අඟුලාන ද්විත්ව ඝාතනය: චූදිතයින්ට මරණ දඬුවම

 

 
අඟුලාන ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන යාම සහ පසුව ඔවුන්ව ඝාතනය කිරීම යන චෝදනා මත, එවකට අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කෙරුණු නඩුවේ තීන්දුව ඊයේ (25 වනදා) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කල අතර, ඒ අනුව චූදිතයින්ට මරණ දඬුවම හිමි වුනා.
 

මීට වසර 2කට පෙර සිදුවූ මේ ද්විත්ව ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකොට තිබූ අතර, ඒ සියළු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව දන්වමින් විනිසුරුවන් තම තීන්දුව ප්‍රකාශයට පත්කොට තිබුනා.

 
 

– සිංහලයා පුවත්
 
 

Shortlink:

Share This Post