ජීවන් රඟයි.. නිලධාරි කයි.. තැපෑල හාන්සියි.. ආණ්ඩුව දොයි.. ජනතාව පව්.. ( ඉතින් තොට මොකෝ? මට මොකෝ? )

 

 
 

 
 

 

 
 

 

 

 

 

 

 

 

 
හ්ම්…. ඉස්සෙරෝම මේ අමුණල තියෙන පින්තූරේ බලල හිටියනම්,,,,(අගෝස්තු මාසේ 27 වැනිදා දිවයින පත්තරෙන් ගත්තේ..)

වෙන මොනවා දැයි ඉතින් අපේ තැපෑලෙ උන්දැලාගේ නුවණක්කාර කෙරුවාවල් තමයි ඕං….
2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සමරන්ට අපේ තැපෑලෙන් මුද්දට හතරක් එළි දැක්කුවා නෙව,,
ඒ කාලේත් පොඩි පොඩි ප්‍රස්න තිබ්බා ඔය ගැන,, මේ දැන් අළුත් එකක්,, අපේ මේ තැපෑලේ මහත්තුරු නෝනලා හිතාන ඉන්නේ අපේ බුදු හාමුදුරුවන් වහන්සේ උපන්න ලුම්බිණිය තියෙන්නේ ඉන්දියාවේ කියලලු ඕං…
එහෙමලු මුද්දරේ තියෙන්නේ..
පස්සේ නේපාල ආණ්ඩුවේ ඇත්තෝ විරුද්ධ උනාම මුද්දරේ භාවිතෙන් අයින් කොරන්ට අපේ ආණ්ඩුවට සිද්ධ උනාලු….
වස විලි ලැජ්ජාවක් නොවෙයි ද බොල මේක ?
 
අනේ අබුද්දස්ස කාලේ….! ඇයි බොල මේ තැපෑලේ ඉන්නේ සිස්සත්ත විබාගේවත් නොකරපු උන්දෑලා ද ? ඔය මුද්දරේ එලි දක්කන්ඩ කලින් හරි වැරදි බලන්ටවත් හරිහමන් මොළයක් ඇති එකෙක් හිටියේ නැද්දෑ ඕකේ ?
ඒ අල්ල පනල්ලේ තැපෑලේ හේමසිරි ප්‍රනාන්දු මහත්තැන් කීවය කියන්නේ “අයින් කරන්ට වෙන්නේ මුද්දර අටදාහය, ඒක සුළු පරමාණයක් ය” කියාල… ඒ කියන්නේ උන්නැහේට මේ ගැන වගේ වගක් නැති හැඩයි..
එක්කෝ ඔය මුද්දර වලට ගිය බර පැන ආණ්ඩුවේ නිසා උන්නැහේට වගක් නැතිවා… එහෙමත් නැත්තන් ඉතින් ඔය මුද්දර බොහෝම අඩු ගානකට තත්තේ බාල කොරලා හදන්ට ඇති…
 
කොහෝම උනත් තැපෑල කියන්නේ, මහජන මුදල් කෝටි ගාණක් වියදං කොරල ඔය එක එක හෝටල් වල, ජෙට් ලයිනර් නැවේ එහෙම ජෝගි දාන්ට මිස වෙන පොරෝජං දෙයක් කොරන්ට දන්න උං ඉන්න තැනක් නොවෙන්නං.. අපි දැක්ක නෙව පහුගිය දොහේ බාල් නටපු සිරියාව… වැඩේ කියන්නෙ තැපෑලට විතරක් ඉන්න ජීවන් කුමාරතුංග ගොයියට තමං යටතෙ තියෙන එකම ආයතනෙවත් හරියට බල ගන්ඩ බැරි හැටි.. හරියට රඟපාගන්ඩවත් නොදන්න එකේ මේ රටේ මිනිස්සුන්ට වටින කියන තැපැල් සේවයක් දුන්නොත් නරකද හා?
 
“තාක්සනේ දියුණු අද කාලෙ තැපැල් පාවිච්චිය අඩුයි” කියලා නම් ලිස්සල යන්ට ජීවන් ගොයියට බැරි වෙයි.. මොකද උන්දැට වඩා තාක්සනේ පාවිච්චි කොරන ඈයෙක් තමා මේ හිංගලයා.. තාක්සනේ කොච්චර දියුණු උනත්, දවසට කෝටි ගණක් ලියුම් කරදහි බෙදා හරින දියුණු රටවල්වල තැපැල් ආයතන ඒවට සාක්කි..
 
රටේ මිනිස්සුනේ සල්ලි බොලව් මේ..!
කජු ඇට කොස් ඇට කියලය හිතාන ඉන්නේ ?

රටක ආණ්ඩුවක් ඒ රටේ ගොං තකතීරු නිලධාරි ගොල්ලෝ නිසා තවත් රටකින් ලැජ්ජාවට පත්වෙන එක කොයි තරම් නිගාවක් ද ආයිබොවන්ඩ.. ආණ්ඩුවේ බහින කලාව දෑ මන්දා… අනික ඉතිං අපේ තැපෑල නා ගත්තු පලවෙනි අවස්තාව නෙමේනෙ මේ.. තැපෑල පාඩු වෙද්දිත් කෝටි ගණං වියදං කොරල “ගොං පාටි” දමන නපුංසකයො ටික ඉස්සෙල්ලම තැපෑලෙං තුරං කොරන්ඩ ඕනෑ..
 
මහින්ද මහත්තයටත් මේව හොඳ පාඩම් ඕං..
“දේසපාලනේ කොරන්ට ඕනෙ විචාර බුද්දියක් තියෙන ආදර්සවත් චරිත..” එහෙව් එකේ ඔබතුමාගෙ තුනෙං දෙක වෙනුවෙන් හැම ගුබ්බෑයමකම උන්නු නළුවොයි, එළුවොයි, බල්ලොයි, ජඩයොයි, මැරයොයි, වනචරයොයි, ගෙම්බොයි එක්ක මේ යන ගමනෙ කෙලවර මොකක් වේවිදෝ මන්දා..
 
(ඕනෙ නං පොඩි ටිප් එකක් දෙන්ට ඇහැකි… අහල පහල යාළුවෙක් ගැන )
 
ඇයි පෙනේද රනිල් ගොයියා ඇන ගෙන ඉන්න ලස්සන දැං ?
නියම දේසපාලකයො පැත්තකට දාල, අර කොහේවත් ඉන්න රෝස ගණිකාවො (නෑ,, ගණිකා නිවාස හිමිකාරියො ), රතු තොල්පෙති තියෙන කොලු පොඩ්ඩො, සමලිංගිකයො, මුදලාලිලා, කොටි සිරස වගේ චැනල් ලං කරගෙන උං එක්ක ගිය ගමනෙ කෙලවරටම ඇවිත්.. ඒ ගමන ශෝකාන්තයක්.. රනිල් ගෙනාපු උං ම රනිල්ට එලෝ එලෝ ගහනව දැං.. බලං ඉන්ට දුකායි නෙව..?

කොයි හැටි උනත් මහින්ද මහත්තැන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි… ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්ට බැරි බව හැබැයි… ඒත් ඉතින් දැන්වත් සුදුසු රාජකාරි වලට සුදුසු මහත්තැන් පත් කොරන්ට හොඳයි,,, එක ඔබතුමාට මිසක් මේ අපි වගේ ගමේ ගොඩයන්ට කොරන්ට පුළුවං දෙයක් නෙමෙයි ඕං..
 
නැත්තං අපේ රාජ්ජ සේවෙ අරක් අරං ඉන්න “පැය අටෙන් රැකෙන, ඕටී එකෙන් දුවන, හොරකමින් ජීවත් වෙන මෝඩ මී හරක් නිලධාරී මාෆියාව” මේ කොරං ආව වගේ තවත් දසක ගාණක් අපේ රටේ දියුණුව පස්සට ඇද දමාවි..
 
එදාට ඉතිං ඔබතුමායි අපියි ඔක්කොම “ආසියාවේ හොඳම ආස්චර්ය” දැක පලච්චි… හුහ්…

 
- හිංගලයෙක්
 
 

Shortlink:

Share This Post

2 Responses to ජීවන් රඟයි.. නිලධාරි කයි.. තැපෑල හාන්සියි.. ආණ්ඩුව දොයි.. ජනතාව පව්.. ( ඉතින් තොට මොකෝ? මට මොකෝ? )

  1. mama jeewan kiyanne kawda kiyala hondata dannawa meyla tama rata winasa karanne meyage lassanata hadapu gewal tiyenawa sigiriye kale meya ganu aran yanawa ape atatama ahu una godak wiyadam karala sapata enna walkam karanna me lassana suwa pahasu maliga hadanne kage sallida ahinsaka janatawa mula karala yatigiriyen ka gahanawa api janatawa wenuwen kiyala kawada hari karana aparada parampara 7kata paladenawamai

  2. Anda, Golu, Beeri Nayakayantha Mewa Kiyala wedak Neha. Munge Awasana Manussa Athmaya me, Mun ape asoochi kaka labana athme gewanna thawa puw puro gannawa, Ratata penna sil gaththata wadak nehe. Me Rata winasa karana Kalakanni Deshapaluwa, Rajaye Niladaringe Parampara 7tama Henama gahapan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>