“රාජරත්නම් කොටි අරමුදල් ජාලයේ ප්‍රධානතමයෙක්” – එෆ්.බී.අයි.

මූල්‍ය හා දුෂණ වංචා සම්බන්ධව දැනට ඇමෙරිකානු ආරක්ෂක අංශ අත් අඩංගුවේ සිටින කුප්‍රකට ව්‍යාපාරික රාජරත්නම් නමැත්තා කොටි ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයූ ප්‍රධානතමයෙක් බව ඇමෙරිකානු එෆ්.බී.අයි. නිලධාරී පරීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

රාජරත්නම් මූල්‍ය වංචා, දූෂණ සහ කොටි ත්‍රස්තවාදීන්ට සහයෝගය දැක්වීම කොතරම් සූක්ෂමව සිදුකලාද යත්, එෆ්.බී.අයි. නිලධාරීන් විසින් ඔහු පිළිබඳව තොරතුරු එක් රැස් කිරීමට රාජරත්නම් ගේ ම සමීපතමයන්ගෙ සිරුරු තුලට රහස් චිප (Micro Chips) ඇතුළු කිරීමේ ක්‍රමවේද පවා යොදාගත් බවයි වාර්තා වන්නේ.

එෆ්.බී.අයි. වාර්තා අනුව රාජරත්නම්ගේ පියා පවා කොටි ත්‍රස්තයින් වෙනුවෙන් නොමසුරු ව මුදල් වැයකල අයෙක්. රාජරත්නම් තම සියළු දූෂණ ක්‍රියා සඳහා ව්‍යාපාරික සමාජය තුල තිබුණු පිළිගැනීම ආවරණයක් ලෙස යොදාගත් නමුත් කිසිම විටෙක සෘජුවම එල්.ටී.ටී.ඊ.යට සහයෝගය දක්වා තිබුනේ නැහැ. නමුත් එල්.ටී.ටී.ඊ.ය විසින් රාජරත්නම් ගේ ගැලියොන් ව්‍යාපාරය තුල ඉතා විශාල ලෙස මුදල් ආයෝජනය කර තිබුණා. එසේම එක් අවස්ථාවක රාජරත්නම් විසින් ඇමෙරිකාවේ ත්‍රස්ත ලැයිස්තුවෙන් එල්.ටී.ටී.ඊ.ය ඉවත් කිරීමට ඩොලර් මිලියනයක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීමටත් උත්සාහ කොට තිබුනා.

 

– සිංහලයා පුවත්

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *