යුරෝපයේ කොටි – කොටි වලි

නෝර්වේ රාජ්‍යය තුල සිටින කොටි හිතවාදීන් මෙහෙයවන තැනැත්තා යැයි කියාගන්නා නදියවාන් නමැත්තාගේ සමීපතමයින් පිරිසකට පසුගියදා ප්‍රංශයේ දී එල්ල වූ ප්‍රහාරය කොටි ත්‍රස්ත හිතවාදීන් අතර පවතින අභ්‍යන්තර අරගලයේ ප්‍රතිඵලයක් බව අනාවරණය වී ඇත. මේ ප්‍රහාරය ප්‍රංශය තුල ක්‍රියාකාරී එහෙත් නදියවාන්ට එරෙහි කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයක් බව පැවසේ.

මේ අරගල වලට ප්‍රධාන හේතුව කොටි ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යැයි කියමින් එක් රැස් කරන්නාවූ අරමුදල් බවත්, විවිධ උත්සව සංවිධානය කිරීමේදී පවා මේ කොටස් අතර පවතින තරඟයට හේතුව ඒ වෙනුවෙන් එක්වන ධනස්කන්ධය බවත් වාර්තාවේ.

මේ අතර, නදියවාන් විසින් දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් හා සහභාගිවන්නන්ට සියළු පහසුකම් සපයමින් කැනඩාවේ කුවීන්ස් උද්‍යානයේ සංවිධානය කල “පොංගු තමිල්” නම් උත්සවයට ලැබුණු ජන සහභාගීත්වය පෙර උත්සව වලට වඩා ඉතා අඩු මට්ටමක පැවති බවද සඳහන් වේ.

 

– සිංහලයා පුවත්

 

 

Shortlink:

Share This Post

One Response to යුරෝපයේ කොටි – කොටි වලි

  1. you must read keerthi warnakulasuriyas book the buthcer it will expose the tratiors who supported the tigers we salute this great writer about this book and the publishers the godage brothers

Leave a Reply

Your email address will not be published. Required fields are marked *