අහමදිනිජාඩ්ගේ ප්‍රහාරයෙන් ඇමරිකාව නිරුවත් වේ..

අහමදිනිජාඩ්ගේ හදිසි ප්‍රහාරයෙන් ඇමරිකාව නිරුවත් වේ..“ත්‍රස්තවාදය පිටුදැක ලොව සාමය පැතිරවීමේ නාමයෙන් ඇමෙරිකාව ඇෆ්ඝනිස්ථානයේ සහ ඉරාකයේ දස දහස් ගණන් අහිංසක ජනතාව ඝාතනය කලා. ලොව සිදුවූ යුද අපරාධ වලට බටහිර රටවල සහාය ලැබුනා. සාමයේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ බොරුව නිසා රටවල් වලට බලපෑම් කිරීම හෝ බලය අල්ලා ගැනීම කිසිදා සමාව දිය නොහැකි වරදක්..” මෙසේ දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කරමින් ඉරාන ජනාධිපති මහමුද් අහමඩිනිජාඩ් ඇමෙරිකාවේ වෙස් මුහුණ ගැලෙව්වේ දැනට ඇමෙරිකාවේ නිව්යෝක් හි පැවැත්වෙන 66 වන එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ සිය කතාව අතරතුර ය.

පාකිස්ථානයේ ගංවතුර ආපදා තත්වයෙන් පීඩා විඳින ජනතාව වෙත සිය ශෝකය පලකරමින් සිය කතාව ඇරඹූ ඉරාන ජනපතිවරයා, ආගමත් මිනිසාත් අතර ඇතිවූ දුරස්ථභාවය ලොවට අයහපත් බලපෑම් එල්ල කර ඇති බව අවධාරණය කොට සිටි අතර අධ්‍යාත්මය නොදියුණු වූ මිනිසුන්ගේ පසුගාමීබව නිසා ලොව වහල් භාවය හා යටත් විජිතවාදය ඇතිවීමට හේතු වූ බවත්, අවසානයේ ලොව බොහෝ කොටසක් සීමිත බටහිර රටවල් ගණනක යටත් විජිත වූ බව ද ප්‍රකාශ කර සිටියේ ය,.

ඉරාන ජනපතිවරයා බටහිර රටවලට “දෙසන්නට” පටන් ගත්තේ මෙතැන් සිට යි.

“සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තවාදය මුළු ලොවටම තර්ජනයක් බවත් එය පිටුදැකීම හා ලොව ආරක්ෂා කිරීම උදෙසා ඇති එකම මාර්ගය ඇෆ්ඝනිස්ථානයේ හා ඉරාකයේ හමුදා සෙබළුන් ස්ථානගත කිරීම බව ලොවට ඒත්තු ගන්වනු ලැබුවා. මේ සැලැස්ම අනුව ඉතා ඉක්මණින් ඇෆ්ඝනිස්ථානයේත් මෙන්ම ඉරාකයේ හමුදා ස්ථානගත කලා. 9/11 ප්‍රහාරයෙන් 3000කට ආසන්න ජනතාවක් මියගිය බව පැවසුනා,..
නමුත් මතක තබා ගන්න. මේ වනවිට ඇෆ්ඝනිස්ථානයේ සහ ඉරාකයේ දස දහස් ගණන් අහිංසක ජනතාව ඝාතනය වී තිබෙනවා. මිලියන ගණන් තුවාල ලැබුවා. නමුත් ප්‍රශ්නය එතැනම යි. 9/11 ප්‍රහාරයට වගකිවයුත්තේ ඇමෙරිකාව මයි.
ඉතා බලවත් ත්‍රස්ත සංවිධානයක් ඇමෙරිකාව වැනි දියුණු බුද්ධි අංශ සිටින රටක ඒ සියල්ල අභිභවා පැමිණ ප්‍රහාර එල්ල කලා..
9/11 ප්‍රහාර පිටුපස සිටින්නන් ඇමෙරිකානු නිලධාරීන් සමග සබඳතා පවත්වා ඇති බවට සාක්ෂි ලැබුනත් ඇමෙරිකාව විසින්ම ඒවා විනාශ කරනු ලැබුවා. අවම වශයෙන් 9/11 ප්‍රහාරය ගැන නිදහස් පරීක්ෂණයක්වත් පැවැත්වූයේ නැහැ..

පසුව 9/11 ත්‍රස්තවාදී ප්‍රහාරය ඇමෙරිකාව තම වාසියට යොදාගත්තා. තමන්ගේ ආර්ථිකය බිඳ වැටීම සඟවා එය මැද පෙරදිග රටවලට පැටවීමට ඔවුන් මෙය යොදා ගත්තා. මේ සම්පූර්ණ ක්‍රියාදාමය ඇමෙරිකාවේ ම සැලැස්මක් බවට අදහස බොහෝ රටවල් තුල පවතිනවා. අනෙක් අතට ත්‍රස්ත කල්ලියක් විනාශ කිරීමේ මෙහෙයුමකදී අහිංසක ජනතාව දහස් ගණනින් මරාදාන එක කොයි තරම් සාධාරණ ද ? අපි ඉරානයේ ත්‍රස්තයින්ට විරුද්ධව කල සටනේදී කිසිම අහිංසක වැසියෙකුට හානියක් සිදුවුනේ නැහැ. ඇයි ඒ ආකාරයේ මෙහෙයුමක් සිදු කරන්නට නොහැකි වුනේ?

9/11 ප්‍රහාරය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්විය යුතු බවට මා යෝජනා කරනවා. අවම වශයෙන් එවිටවත් මේ ප්‍රහාරය පිළිබඳව ඇති මත ප්‍රකාශ කරන්නට අනාගතයේදී ඉඩක් ලැබේවි.

ලෙබනනයට එරෙහි හා ගාසා තීරයේත් අහිංසක නිරායුද ජනතාවට එරෙහි බොහෝ ප්‍රහාර දියත් වුනා. පලස්තීනයට එරෙහි මෙහෙයුම් වලට බටහිර රටවල සහාය ලැබෙනවා. බටහිර හා යුරෝපීය රටවල් මහ ඉහළින් සලකන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියවත් අවම වශයෙන් ආරක්ෂා වී නැහැ. පලස්තීනුවන්ගේ අයිතීන් ගැන කිසිවෙක් සලකන්නේත් නැහැ.”

“ලොව පහල වූ දරුණුතම අවිය න්‍යෂ්ටික අවියයි. න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුම අත්සන් කල රටවල් සියල්ල අසීමාන්තිකව න්‍යෂ්ටික ශක්තිය භාවිතා කරනවා. න්‍යෂ්ටික අවි භාවිතය ලොවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කල යුතුයි. නමුත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංගමය කිසිදු සාධනීය පියවරක් ගෙන නැති බව මා ප්‍රකාශ කරනවා.. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලය නිශේධ බලය හිමි රටවල් කිහිපය වටා කේන්ද්‍රගත වෙලා. එ.ජා. සංවිධානයේ ප්‍රධාන කුළුන ලෙස පවතින මහා මණ්ඩලය නොසලකා හැරලා. පසුගිය දශක ගණනාවක් තුල ආරක්ෂක මණ්ඩලයේ එක් රටක් හෝ ප්‍රශ්නයක පාර්ශවකරුවෙක් වී තිබෙනවා.
විත්තිකරු හා විනිශ්චයකරු එකම පාර්ශවයක සිටින විට අපි කොහොමද සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වෙන්නෙ?

එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ලොව සාමය, සහජීවනය පවත්වා ගැනීම උදෙසා නිර්මාණය වූ මූලස්ථානය යි. නමුත් එය ප්‍රතිව්‍යහගත විය යුතුයි ලොව පාලනය, කළමණාකරණය සම්බන්ධ කාරණා වලදී සෑම සාමාජික රටකටම දායක විය හැකි ලෙස.. නිශේධ බලය ඉවත් කලයුතුයි. ඒ වෙනුවට මහා මණ්ඩලය ප්‍රධාන විය යුතු යි. මහ ලේකම්වරයා අතිශයින් අපක්ෂපාතී විය යුතුයි සෑම කටයුත්තක දී ම.. එසේම ඔහුට එසේ ක්‍රියාකරන්නට අවස්ථාව තිබිය යුතුයි. කිසිම විටෙක ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවතෙන රටේ බලපෑමට ලක් නොවිය යුතුයි. ඒ සඳහා ක්‍රියාකාරීව මැදිහත්වන්නට ඉරාන රජය සූදානම්..

නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය නම් ව්‍යාජ හේතුව ඉදිරිපත් කොට අනෙක් රටවල් පීඩාවට පත් කිරීම සහ බලය යෙදවීම සමාව නොදිය හැකි අපරාධයක් බව මා පැහැදිලිව ප්‍රකාශ කරනවා. බලය, යුද්ධය, ඒකාධිපතිවාදය, පාලනය වෙනුවට දැන් ලොවට අවශ්‍ය වන්නේ එකිනෙකා පිළිබඳව දයාව, යුක්තිය සහ එකමුතුබව පමණයි..”

මේ දැක්වෙන්නේ අහමදිනිජාඩ් මහතාගේ සම්පූර්ණ කතාව අඩංගු වීඩියෝ පටය යි..

එසේම, ලොව සාමදූතයා හා ආණ්ඩුකාරයගේ චරිත නිරූපනය කරන ඇමෙරිකාව සත්‍ය වශයෙන්ම ලොව සිදුවූ ඉතා දරුණු මිනිස් සංහාර මෙන්ම යුද අපරාධ වලට හවුල් බවට අහමඩිනිජාඩ් මහතා චෝදනා කලේ ය.

කෙසේ නමුත් ඉරාන ජනපතිවරයාගේ මේ දරුණු වාග් ප්‍රහාරය හමුවේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රැසක නියෝජිතයින්ට ශාලාවෙන් ඉවත්ව ව යාමට සිදුවීම ද විශේෂත්වයක්.. එනම් ඉරාන බටහිර රටවල් හුනස්නෙන් නැගිටුවන්නට ද ජනපතිවරයාගේ මේ කථාව ඉවහල් වී ඇති වගක් පෙනෙන්නට තිබේ..

නොසිතූ විරූ ලජ්ජාවකට ලක් වීමට සිදු වූ මේ අවස්ථාව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍ර වීමක් බඳු ම ය.

 

– සිංහලයා පුවත්

 

 

 

Shortlink:

Share This Post

34 Responses to අහමදිනිජාඩ්ගේ ප්‍රහාරයෙන් ඇමරිකාව නිරුවත් වේ..

  1. konda pana athuwa kala kathawak

  2. Well said leader,we appriciate. most of the countries in the world are well come your speech.

  3. konda pana thiyana sira porak. ape buruwo okkoma pora talk denne lankawa athule vitharane. vimal buwa ohetath puluwan nam me wage ungema thanakata gihin talk ekak denawako. ehema kaloth sira porak. habai karai kiyala thamai baya.

  4. අහමඩිජාන්ලගෙ ඉස්ලාම් අන්තවාදි ප්‍රාහාර වලින් ලංකාවත් දවසක නිරුවත් වෙයි.ඵදාට අහමඩිජාන්ලට කත් අදින අය ඵක්කො අැමරිකාවට පැනල යයි නැතනම් අැමරිකන් කාරයො ලගම දණින් වැටෙයි අපිව බෙිරගන්න කියල.

    • Wijesiri is true true true….those sri lankan fools cant understand the true situation of this Islamic terrorist. As u said if they started their terrorist activities in sri Lanka its worst than LTTE.They will kill anyone for their religion.Samahara aya mekata viruddawa comment karai..eith thiththa aththa meka thama.USA karayanta banina ewun danne nehe ,,Sunamiya gawas wala lankawe..Mathara indala Colombo walata thibuna Damage una schools serama USA Navy eken hadanna baragaddi Lankawe mahaloku komis kakko unta weda karanna nodi ayeth yawwa..un yaddi kiyala giye..umbalage rata diyunukaranna one nam umbalage me jara anduwa elawapan kiyala.Dan kiyay un awe hondakata newi un awe ratata athul wela unge dewal karaganna kiyala.Iran karayawa badagena balapan issarahata monada wenne kiyala.Ape rate palakayo wena ratawala ganan ganne nethi nisa ape un gihin ellenne oya wage eun ge ange. ratata deyyangema pihitai

      • aanduva gena thiyena vivechana venama katha karamu, meka venama deyak

      • Watch out before you flush the toilet after the big job.. you might flush your brains ..

      • Islamic Terrorist? hmm.. ane man danne umbalata monawa welada kiyala… just think this problem farely. 9/11 is an Inside job.. it’s well known by all. i like to ask you dat, which is the big , 3000 or beyond 10000?
        these are not numbers bro, these are human lives..

        If u r a Bhudist just learn it,
        1. Respect for all life in every form and every grade, without any distinction between man and animal [pāṇāipātāā veramaṇī],
        2. Respect for the right of others for ownership of their righteously acquired property and possessions [adinnādānā veramaṇī] which constitute their source of happiness in life [tuṭṭhijananakaṃ],
        3. Respect for propriety in sex relationships, pre-marital, marital and extra-marital [kāmesu micchācārā veramaṇī],
        4. Respect for honesty of word in speech and action [musāvādā veramaṇī],
        5. Personal concern to safeguard one’s sanity of judgement by abstaining from the use of drugs and intoxicants [surāmeraya- majja-pamāda-ṭṭhānā veramaṇī].

      • nikan muslim unta baninna epa yako..ehema unanam ltte inna kale unta set wenna thibbane… pissu wikarada??? ubala nisa apitath lajjay modayo

    • රටට කෙළවන්ඩ ගිහින් අර ඇමරිකාවෙ ඉන්න ලංකා ඊ නිව්ස් සඳරුවන් සේනාධීර වගේ සමහරුන්ට නම් ඇමරිකාව කියන්නෙ හරි ලොකු රටක් වෙන්න ඇති.. ඒත් ගොයියෝ අපේ රටේ හැමෝටම ඇමරිකාව වටින්නෙ නෑ. අන්න ඒ වගේ බල්ලො අන්තිමට ගිහින් නැවතෙන්නෙ ඇමරිකාවෙ තමයි.

  5. මෙන්න නියම පොරවල්…..අමෙරිකාවට රෙදි ගැලවෙන්නම කිව්වා……ජය වේවා සහෝදරයා..ජය වේවා”””””’

  6. අපේ අයගෙ වැරැද්ද තියෙන්නෙ හැම තැනටම දේසපාලනේ ගාව ගන්න එක. රාජපක්ෂල එක්ක තියෙන වයිරෙ වෙනම පිරිමහ ගමු.

  7. wijesirige kathave attakuth thiyenava, eth api me velave, yakagen beri nam yakage achchigenuth prayojanayak ganna one velawa

  8. Ape rata vinasa karana contract eka pita rata unta wada hondata ape rate un karanawa. THANHAWA, ASHAWA nisa. hariyata nomarenna awith wage podhi gaha gena innawa.

  9. Great,,,,,This is the best speech ever…

  10. ape Ranil goyiya nam kiwwe Iraq walata gahapu eka hondayi kiyala.

  11. me vage ayath enna ona.

  12. ane meyage kibul kadulu meyage rate chande welawe meya keeyak maruwada hora chanda keeyak dalada metenta awe suddawantaya wage kata karana hati meya kawda kiyala danno danithi

    • oya nikan linde inna thadi gembek wage. oya danne US wala gon media kiyana ewa witharai. US thamai nondi une meyage govt eka peralanna gihin. danne nathnam kagen hari ahala denaganna.

  13. well done Mr. President Iran, you are the very best person in the world……..God bless you….

  14. Finally, a man with a spine!
    But beware, US hates truth. Obama must be planning to hunt down you just like they did to Saddam Hussein & Gaddafi.

  15. Eelangata western countries wala ilakkaya wenne Iran…

  16. Sandaruwan kiyana wesige putha ape rata jaathiya kaka inne america we nevi inne UK wala..Uoo wage narumayek gana mathak karana ekath boruwadak ..
    uoo
    sunanda deshaapriya
    jayalath jayawardena
    wickramabahu karunarathne
    wage paharayo gana nikan wath mathak karala unta thanak denna narakai..unge ammala unwa wadala nevi thiyenne *****…????

  17. If it was an inside job, why did Osama accept it. This is totally a bullshit theory.
    Ahmadinajad is a dictator. Given the chance he will attack even Sri Lanka. According to them all Buddhists are infidels. By killing infidels Islamists go directly to Allah after death.
    But still it is true that the steps taken by Bush after 9/11 are not tactful.
    On the otherhand when someone comes to your doorstep and kills your family what would you do.

  18. eershyawa ain karala aththa piliganna purudu wenawa.me manussaya watina manussayek kiyala ugath kenekuta nam therai.ape rate uma oya hadanna udaw karapu menisek giya sathiye laksha 1000 widuliya nethi pradeshawalata laba dunna muslim minissunta waira karanne …………….? kala guna salakanna ugannala nedda? jathiwadayyen awurudu 30 watinaa minis jeewitha keeyak nam nethi wunada a yugaya yali awadi karala paw purawa ganna epa.ada lankawae samahara thenwala witharak nowe pitarateth lankawe minissu hema jathiyakma sahodarayo wage jeewath wenawa ai lankawa thula jathiwadaya awussanne.

  19. oba hariyata hari mamath enne pitarata.ape allapu gedara enne lankawe muslim pawulak a minissu adatath karana udaw walin aduwak nehe.awurudu 3 kalin mage birinda masa 3 gembiniyak mama wedata giyata passe mage birindata amaru wela daruwa gabsa wuna a ketha kunu pawa soda ayawa pirisidu karala ispirithale nawaththala mudal pawa gewala mage loku duwawa dawas thunak balaa gathyhe a watina minissu. mama merena thuru mata eka amathaka karanna behe.me rate eyala apita kisi wenas kamak pennane nehe.apita pawul pitin mehe indagena kenekuge udaw nethiwa jeewath wenna behe.mokada minissun wu apita mon welawe manawa weida kiyala api danne nenthi nisa.

  20. mewa balala minissu hedenna ona.minis kama kiyanne mekata.

  21. wijesiri ,shane wage aya main padamak egena ganna. jathiwadayen rata kanne nethiwa.api thirisannu nove minissu.hithanna ada uthuru negena hirin apita vada koteengen netni wune muslim minissu.

  22. roshan & bandara hari nikarune a minisunna baninne ai.eth ape rate katasak.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *