ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් අද පාර්ලිමේන්තුවේ දී

 

 

 

 

 

 

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තු රැස්වීමේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා. ජනාධිපතිවරයා ඊයේ දිනයේත් (24 වනදා) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වූවා.

පෙරේදා, එනම් 23 වනදා ගණ පූරණය නොමැති වීම නිසා පාර්ලිමේන්තු රැස්වීම ඉතා කෙටි කාලයකට සීමා වූ අතර, අද පාර්ලිමේන්තු රැස්වීමට සියළුම මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස ජනාධිපතිතුමා දන්වා ඇති බව සැලයි.

කෙසේ වුවත්, රටේ ප්‍රධානම පරිපාලන ආයතනය වන පාර්ලිමේන්තුවට ජනතා ඡන්දයෙන් පත්වන දේශපාලඥයින් පෙර පාසලක කුඩා දරුවන් සේ සෑම දෙයම එකින් එක කියා දී හසුරුවන්නට සිදුවීම ශෝචනීය තත්වයක් බව කිවයුතුමයි.

 

– සිංහලයා පුවත්
 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *