ස්විට්සර්ලන්තයේ කොටි ව්‍යාපාර තුනක අයිතිය වෙනුවෙන් කල්ලි දෙකක් සටනේ..

ස්විට්සර්ලන්තයේ පිහිටි එල්.ටී.ටී.ඊ. ඩයස්පොරාවට අයත් සුපිරි වෙළඳ සංකීර්ණ තුනක අයිතිය ලබා ගැනීම සඳහා ද්‍රවිඩ කල්ලි දෙකක් අතර ගැටුමක් හට ගෙන ඇති බව සිංහලයා පුවත් ඒජන්සියට වාර්තා වේ.

ස්විට්සර්ලන්තය සහ ප්‍රංශය කේන්ද්‍ර කර ගනිමින් කුඩා පරිමාණයේ ව්‍යාපාර රැසකට හිමිකම් කියන මේ කල්ලි දෙක මෙහෙයවන්නේ, මෙයට වසර 12කට පෙර ස්විට්සර්ලන්තයට පැනගිය රමේෂ් හෙවත් බාලේන්ද්‍රන් නැමති කිලිනොච්චියේ පදිංචිකරුවෙක් සහ මෙයට වසර තුනකට පෙර ප්‍රංශයට සංක්‍රමණය වූ ගෝපි හෙවත් ගෝපාල් ආනන්දන් යන කොටි ත්‍රස්තවාදීන් දෙදෙනා බව ද සිංහලයා පුවත් ඒජන්සිය කල විමසීමක දී හෙළි විය.

යුදමය වශයෙන් එල්.ටී.ටී.ඊ.ය පරාජය වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලයට අයත් වත්කම් රැසක් සම්බන්ධයෙන් මෙසේ “හදිසියේ මතුවන අයිතිකරුවන්” අතර ගැටුම් ඇති වූ පලමු අවස්ථාව ද මෙය නොවේ.

 

– සිංහලයා පුවත්

 

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *