“ශ්‍රී ලංකාව සිය ආර්ථිකය සම්බන්ධව බාහිරව ලැබෙන හැම උපදෙසක්ම පිළිගන්නේ නැතිවේවි” – ශ්‍රී ලංකා මහ බැංකු අධිපති

 ශ්‍රී ලංකාව සිය ආර්ථිකය සම්බන්ධව තමන් වෙත ලැබෙන සෑම උපදේශයක් ම නොපිලිගත්තත්, තම ආර්ථික අරමුණු උදෙසා සකසාගත් දීර්ඝ කාලීන සිතියමක් අනුගමනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරනවා.

ඔහු මේ අදහස් පල කලේ, වෙළඳපොළ පීඩනයන්ට මුහුණදීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙළඳපොළ මැදිහත්වීම් සීමා කරමින් ඉහළ විනිමය අනුපාත නම්‍යතාවයකට ඉඩ හැරිය යුතු බවට මෑතකදී පලවූ අදහස් වලට පිළිතුරක් වශයෙන්.

“අප ගනුදෙනුකරුවන් ඇතුළු ජනතාවට තත්වය පැහැදිලි කලයුතුයි. මේ උපදෙස් දෙන්නන් කිසිවෙක් ඔවුන්ගේ ක්‍රියාවන් පිළිබඳව වගකියන්නේ නැහැ. සමහරු සිතනවා ඔබ ඔබට අවශ්‍ය අවවාද, උපදෙස් බාහිරව ලබාගත් පමණින් ඒවා පමණක්ම ක්‍රියාත්මක කල යුතුයි කියා.” කබ්රාල් මහතා ප්‍රකාශ කලා.

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය බ්‍රයන් එයිට්කන් විසිනුයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙළඳපොළ මැදිහත්වීම් වැඩි බව ප්‍රකාශ කලේ.

විදේශීය ලැබීම් ඉවත් කළ විට පෙන්නුම් කරන ණය පදනම මත නොවන සංචිත ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බවත්, ගෝලීය ආර්ථිකයෙහි දක්නට ලැබෙන අවිනිශ්චිත වාතාවරණය හමුවේ විදේශ සංචිත අඛණ්ඩව වර්ධනය කර ගැනීම අවශ්‍ය බවද ඔහු පවසා තිබුනා.

“කිසියම් ආර්ථිකයක් නිශ්චිත කාලයක් හෝ කාල සීමාවක් සම්බන්ධව පිහිටුවා ගත් අරමුණු වලින් නතර වන්නේ නැහැ. එවිට එම කාල සීමාවෙන් පසුව කුමක්ද වන්නේ ? අප තේරුම් ගතයුතුයි ආර්ථිකයක් යනු අඛණ්ඩව පවතින්නක් බව. එම අඛණ්ඩත්වය තිබේ නම් ඔබ ඔබේ ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග දීර්ඝකාලීන ලෙස සකස් කරගත යුතුයි අපට ලැබෙන කුමන හෝ උපදෙසකින් බලපෑම් ඇති නොවන ලෙස.” මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

 

– සිංහලයා පුවත්

 

 

 

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *