අපේ මුතුන් මිත්තන් ගේ වීරක්‍රියා හෝ තාක්ෂණය තමයි තවමත් මාර්කට් වෙන්නේ… – මධුර කුලතුංග

අපේ මුතුන් මිත්තන් ගේ වීරක්‍රියා හෝ තාක්ෂණය තමයි තවමත් මාර්කට් වෙන්නේ… – මධුර කුලතුංගමධුර කුලතුංග – අන්තර්ජාලයේ සැරිසරන ඔබ කවුරුත් පාහේ දන්නා මධුර සිංහල-ඉංග්‍රීසි, ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයේ නිර්මාණකරු..මෙරට තොරතුරු තාක්ෂණය වෙනුවෙන් නිහඬ සේවයක් කරන වටිනා කියන තරුණයෙකු නිසාම පසුගියදා සිංහලයා පුවත් ඒජන්සියේ අප එක්ක ඔහු සමග කල විශේෂ සම්මුඛ සාකච්ඡාවක් තමයි පහතින් දැක්වෙන්නෙ..

 

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආරම්භය හා පසුබිම කොහොම ද?

ද්වීතියික අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්.. ඊට පසුව වෙනත් වෙනත් ජාතික ආයතන වලින් තොරතුරු තාක්ෂණය, පරිඝණක සම්බන්ධ පාඨමාලා කලත් ඒවට කිසිම පිළිගැනීමක් තිබුනේ නැහැ. ඕනෑම ආයතනයක සම්මුඛ පරීක්ෂණ වලදී මාව ප්‍රතික්ෂේප වුනේ මට ජාත්‍යන්තර ආයතන වල පාඨමාලා කරලා සහතික නැති නිසා. ඒ නිසා මම පසුව මයික්‍රොසොෆ්ට් ආයතනයේ “සහතික ලත් පද්ධති ඉංජිනේරු” පාඨමාලාව හැදෑරුවා.

අපේ රටේ ජාතික වශයෙන් වෘත්තීය සුදුසුකම් ලබන්න ආයතන කොතෙක් තිබුනත්, හැමෝම සලකන්නේ පිටරටක හෝ වෙනත් ජාත්‍යන්තර ආයතනයකින් ලබාගත් සහතික තිබුණොත් පමණයි. පසුව මම මනිපාල් විශ්ව විද්‍යාලයට ඇතුළු වුනා උපාධිය හදාරන්න. එහිදී ඔවුන් මගේ සුදුසුකම් සලකා බලලා උපාධියට කාලය මිඩංගු කරනවාට වඩා එක්වරම උසස් උපාධිය කරන්න යෝජනා කලා. පසුව මම තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් උපාධිය හැදෑරුවා මනිපාල් විශ්ව විද්‍යාලයේ..

මධුර ශබ්දකෝෂය ගැන අදහස ආවේ අධ්‍යාපනය හමාර කරන වකවානුවෙ ම තමයි.. මට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව තරමක් ගැටළු තිබුනු නිසා මගේ භාවිතයට තමයි මේ වගේ දෙයක් කරන්න හිතුවේ මුලින් ම.. ඒ කාලේ පරිඝණක එතරම් බහුලව භාවිතා වුනේ නැහැ. අන්තර්ජාල පහසුකම් වුනත් කොළඹ නගරය තුල බොහෝ සීමිත පිරිසකට පමණයි තිබුනේ. මට අවශ්‍ය වුනේ අතේ ගෙනයා හැකි තරමේ කිසියම් උපකරණයක් මගේ ප්‍රයෝජනය තකා.. ඒ අනුවයි මේ උපකරණය මම නිර්මාණය කලේ.
නමුත් දැන් අන්තර්ජාලය හරහා බෙදා හැරෙන්නේ එය නොවෙයි.

මධුරගේ කුඩා කාලය..

මධුරගේ කුඩා කාලය..

දැනට අන්තර්ජාලයේ භාවිතා වන මධුර ශබ්දකෝෂය ගැන පැවසුවොත් ?
එහි දියත් කිරීම සහ මූලාරම්භය එහෙම?

මධුර ශබ්දකෝෂය කියන්නේ ඉංග්‍රීසි සිංහලයටත්, සිංහල ඉංග්‍රීසියටත් පරිවර්තනය කල හැකි ශබ්දකෝෂයක්. මම මෙහි වචන ඇතුලත් කලේ දැනට අප භාවිතා කරන මලලසේකර වැනි අනෙකුත් ශබ්දකෝෂ පරිශීලනය කිරීම මගින්. නමුත් දැන් ඔවුනුත් ඉලෙක්ට්‍රොනික ශබ්දකෝෂ නිර්මාණය කරන නිසා, දැන් මධුර ශබ්දකෝෂය ලබාගත හැක්කේ අන්තර්ජාලයෙන් පමණයි. මොකද මේ ශබ්දකෝෂ නිර්මාණකරුවන් ඒ සඳහා යොදවන කාලය සහ ඔවුන්ගේ පරිශ්‍රමය අප නොසලකා හැරිය යුතු නැහැ.

මධුර ශබ්දකෝෂය මුලින්ම එලිදැක්වූයේ 2007 වසරේ අගෝස්තු මාසයේ මගේ නිවසේ දී, වර්තමාන නිවාස හා ඉදිකිරීම් කටයුතු ඇමති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මධුර ශබ්දකෝෂය මුලින්ම දියත් වුනේ www.madura.lk නමින්.

පසුව මට එහි නම වෙනස් කරන්නට සිදුවුනා.
හේතුව මෙයයි. අමාත්‍ය විමල් වීරවංශ මහතා එවකට ඒ මහතා ජේවීපි යේ ප්‍රචාරක ලේකම්වරයා.. එතුමා පිළිබඳව පක්ෂයේ සෙසු අයට තිබුනු ඊර්ෂ්‍යාව නිසා එතුමාව පක්ෂයෙන් එලෙව්වා. නමුත් මගේ ශබ්දකෝෂය ප්‍රසිද්ධ වුනේ “ජේවීපි යේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් විවෘත කරනු ලැබූවක්” ලෙසින්.. මම එයට අකමැතියි. ජේ.වී.පී. ය කියන්නේ දුරස්ථ පාලකයක් ලෙස අපේ රට හසුරුවන්න හැකියාවක් තියෙන්නට තිබුනු එකල පිළිගත් පක්ෂයක්. නමුත් ඔවුන් පටු අරමුණු නිසා පක්ෂයට තිබුනු තැන නැති කරගත්තා වගේම ඔවුන් සමග සිටි ජනතාවගේ සිතුම් පැතුම් පවා ගණනකට ගත්තේ නැහැ. ජේවී.පී. ය සිදු කලේ ජාතික අපරාධයක්. ඒ නිසා ඒ වගේ නොවටිනා පක්ෂයක් සමග මගේ ශබ්දකෝෂයේ නම ඈදෙන්නට අවශ්‍ය නැති නිසා මම නම ශබ්දකෝෂය දියත් වුනු වෙබ් ලිපිනය වෙනස් කලා www.maduraonline.com නමින් ..

විශාල උත්සව, වෙළඳ ප්‍රචාර ලබාදී එළිදැක්වුයේ නැති වුනාට මධුරශබ්ද කෝෂය අන්තරජාලයෙන් භාවිතා කරන පිරිස ඉතා විශාලයි., දිනකට 20,000ක් පමණ.. අපේ රටේ බොහෝ ආයතන විශාල ප්‍රචාර ලබාදී, උත්සව පවත්වා අන්තිමේ එළිදක්වන්නෙ ඒ උත්සව වලටවත් නොතරම් දේවල්..

අපේ මුතුන් මිත්තන් කල වීරක්‍රියා, යොදාගත් තාක්ෂණය තමයි තවමත් මාර්කට් වෙන්නේ. ඒ ඇරෙන්න අළුතින් දෙයක් කිසිවෙක් කරන්නේ නැහැ. ඉතින් එවැනි ප්‍රචාර කිසිවක් නැතිව, දැනුම ලබාගැනීම උදෙසා යොදාගන්නා මධුර ශබ්දකෝෂයෙන් භෞතිකව පෙන්වන්නට නොහැකි අති විශාල සේවයක් සිදු වනවා.

 

මධුර ශබ්දකෝෂයේ තවත් දියුණු කරන්නට ඔබ අදහස් කරනවා ද ?

දැනට නම් එහෙම ලොකු අදහසක් නැහැ. ශබ්දකෝෂයෙන් මා බලාපොරොත්තු වූ සේවය දැනටමත් සිදුවන නිසා.
නමුත් මගේ අදහසක් තිබෙනව ඉංග්‍රීසි වචනයට අදාල සිංහල වචනය ලබාදෙන අතරම, සිංහල භාෂාව නොදන්නා අයෙකුට එම සිංහල වචනය ශබ්ද කරන ආකාරය ඉංග්‍රීසියෙන් දක්වන්නට හැකි ක්‍රමයක් සකසන්නට..

 

මෙයින් ඔබට ලැබෙන්නේ මොනවාද ?

මධුර ශබ්දකෝශයේ වෙබ් අඩවියේ ඇති ගූගල් දැන්වීම් වලින් ආදායමක් ලැබෙනවා. නමුත් ඒවා යෙදවෙන්නේත් වෙබ් අඩවිය සම්බන්ධ කටයුතු වලට පමණයි. ඒ ලැබෙන විදේශ විනිමය යෙදවෙන්නේ රටේ යහපත වෙනුවෙන්..

 

පසු සටහන:
ස්වෝත්සාහයෙන් තමන්ගේම සහෘදයින් වෙනුවෙන් කැපවී කටයුතු කරන මධුර කුලතුංග වැනි නිර්මාණකරුවන් තවත් අප අතර සිටිනවා. නමුත් ඔවුන්ට ඉදිරියට ඒමට, දක්ෂතා මුවහත් කරගන්නට පවතින ඉඩහසර නම් අවම යි.. මෙයට වඩා පන්නරයක් ඔවුන්ට වගකිවයුතු බලධාරීන්ගෙන් ලැබෙනවානම්..?
0777 310147 හරහා ඔබට මධුර කුලතුංගව සම්බන්ධ කරගත හැකියි..

 

– සිංහලයා පුවත්

 

 

Shortlink:

Share This Post

2 Responses to අපේ මුතුන් මිත්තන් ගේ වීරක්‍රියා හෝ තාක්ෂණය තමයි තවමත් මාර්කට් වෙන්නේ… – මධුර කුලතුංග

  1. Good luck Madhura I appreciate your wonderful effort… All The best

  2. මධුර ශබ්දකෝෂයෙන් වෙන සමාජ සේවය අගය කරන අතරම ‘DJRAZOR ‘ එනම් Dear jeusus reasure and zeal our road ‘(මධුර මධුර ශබ්දකෝෂ ය විවුර්ත කොට DJRAZOR ක්ලීක් කර බලන්න )යන පාඨය වෙතද සියුම්ව අවධානය යොමු කරන්න….මධුර ශබ්දකෝෂ ය සැදුවාට ස්තුති යි…. ඔබට තෙරුවන් සරණයි !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *