සමතුන් සහ අසමතුන් ලෙසින් ලොකුම බෙදීම ඇති කර ඇත්තේ මෙරට අධ්‍යාපන ක්‍රමය මගින්.. ඩලස්

 

ජනතාව ජාතීන්, ආගම්, පලාත්, කුල, පක්ෂ, ආර්ථික මේ හැම ආකාරයෙන් ම ඇති වූ බෙදීම විසින් මේ රටට දැඩි විනාශයක් ගෙන දී ඇති අතර මේ හැම බෙදීමකට ම වඩා බරපතල ම බෙදීම සිදු කර ඇත්තේ මෙරට අධ්‍යාපනය විසින් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවස යි.

එනම්, “සමතුන් සහ අසමතුන්” ලෙස මෙරට අධ්‍යාපනය විසින් සමස්ථ දරු පරපුර බෙදා වෙන් කරන අතර ඉන් අනතුරු ව සියළු දෙනාගේ අවධානය යොමු වන්නේ, “සමතුන්” කෙරෙහි පමණක් බව ද අවධාරණය කරන අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කලේ, “අසමතුන්” ලෙස වෙන් කෙරෙන පිරිස පිලිබඳ කිසිවෙකුත් තකන්නේ නැති බවත්, මෙරට සමාජයීය සහ ආර්ථික ගැටළු රැසක ආරම්භය එය බවත් ය.

මෙරට ජනතාව දේශපාලනික ව මෙන්ම ජාතීන් සහ ආගම් වශයෙන් බෙදීමෙන් ඇති වූ මහා විනාශය දැනටමත් අත්විඳ ඇති බවත්, “සමතුන් සහ අසමතුන්” ලෙස සිදුවන මේ බෙදීම වූ කලී අන් සියළු බෙදීමකට ම වඩා විනාශකාරී බව ද පවසා සිටියේ ය.

ඊයේ මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් වෙනුවෙන් පැවති විශේෂ වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ය,.

 

 

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

One Response to සමතුන් සහ අසමතුන් ලෙසින් ලොකුම බෙදීම ඇති කර ඇත්තේ මෙරට අධ්‍යාපන ක්‍රමය මගින්.. ඩලස්

  1. අසමතුන් become ministers, they waste සමතුන්’s hard earned money.
    there are enough examples around

Leave a Reply

Your email address will not be published. Required fields are marked *