එජාප අර්බුද පිටුපස සිටින්නේ රෝසි සේනානායක යි.. : සජිත් ඉවැන්ජලික ආගමිකයෙක්.?

“එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය”, ශ්‍රී ලංකා දේශපාලනය තුල වරින් වර ඉල්පෙමින් මතුවන තවමත් නොවිසඳුනු ප්‍රශ්නයක්. පවතින නායකයා ඉවත් කොට “මැතිවරණ දිනා දිය හැකි නායකයෙක්” පත් කරන්නට අරගල කරන එක් කොටසක් සහ වර්තමාන නායකයාට පක්ෂපාතී කොටසක් යනුවෙන් පිල් බෙදී සිටින පක්ෂයේ, මේ දෙපිරිසම එකතු කොට සමගි කරන්නට උත්සාහ කරන පිරිසකුත් නැතිවාම නොවේ.

කෙසේ නමුත්, නායකත්ව වෙනසක් ඉල්ලා අරගල කරන කොටස් අතර, කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක කැපී පෙනෙන චරිතයක් වූවාය. එජාප නායකත්වය මෙන්ම ක්‍රියාකාරී කමිටුව පවා ප්‍රසිද්ධියේ විවේචනය කරන්නට පෙලඹුනු ඈ, එක්සත් ජාතික පක්ෂය තුල අර්බුද නිර්මාණය කිරීමේ සැලසුම් සියල්ල පිටුපස සිටින බවයි, එජාපයට සම්බන්ධ සුවිශේෂී ආරංචි මාර්ගයක් සිංහලයා පුවත් ඒජන්සිය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ.

ප්‍රබල බටහිර ඔත්තු සේවාවන් දෙකක් විසින් හසුරුවනු ලබන විදෙස් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සහ දශක දෙකකට අධික කාලයක් තිස්සේ කොළඹ ප්‍රදේශයේ ස්ථානගත ව සිටින සංවිධානාත්මක මූලධර්මවාදී ක්‍රිස්තියානි ඉවැන්ජලික කණ්ඩායමක් විසින් එක්සත් ජාතික පක්ෂය දුර්වල කොට එහි “හිස” ආක්‍රමණය කිරීමේ මෙහෙයුමක නිරතව සිටින අතර, එම සංවිධානාත්මක ක්‍රියාවලිය වෙනුවෙන් යොදවා සිටින දේශීය ඒජන්තවරිය රෝසි සේනානායක බව ද ඉහත ආරංචි මාර්ග විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ප්‍රබල විදෙස් රාජ්‍යයන්, සංවිධාන විසින් ස්වභාවික සම්පත් වලින් අඩු නැති, ක්‍රමෝපායයන් වශයෙන් වැදගත් වන අයුරින් ඉන්දියන් සාගරයේ කේන්ද්‍රීය ව පිහිටි ශ්‍රී ලංකාවේ දේශපාලනය හැසිරවීමේ කාර්යය වෙනුවෙන් හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා (එවකට ඇමරිකානු ජනපති රොනල්ඩ් රේගන්ගේ මැදිහත් වීමෙන්) ගේ සිට වත්මන් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා දක්වා නොයෙකුත් පුද්ගලයන් රැසක් යොදා ගැණිනි.

ගෙවීගිය දශකය තුල මෙරට කෙරෙහි වු විදෙස් සැලසුම් සියල්ල ම පාහේ ව්‍යර්ථ වීමෙන් වත්මන් විපක්ෂනායකවරයා වනාහී එම විදෙස් බලවේග වලට “නාකි අශ්වයෙක්” වැනි වූ අතර තමන්ගෙන් අරමුදල් ලබන එක්සත් ජාතික පක්ෂය සඳහා තමන්ට අවශ්‍ය පුද්ගලයන් (රෝසි සේනානායක, හර්ෂ ද සිල්වා වැන්නවුන්) පත් වන්නේත්, එම පුද්ගලයන් විසින් පක්ෂයේ “හිස” ආක්‍රමණය කරා මෙහෙයවන්නේත් මෙම අදෘශමාණ හස්තයන් විසින් ම බව ද වාර්තා වේ,.

එක්සත් ජාතික පක්ෂයට හිමි “ගැමි ජන පදනම” විනාශ කොට පක්ෂය තුල ක්‍රිස්තියානි ඉවැන්ජලික ආධිපත්‍යය ගොඩනැගීම ඉහතින් සඳහන් කල “ඒජන්තයන් ගේ” කාර්‍යභාරය යි. රෝසි සේනානායක, හර්ෂ ද සිල්වා, සුජීව සෙනසිංහ, රන්ජන් රාමනායක සහ සජිත් ප්‍රේමදාස වැන්නවුන් අතර නායකත්වය උසුලන්නේ රෝසි සේනානායක විසිනි. කෙටියෙන් සඳහන් කරතොත්, එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වයට එල්ල වන අභියෝග සම්බන්ධයෙන් තිරය පිටුපස සිටින්නේ රෝසි සේනානායක බවයි.

ගැමි ජන පදනම විනාශ කිරීමේ ලා රෝසි සේනානායක විසින් සජිත් ප්‍රේමදාස මහතාව ඉතා සූක්ෂමව යොදා ගෙන ඇති අතර, රටේ ප්‍රබල දේශපාලන පවුල් වල ආගම වෙනස් කිරීමේ ලා ඉතා ක්‍රියාකාරීව කටයුතු කරන රෝසි සේනානායක ගේ “දැලට” ප්‍රේමදාස පවුල ද හසුව ඇද්දැයි සාධාරණ සැකයක් මතුවන්නේ, මීට පෙර කිසිවිටෙක බෞද්ධ ආගමික සිද්ධස්ථාන සමග සැලකිය යුතු තරමේ සම්බන්ධයක් හෝ සැලකීමක් නොකල සජිත් ප්‍රේමදාස මහතා විසින් හිටි වනම පන්සල් සංවර්ධනයට යැයි පවසමින් මුදල් බෙදීමට පටන් ගැනීමත් සමග ය. ප්‍රේමදාස මහතා මේ සිදු කරන්නේ තමන් තවමත් සැදැහැවත් බෞද්ධයෙක් යන ප්‍රතිරූපය පින්තාරු කරගන්නට ද විය හැක.

සජිත් ප්‍රේමදාස පවුල රෝසි සේනානායක විසින් මෙහෙයවන මූලධර්මවාදී ඉවැන්ජලික ආක්‍රමණයට නතු වී ඇති බව සිංහලයා පුවත් ඔස්සේ 2010 සැප්තැම්බර් 8 වෙනිදා, 01:43 පැයට මුල් වරට හෙළි කර තිබූ අතර එම දිනයට පෙර “සසුණට අරුණක්” හෝ බුදු දහම වෙනුවෙන් වූ සැලකිය යුතු වෙන යම් ස්වේච්ඡා සේවාවක් සජිත් ප්‍රේමදාස වෙතින් සිදු නොවූ බව ද නොරහසකි.

මෙරට මහා සංඝරත්නය ප්‍රමුඛ සමස්ථ බෞද්ධ ජනතාව විසින් දැන ගත යුතු සත්‍යය ද මෙය යි.

මේ අනුව මෙරට පොඩි මිනිසාගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙන් පක්ෂ නායකත්වය විසින් වහාම කල යුතු ව ඇත්තේ,
“උණ්ඩය හඹා යෑම නොව එම උණ්ඩය නිකුත්වන අවිය හඳුනා ගැනීම යි..”

 

– සිංහලයා පුවත්

 

සේයා අනුග්‍රහය: lankajournal.com

 

 

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *