ඡන්දයේ ප්‍රචාරක කටයුතු අදින් අවසන්..

ලබන 8 වනදා පැවැත්වීමට නියමිත මැතිවරණයට අදාල සියළු ප්‍රචාරක කටයුතු අද (5 වනදා) මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් කලයුතු වනවා. මේ අනුව සියළුම පෝස්ටර්, කටවුට්, බැනර් මෙන්ම සියළුම පක්ෂ හා අපේක්ෂක කාර්යාල ද ඉවත් කලයුතුයි. ජංගම දුරකථන කෙටි පණිවුඩ හරහා කෙරෙන ප්‍රචාරක කටයුතු ද මෙයට අයත්.

මේ අතර, අද දිනය තුල ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් සිය අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ අවසන් රැළි ද සංවිධානය කොට තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් රැළිය කොළඹ කොස්ගස් හන්දියේත්, එක්සත් ජාතික පක්ෂයේ අවසන් රැළිය කොළඹ ජින්තුපිටියේදීත්, ජනතා විමුක්ති පෙරමුණේ අවසන් රැළිය කොළඹ මාලිගාවත්තේදීත් පැවැත්වෙනු ඇති.

 

- සිංහලයා පුවත්

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>