ශවේන්ද්‍රට එරෙහි සයිබර් මඩ ව්‍යාපාරය පිටුපස සිටින්නේ කවරහු ද?

ශවේන්ද්‍ර

සමන් කුමාර රාමවික්‍රමට මඩ ගැසූ ද්‍රෝහීනුත් මේ අතර..

මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර ව විසිර සිටින එල්.ටී.ටී.ඊ. හිතවදීන් විසින් ඉතා සැලසුම් සහගත මඩ ව්‍යාපාරයක් අන්තර්ජාලය ඔස්සේ ගෙන යමින් සිටිති.

එල්.ටී.ටී.ඊ. ඩයස්පොරාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ව ගෙන යනු ලබන සාවද්‍ය ප්‍රචාරණ යාණ්ත්‍රණය ඉදිරියට ගෙන යාම සඳහා මේ වන විට හිසරදයක් වී ඇති මේ කීර්තිමත් හමුදා නිලධාරියාගේ ක්ෂණික ක්‍රියාත්මකවීම් පිලිබඳ ව එල්.ටී.ටී.ඊ. ඩයස්පොරාව මෙන්ම එයට සහයෝගය දක්වන රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින් දැඩි අවධානයක් යොමු කොට ඇති බව ද වාර්තා වේ.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ චරිතය ඝාතනය කරමින් සහ යුද අපරාධකරුවෙකු ලෙස හංවඩු ගැසීමේ මෙම එල්.ටී.ඊ.ඊ. ක්‍රියාදාමය වෙනුවෙන් මූලික ව සහාය වන්නේ, ජර්මනියේ සිට ක්‍රියාත්මක වන ජේ.ඩී.එස්. නම් ව්‍යාජ සංවිධානයේ සිටින සිංහල ද්‍රෝහීන් අතලොස්සයි. මෙම ජේ.ඩී.එස්. හිඟන්නන්ගේ සම්බන්ධකම් ඇති කොලඹ සිට ක්‍රියාත්මක වන සිංහල මඩ වෙබ් අඩවියක් ද ඉහත දීන ක්‍රියාදාමය වෙනුවෙන් ඉදිරිපත් වී සිටියි.

මේ අනුව ප්‍රධාන එල්.ටී.ටී.ඊ. වෙබ් අඩවි 12ක් සහ ඉහතින් සඳහන් කල සිංහල මඩ වෙබ් අඩවිය තුල ඉදිරියේ දී පලවන “ද්වේශ සහගත වාර්තා” උපුටා දක්වමින් ඒවාට දැවැන්ත ප්‍රචාරණයක් ලබා දීමේ අරමුණින් සිටින තවත් කණ්ඩායමක් වෙයි. ඒ ජොනතන් මිලර්, කැල්ලම් මැක්‍රේ ප්‍රමුඛ චැනල් ෆෝ නාලිකාව, බීබීසී සංදේශය සහ අල් ජසීරා යන ජාත්‍යන්තර මධ්‍ය හිඟන්නෝ වෙත්.

මෙරට ප්‍රකට මාධ්‍යවේදියෙකු වන, රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම මහතාගේ කීර්තිනාමය විනාශ කරලීම සඳහා යුද්ධය පවතින වකවානුවේ දී “මඩ ව්‍යාපාරයක්” ගෙන ගියේ ද මෙම ද්‍රෝහීන් පිරිස යි., හාස්‍යයට කරුණ වන්නේ මාධ්‍යවේදී රාමවික්‍රම තවමත් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ රැඳී සිටින අතර, ඔහුට එරෙහිව ද්වේශයෙන් ක්‍රියාත්මක වූ ද්‍රෝහීන්ගෙන් වැඩි දෙනා අද “දේශපාලන අනාථයන්” සේ යුරෝපා සහ බටහිර රටවලට පැන ගොස් තිබීම යි.

මෙරටට එරෙහිව ක්‍රියාත්මක වන ද්‍රෝහීන් සියළු දෙනාගේ අරමුණ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විනාශ වෙනු දැකීම යි. මේ අනුව ලොව පුරා සියළු ශ්‍රී ලංකිකයෝ දැඩි වගකීමකින් යුතු ව කටයුතු කල යුතු වෙයි. එනම්, තමාගේ ෆේස්බුක් හෝ ගූගල් ප්ලස් පරාසයන් තුල දිස් වෙන ඉහත සඳහන් ප්‍රචාරණ ක්‍රමවේද වලට හසු නොවීමෙනි. ඒවායේ නිර්මාපකයෝ වනාහී දේශද්‍රෝහීන් වෙත්.

තම පරාසයේ දිස් වූ පලියට “හරක් මෙන්” එම බේගල් අන් අය සමග බෙදා ගැනීමෙන් සිදු වන්නේ දේශ ද්‍රෝහීන්ගේ ප්‍රචාරණ යාණ්ත්‍රණයට හවුල් වීමකි..

 

>මේ පුවතේ ඉංග්‍රීසි සංස්කරණය
 
– සිංහලයා පුවත්

 

 

Shortlink:

Share This Post

2 Responses to ශවේන්ද්‍රට එරෙහි සයිබර් මඩ ව්‍යාපාරය පිටුපස සිටින්නේ කවරහු ද?

  1. සිහල.ගැමුනු

    ශවේන්ද්‍ර නොසැලෙනු ඇත.

  2. Dont worry Mr shaveendra niyama singhalayo siyaludena obath ekka.Dalada samindu pihitai

Leave a Reply

Your email address will not be published. Required fields are marked *