සේ මිනිත්තු 15ක් තිස්සේ ජනපතිවරයාගේ ගුණ ගැයීම ය. අවසානයේ දී අදාල කරුණ වෙනුවෙන් මිනිත්තු 2ක කාලයක් මිඩංගි කිරීමට හේ කාරුණික විය. අද රාජ්‍ය සේවයේ තත්වය මෙයයි.

නූගත් මෝඩයින් සුළුතරයකගේ මෙම ළාමක වින්දනයන් මගින් පහර වදින්නේ ජනපතිවරයාගේ අභිමානයට ය. මොවුන් පාවිච්චි කරන්නේ ජනපතිවරයාගේ නාමය යි.. ජනපතිවරයා ගේ නාමය හයියක් කොට සිතන පතන සහ සමාජයේ වැජඹෙන මොවුහු පිලිබඳ නෑසූ කන් ව, නුදුටු දෑස් ඇති ව සිටින්නේ ද ජනපතිවරයා ම ය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා සම්බන්ධව සුදු කොඩි නඩුවේ තීන්දුව හෙට (18 වනදා) කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය. පුරා වසරකට ආසන්න කාලයක් තිස්සේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වූ “සුදු කොඩි නඩුව” නම් කුමක්දැයි අමුතුවෙන් කියා දිය යුතු නොවේ.

2011 නොවැම්බර් මස18 වනදා, එනම් ජනපතිවරයාගේ උපන් දිනයේ ලබාදෙන තීන්දුව කුමක් වුව ද, එයින් සමස්ත රටකට සිදුවූ හානිය ආපසු හැරවිය නොහැක. මීට වසර දෙකකට ඉහත දී එක් අරමුණක් වෙනුවෙන් පෙළගැසී එක්සත් වූ ජනතාවෝ, සරත් ෆොන්සේකා මහතා ගේ දේශපාලන වේදිකාව අරභයා නැවතත් භේද භින්න වූහ. සරත් ෆොන්සේකා මහතා ගේ දේශපාලනය පිළිබඳව අපට ප්‍රශ්නයක් නැත. නමුත් ජනතාවක් ලෙස, සමස්ත රටක් ලෙස අප තවමත් ඔහුගේ ප්‍රකාශයන් හි විපාක විඳින්නෙමු. අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවට එරෙහි විදෙස් රටවලට ද අවශ්‍ය කොට තිබුනේ එයයි. ජාත්‍යන්තර මාධ්‍ය විසින් කෙළ හලමින් ඉල්ලා සිටි දෙය ද එය යි.

නමුත් මේ සියල්ල අතරේ, මෙවර නොවැම්බර් 18 වනදා ජනතාවට වැදගත් වන්නේ සමස්ත අධිකරණ පද්ධතිය පිළිබඳව ඔවුන්ට තවමත් විශ්වාසයක් ඇති බැවිනි.

ඒ කතාවේ එක් කොටසකි. නමුත් ත්‍රස්තවාදී යුද්ධය අරභයා සරත් ෆොන්සේකා නම් යුද සෙන්පතියාගෙන් සිදුවූ මෙහෙය අනූපමේය බව දේශප්‍රේමී ඕනෑම ශ්‍රී ලාංකිකයෙක් පිලිගනියි. එවන් සම්පතක් හදිසියේ සිය රටට හෝ රජයට එරෙහි වන්නට තරමට ම රජය පාර්ශවයෙන් ද කුමක් නමුත් අවැඩක්, අඩුපාඩුවක් හෝ මග හැරීමක් සිදුවී ඇති විය යුතු ය. වාසි පිලට හෝයියන්, හෙංචයියන්, ප්‍රශස්තිකාරයින් වැනි වැදගැම්මකට නැත්තවුන් පිරිවරා ගෙන් ආණ්ඩුව මේ “පිස්සු කෙළින” ආකාරයට එය එක් අතකට පුදුමයක් ද නොවේ.

 

- සිංහලයා පුවත්
( බූටෑවේ රාළ වන මවිසින් අබුද්දස්ස කාලේ හතර කොණ හිංගලයින් වෙත ලියා දැන් වූ වගකි…)

 

අදාල අනෙකුත් පුවත්:

 

 

Shortlink:

Share This Post

2 Responses to නොවැම්බර් 18 ඉදිරියේ අභිමානයෙන් පෙළ ගැසෙමු.!

  1. GENARALGE PRAKASHAYEN WECHCHA HANIYAK NEHE. HEBEYI EKA ACHCHARU DAGENA CHANDE DINANNA MAHINDA CHINTHANAKARAYO NATAPU NEYYADAMA NISA NAM LOKU HANIYAK UNA THAMAI.

    E WAGEMA JANAPATHIGE UPAN DINAYATA YHAMANTA ONA KARANA THEENDUWAK LABADENA THARAMATA APAKSHAPATHA USAWI PADDATHIYAK RATE THIYENA BAWA LOKAYAMA ADA DENA GATHTHA EKA KATAWATH PRASHNAYAK WENNE NETHTHE AYI.

    MEKADA KIYAPU ASHCHARYA. ANDOMEYI.

    PURAN APPU.

  2. API HITHUWA IHALAMA THEN KONDA PANA NETHI UNATH MEDA HARIYE KONDA PANA ATHI KIYALA. ETH MEDA HARIYETH 2/3 K PANA NETHIWELA THIBUNA NISA PANA THIBUNA 1/3 TATH THANIYEN KELIN KARANNA BERI UNA. ETH API E 1/3 NIYOJANAYA KALA GARU UTHUMANANTA HADAWATHINMA GARU SARU ATHIWA DEERGAYUSHA PATHANAWA. ANITH 2/3 TA AYETH …… ….GENA PARE BEHELA YANNAWATH, THAMAN IDIRIPITATA ENA HINGANNEKGE MUHUNA DIHA KELIN BALANNAWATH PULUWAN THARAME ABHIMANAYAK, ATHMA GAWRAWAYAK THIYENAWADA.

    MONAWA UNATH APE WEERAYATA ONAMA JAGATHEKUGE MUHUNA DIHA KELIN BALANNA PULUWAN ABHIMANAYAK, ATHMA GAWRAWAYAKA THIYENA BAWA RATAMA DANNAWA.

    APE WEERAYATA DEERGAYUWEWA.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>