“අංගම්” වාර්තා චිත්‍රපටය 7 වනදා තිරගත වේ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකාවේ පාරම්පරික සටන් කලාවක් වන “අංගම් පොර” අළලා නිෂ්පාදනය කෙරුණු “අංගම්” වාර්තා චිත්‍රපට ලබන සැප්තැම්බර් මස 07 වනදා කොළඹ 07 ශ්‍රී ලංකා ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී තිරගත වීමට නියමිතයි. අංජුල රසාංග වීරසිංහගේ නිර්මාණයක් වන “අංගම්” මෙරට ඓතිහාසික සිදුවීම් සහ ශිෂ්ඨාචාරයේ ගොඩනැගීම් බිදවැටීම් පිළිබදව ජන වහරේ පවතින මත, පුරාවිද්‍යාත්මක සාධක සමග සසදමින් කෙරෙන සිත්ගන්නා සුළු සංවාද සමගින් අංගම්පොර සටන් කලාවේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබදව කෙරෙන විමංසාවකින්ද,  දුලබ අංගම් සටන් ජවනිකාවලින්ද සමන්විත වාර්තා චිත්‍රපටයකි.

“අංගම්” චිත්‍රපටයේ විවෘත මහජන දර්ශනය සැප්තැම්බර් 09 වනදා පැවැත්වෙන අතර මෙම දර්ශණ වාරය සදහා සහභාගීවීමට කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් මෙරට මානවයාගේ බිහිවීමේ සිට ශිෂ්ටාචාර ඇතිවීම දක්වාත්, රාජධානි බිහිවීම සහ බිදවැටීම් පිළිබදවත්, ඒ නිසා සිදුවූ සංස්කෘතික විපර්යාස ආදියත් පිළිබදවත් පුරාවිද්‍යාත්මක සාධක ඉදිරිපත් කරමින් සිදුකරනු ලබන පැහැදිලි කරදීමක් මෙම චිත්‍රපටයේ අන්තර්ගතය. මෙයට අමතරව මෙරට සිටින ජ්‍යෙෂ්ඨ පාරම්පරික අංගම් පොර ශිල්පීන් වන ගුරු කරුණාපාල, වෛද්‍ය රියෙන්සි වික්‍රමසිංහ, අතුල නන්දසේන ආදීන් විසින් සිදුකරනු ලබන අංගම් සටන් කලාවේ ආරම්භය, එහි සාම්ප්‍රදායයන් සහ ඇදහිලි විශ්වාසයන් පිළිබද පැහැදිලි කිරීම්ද, අවි ආයුධ පිළිබද හදුන්වාදීම් මෙන්ම දුලබ අංගම් සටන් ජවනිකාද මෙම සිනමා නිර්මාණය තුලදී දැකගත හැක.

 

“කෙටි චිත්‍රපට කිහිපයකින් ලද සාර්ථකත්වයත් අත්දැකීම් සමුදායත් සමගම ඉන් ඔබ්බට ගිය වෘතාන්ත  චිත්‍රපටයක් හෝ වාර්තාමය චිත්‍රපටයක් කිරීම අපි අදහස් කළා. ඒ අනුව විවිධ මාතෘකා ඔස්සේ විමර්ශණ සිදුකරමින්, තොරතුරු රැස්කරමින් සහ පිටපත් ලියමින් කාලය ගතකරන අතරතුර, අංගම් පොර සටන් කලාවේ නියැලෙන පාරම්පරික ශිල්පීන්  කිහිපදෙනෙකු අපට හමුවුනා. මෙම සටන් කලාව රැකගනිමින් එපමණකින් නොනැවතී එය ජාත්‍යන්තරයට පවා ගෙනයමින් එම සටන් කලාවේ නියැලෙන එම පාරම්පරික ශිල්පීන් කණ්ඩායම සමග අන්තර්ජාලයේ ෆේස්බුක් සහ යූ ටියුබ් ආදී වෙබ් අඩවි හරහා ගොඩනගා ගත් සබඳතාවන් තුලින් අප රැස්කරගත් තොරතුරුත් විමසා බැලු අපට මෙම මාතෘකාව ඔස්සේ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළ යුතුයැයි හැගී ගියා. අංගම් එළිදක්වන්නට මුල් පියවර තැබෙන්නේ ඒ ආකාරයට.” මෙම නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන අංජුල රසාංග සිය නිර්මාණය බිහිවීමේ මූලික අදියර පිළිබදව එසේ විස්තර කළා.

 

කණ්ඩායමේ සියළු සාමාජිකයන්ගේ නොසැලෙන අදිටනත්, අප්‍රතිහත ධෛර්යයත් මෙම නිර්මාණය මෙතරම් උසස් අන්දමින් නිමවා අවසන් කරගැනීමට හේතු වූ බව අංජුල රසාංගගේ ගේ අදහසයි.  තවද මෙම නිර්මාණය සාර්ථක කර ගැනීමට දායකත්වය ලබාදුන් මාෂ් දොඩන්වල, අනෝමා රාජකරුණා යන මහත්ම මහත්මීන්ටද, අංගම් චිත්‍රපට කණ්ඩායමේ සාමාජිකයන්ගේ පවුල්වල අයටද,  නන් අයුරින් සහය දැක්වූ සියළුම හිතවතුන්ටද අංජුල රසාංග සිය ගෞරව පූර්වක ස්තුතිය කණ්ඩායම වෙනුවෙන් පලකර සිටි.

වැඩි විස්තර: www.angamthemovie.blogspot.com

 

- සිංහලයා පුවත්

 
 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>