සිරිකොත පාර කාපට් කලේ ජනතා ඉල්ලීමට – මහාමාර්ග නි.ඇ. කියයි


 

 

 

 

 
පහුගිය සතියේ අපේ විපක්සේ පුංචි පහේ අලකලංචියක් ඇති උනා නෙව.. නායක ප්‍රස්නයක් නිසා සජිත් පිලේ කට්ටිය සිරිකොත ඉස්සරහ සත්‍යග්‍රහයක් කොරන්ට යනවැයි කියලයි අපිට නම් ආරංචි උනේ. හැබැයි ඉතින් ඒ වැඩේ කරගන්ට බැරි උනා නේ, ඒ අල්ල පනල්ලේ සිරිකොත ඉස්සරහ පාර කාපට් කොරන්ට යන්නැහිං.

සිරිකොත පාර කාපට් කොරන්ට මේ හැටි හදිසියක් ඇයි දැයි ජනාධිපතිතුමා ඇහුවම අපේ මහාමාර්ග නියෝජ්‍ය ඇමති නිර්මල කොතලාවල උන්නැහේ දීල තියෙන්නේ හරි ජාති උත්තරයක්. සිරිකොත පාර වටේ පදිංචි මහජනතාව ගේ ඉල්ලීම නිසා පාර කාපට් කොලාය කියල තමයි උන්නැහේ දොඩලා තියෙන්නේ.

හනේ ඉතින් අපේ රටේ මේ තරම් ඉස්මණින් වැඩ කොරන ඇමැත්තෙක් හිටියාමද මන්දා බොලව්… අපේ මුළු කැබිනෙට්ටුවටම මෙච්චරද කොහේ දැයි …. මහජනතාවගේ හිත සුව පිණිස තමන්ගේ සේවාව කැප කොරන්ට යෙදුනු මේ ඇමැත්තට අපේ ඉස්තුතිය පුද කොරන්ට හිතේ,,
ඒකයැ ! පුදුමේ කියන්නේ මේ සත්‍යග්‍රහය පවත්තන්ට නියම කොර ගත්තු දිනේටම පාර කාපට් කොරන්ට මුන්දැලාට ඉස්පාසුවක් නැති වෙච්චි හැටි.

මහජන සේවේ ,,! මහජන සේවේ ..!
 
ඒවට ඉතින් වෙලාවක් කලාවක් නැහැ නෙව.

අනේ මේ ආයිබොවන්ඩ, යූඇන්පි යේ ඇතුලු ගෙයි පුරස්න උන්දැලාටම විසඳගන්ට කියන්ට..
මෙව්වා මේ රට්ටු හිනස්සන වැඩ …
 
නිර්මල කොතලාවල මහත්තයත් ඒ පැත්තෙන් මේ පැත්තට පැන්න කෙනෙක් නෙව..
යූඇන්පියේ ඇතුලේ ප්‍රස්න වලින් වාසි ගන්ට තතනන එකවත්, එහෙව් තන්නාස ඇති උන් තියාගන්න එකවත් මේ බහුතර බලයක් තියෙන ආණ්ඩුවකට තරම් නැහැ බොලල්ලා..
 
එහෙව් උන්දැලා එක්කො නම්බු පිටින් ඉල්ලා අස් වෙන්ට ඕනෑ.. නැත්තං එලවන්ට ඕනෑ…

 

(මේ පල කොරල තියෙන පින්තූරෙ උපුටා ගත්තේ නම් ඩේලි මිරර් පත්තරෙන් …)

 
– හිංගලයෙක්
 
 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *