භාරතයි දුමින්දයි ගහගෙන- බිම වැටී සිටි භාරතට දුමින්ද වෙඩි තියලා- භාරතගෙ අය දුමින්දට වෙඩි තියලා

යාවත්කාලීන – 2 (2011 ඔක්, 09 වෙනි දින 11.36 වන පැය)

අද සවස මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අතර කාලයක සිට පැවති ආරවුලක් උත්සන්න වීමෙන් ඇතිවූ සිද්ධියක ප්‍රතිඵලයක් බවයි සඳහන් වන්නේ.

සිදුවීමෙන් අනතුරු ව අදාල ස්ථානයට ගිය අප සිංහලයා මාධ්‍යවේදියා (ලද තොරතුරු අනුව) වාර්තා කරන පරිදි මේ පහර දීම සහ එහි යටගියාව මෙසේයි.

“වරකට එක් වාහනයක් පමණක් යෑමට ඉඩ ඇති, ප්‍රදේශයේ එක්තරා පටු මාවතකදී මීට ටික කලකට පෙර දිනක භාරත ලක්ෂ්මන් මහතාගේ හා දුමින්ද සිල්වා මහතාගේ වාහන දෙකක් මුහුණට මුහුණ හමුවී ඇති අතර කිසිවෙකුත් තම වාහන පිටුපසට ගැනීමට උත්සාහ අරන් නැහැ. පසුව තම වාහනයෙන් බැස ආ භාරත ලක්ෂ්මන් මහතා දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ රියදුරාට තදින් කණේ පහරක් එල්ලකොට තර්ජනය කොට තිබෙනවා තමන් දුමින්ද ට පෙර මෙම ප්‍රදේශයේ සිටි බවත්, එහි සෙල්ලම් දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, රියදුරාගේ මහ මිනිහාටත් තමන් මෙසේම සලකන බවත් භාරත ලක්ෂ්මන් මහතා පවසා තිබෙනවා. පසුව දුමින්ද සිල්වා ගේ වාහනය එතැනින් ඉවත් කරගත්තත් දෙදෙනා අතර කෝන්තරය තීව්‍ර වී ඇත්තේ මේ සිද්ධිය නිස යි.

පසුව අද, දුමින්ද සිල්වා විසින් මුල්ලේරියාව ප්‍රදේශයේ ඉතා කලහකාරී ලෙස හැසිරෙමින් භාරත ලක්ෂ්මන් මහතාගේ ආධාරකරුවන් දෙදෙනෙකුගේ නිවෙස් වලට ද ප්‍රහාර එල්ලකොට තිබෙන අතර, භාරත ලක්ෂ්මන් මහතා ද ඒ පිලිබඳ ව සොයා බැලීමට ගොස් එන අතරතුරයි මේ දෙදෙනා මුහුණට මුහුණ හමුවුනේ.. තමන් සමග තනිවම ආයුධ නොමැතිව සටනට එන ලෙස දුමින්ද සිල්වා විසින් කල අභියෝගය භාරත ලක්ෂ්මන් විසින් පිළිගත් අතර, දෙදෙනාගේ සටනින් භාරත ලක්ෂ්මන් මහතා පහර කා බිම වැටී සිටින අවස්ථාවේ දුමින්ද සිල්වා විසින් ඔහුට මුලින් ම වෙඩි තබා ඇති බවයි සඳහන් වන්නේ.. (තවත් ආරංචි මාර්ගයක් පවසන්නේ දුමින්ද සිල්වා ගේ සහායකයෙකු විසින් මුලින් ම භාරත ලක්ෂ්මන් මහතාට වෙඩි තැබූ බව යි.) පසුව දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් හට ගෙන තියෙනවා.. දුමින්ද සිල්වාටද වෙඩි 6ක් වැදී ඇති අතර ඉන් 2ක් ඔහුගේ හිසට ද වැදී තිබෙනවා.”

සමස්ත සිද්ධියම මැතිවරණය අරභයා දෙපාර්ශවය අතර ඇතිවූ කෝන්තරයක් බවයි අප මාධ්‍යවේදියා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

– සිංහලයා පුවත්

 

අදාල අනෙකුත් පුවත්:

 

Shortlink:

Share This Post

16 Responses to භාරතයි දුමින්දයි ගහගෙන- බිම වැටී සිටි භාරතට දුමින්ද වෙඩි තියලා- භාරතගෙ අය දුමින්දට වෙඩි තියලා

  1. Oya kaalakanni ohommama natiwenna ona

  2. MAHAEUN MEVIDIYATA ERAGANNAKOTA ASARANA PODI MINISUNTA MONA HAU HARANAKDA?(RATE WAGAKIWAYUTU AYA MEWATA GANNA TIRANA GENA API HODIN BALAGENA INNE,)

  3. Kohoma Unath Bharatha kiyannee mona weradi kalath tikak hari ara kalakanniyaa Duminda silva kiyana narumayata wada honda minihek…duminda silva kiyanne mulu ratatama kudu bedana ..ahinsaka kellonwa rape karana..ara anarkali wage patta gonnu thiyagena hitiya..upeksha wage thotha babala wenna hadana wesiyanwa loku karagaththaa amuma amu kalakanni ballek..;Muge aiiya gaththoth ratatama uooge radio chanel eken Kunu bedanawaa ..ithin mage prarthanaawa ekko muoo dan manda buddika pissek wenna onee nathnam marila yanna onee ape ratata thawath paaw nodii …anee mariyan…apita sthutuii..

  4. SAPARAMADHU JAYATILLEKE

    SINHALAYA SINHALAYA MARAGANNE DESHAPALANAYATA. KOHAMATAH DUMINDA KIYANA MODAYATA EGA THIBUNATA MOLE NAHE. ME YAKATA THIYANNE MUGE WAYASATA HARI YANA THARUNA KOLLEK ALLAGANA GAHAGANDAI. BHARATHA DHAN HATAKA VITHARA WAYASAKA MINIHEK. DUMINDAYAGE NAHARAK WADEI. KUDDO OHAMA THAMAI. DHAN API BALMU LANKAWE NEETHIYA KOHAMA KRIYATHMAKA WANAWADA KIYALA.

  5. අවි ගත්තෝ අවියෙන් නැසෙති කිවිවට කවුද මෙවට වග කියන්නේ මෙව වෙන්න දිල බලන් ඉන්න ඉහල ශද්ශපාලන නායකත්වය මෙවට වග කියන්න ඔන

  6. අපේ මාධ්‍ය තුල මම මේ සිදුවීම දැක්කෙ එකම විදිහකට. එක එක නිව්ස් වෙබ් සයිට් වලත්, කුණුරස හොයන ඕපාදූප වෙබ් සයිට් වලත් මේ සිදුවීම වාර්තා (ප්‍රමෝට්) කරල තිබ්බෙ ටීවී එකේ ගිය රූපරාමු වලින් විතරයි, ඒත් මේ සිද්ධියට සම්බන්ධ ආවේනික පුවතකට කියල තිබ්බෙ සිංහලයා වෙබ් අඩවියේ මේ පුවත විතරයි. සිංහලයාට ස්තුති.

  7. duminda kiyanne modayek, mahindatath pissu me vage madaviyo redda asse thiyagena inna. den ithin kano kano kiyala ke gahanda epa

  8. කම්මැලියා

    ආන්ඩුවත් දැන් මහින්ද චින්තන තන්ත්‍රාව අයින් කරල කේන්දරේ බලාගත්තොත් හොඳයි. මෙ අහක යන නයි ඔක්කොම මේක අස්සෙ දාගෙන කිච වෙන්නෙ නැතුව

  9. mage gama kolonnava. man dannava bharatha gena, harima hoda manussaya, minissunta hariyata udau karala thiyena me manussaya vage nemey duminda silva. sallalaya, harima modaya, ega vitharai, mole naha

  10. Nelum e. Pushpasiri

    Government has to be attention to seriously stop the Political violence soon. Otherwise the Sri lanka future will be an other Libia or Iraq

  11. ane muwah marila giyanam kalakanniya.

  12. අධීක්ශණ මන්ත්‍රි ගිය ගිය වේදිකාවට ගිහින් කතා පැවැත්වූ අපේ ආරක්ෂක ලේඛම්තුමා මේ දෙපිලෙන් කාගෙ පැත්තද දන්නෙනෑ ගන්නෙ…. මිනිස්සුන්ට එයා කෙරකහි ගරුත්වයත් තිබුණනම් ඒකත් නැති වෙනවා.

    • මොකක්ද මචං උදාර ඒ කේස් එක? පොර මොනාද කියැව්වෙ?

  13. Jagath Kithsiri wettasinghe

    naduth mahindage baduth mahindege

  14. dumuindaya must die or he should go to jail, i think ****** rajapaksa will help him to get free, im happy if both of got killed. bloody sri lankan politics sucks

  15. President Mahinda has to provide pistal for every one in Sri Lanka.Then they can protect from Politic suckers.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *