උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාව මහජනතාවට මුදා හරින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. අදාළ වාර්තාව මේ මස මැද භාගයේ දී නිකුත් කිරීමට නියමිත අතර, එය මුලින්ම භාර දෙනු ඇත්තේ ජනාධිපතිවරයා වෙතයි.
ඉන්පසුව එය මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කොට ඇති බවයි සඳහන් වන්නේ. කොමිසමේ වාර්තාව වෙත බොහෝ බටහිර රටවල හා අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන වල අවධානය යොමුවී තිබීමත් විශේෂත්වයක්. ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරීම මේ පාර්ශව වල ඉලක්කය වීම ඊට හේතුවයි.
ත්රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුම් පැවති කාලයේ සිදුවූ සිද්ධීන් පිළිබඳ විමර්ශනයට ජනාධිපතිවරයා විසින් අට පුද්ගල උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම පත් කලේ වසර 2010 දීයි. කොමිසමේ අවසන් වාර්තාව සකස්වනු ඇත්තේ කොමිසම වෙත ලැබුණු වාචික සහ ලිඛිත සාක්ෂි සියල්ල පදනම්කොට ගෙනයි.
- සිංහලයා පුවත්
Shortlink: