ජිනීවා හි රැව් දුන් ශී‍්‍ර ලාංකික අභිමානය (ඡායාරූප සහිතයි)

 

වසර තිහක් තිස්සේ ලක්මවට වින කළ රුදුරු ත‍්‍රස්තවාදය 2009 මැයි මස අවසානය දැකීමත් සමග ශී‍්‍ර ලංකාව තුල සාමය ස්ථාපිත කර වේගවත් සංවර්ධන ක‍්‍රියාදාමයක නිරතව සිටින බව කාටත් අවබෝධ වී ඇත.

මෙයින් වියරුවට පත් දෙස් විදෙස් අධිරාජ්‍යවාදීන් විසින් මෙම අභිවෘද්ධිදායී වැඩපිළිවෙළ කඩා බිඳ දමා නැවතත් රට අගාධයට ඇද දමා බෙදුම්වාදීන්ට උඩ ගෙඩි දෙමින් ලක්මව දෙකඩ කර නැවතත් අරාජික තත්‍වයකට පත් කිරීම සඳහා අති දැවැන්ත කූමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කරමින් සිටී.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා ඇතුළු අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා එසේම ආරක්‍ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරුන් ඇතුළු රණවිරුවන් ජාත්‍යන්තර නීතිය හමුවට ගෙනයාමට දරන ප‍්‍රයත්නය මව්බිමට ආදරය කරන ශ‍්‍රී ලාංකිකයන්ගේ දැඩි විරෝධතාවයට ලක්ව ඇත.

පසුගිය 13 වෙනිදා ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මානව හිමිකම් කවුන්සලයට මෙම චෝදනා වාර්තාව ඉදිරිපත් කිරීමට එරෙහිව යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් ජිනීවා පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට රැස්වූහ.

එදින පෙරවරු 9.00 ට ආරම්භකළ විරෝධතා රැළිය පස්වරු 2.00 දක්වා පැවති අතර එයට සහභාගී වූ සියළු දෙනාගේ අත්සන් සහිතව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට විරෝධතා පෙත්සමක් ද භාරදෙන ලදී.

දේශපාලන පක්‍ෂ භේද සහ ජාති ආගම් ආදී භේදයන්ගෙන් තොරව එක් රැස් වූ මෙම දිනයට සිංහල දෙමළ මුස්ලිම් සහ බර්ගර් යන ශ‍්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ද බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා හින්දු සහ මුස්ලිම් පූජකවරුන් ද කතෝලික පියවරුන් ද සහභාගීවූහ. යුරෝපයේ සතියේ වැඩ කරන දිනයක් වූ මෙදින රැකියාවෙන් නිවාඩු ලබාගෙන තම මව්බිම වෙනුවෙන් කරන ලද මෙම ශ්‍රේෂ්ඨ කැපකිරීම අතිශයින්ම අභිමානවත්ය. විදේශගතව සිටියත් ඒ ශ‍්‍රී ලාංකික දේශාභිමානයයි.

ප‍්‍රංශය, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය ආදී විවිධ රටවලින් පැමිණ සිටි මෙම පිරිස දැඩි දේශාභිමානයෙන් යුක්තව ශ‍්‍රී ලංකාවට එරෙහි අසත්‍ය චෝදනාවන්ට විරෝධය දක්වමින් විවිධ සටන්පාඨ ඉදිරිපත් කළහ. එසේම ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, ඉතාලි, ජර්මන්, සිංහල, දෙමළ ආදී විවිධ භාෂාවන්ගෙන් ඉතා උද්‍යෝගිමත් ලෙස සහභාගිකයන් විසින් රැස්වූවන් ඇමතු අතර බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා ද්‍රවිඩ සහ මුස්ලිම් පූජකවරුන්ද ශ‍්‍රී ලාංකික අභිමානය ඔප් නංවමින් දේශනා පැවැත්වීම මෙහි ලා කැපී පෙනෙන ලක්‍ෂණයක් විය.

පටු දේශපාලන සහ විවිධ අන්තයන් ග‍්‍රහණය කරමින් රටට වින කරන දේශද්‍රෝහීන්ට නිවැරදි වීමට මෙම අවස්ථාව ආදර්ශයක් වේවායි පතමි.

 

- සිංහලයා පුවත්

 

 

Shortlink:

Share This Post

5 Responses to ජිනීවා හි රැව් දුන් ශී‍්‍ර ලාංකික අභිමානය (ඡායාරූප සහිතයි)

  1. අපට එපා බිම් අඟලක්වත් අනුන්ගෙ දේශෙක මහ පොලොවේ
    මළත් නොදෙව් එක බිම් අඟලක් අප ඉපදුන මේ මව් පොලොවේ!!!  

  2. නියමයි.. ඕක තමා වෙන්ඩ ඕන…අපි ලංකාවේ සිටින සියලුම ජාතින් ලංකාව වෙනුවෙන් එකාවන්ව පෙනිසිටන තාක් කල් කිසිම ජගතෙකුට කවදාවත් ලංකාවට කිසි දෙයක් කරන්ඩ බෑ.

  3. MELBOURNE KUMARAYA

    WELLDONE SINHALESE

  4. well done ape jathiya ape mawbima ape Aagama MEETA WADA DEYAK NEHA API KOI RATAKA HITIYATH……

  5. wel done, autraliawe indiyat oba api ekka… wel done…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>