අසව්,! අසව්,! ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා තීරණය වන්නේ ක්‍රීඩා ඇමැති කැමැත්තට යි.

මේ තියෙන පින්තූරෙං පෙන්නන්නෙ ආයිබෝං 2011 අගෝස්තු මස 19 වෙනි සිකුරාද දවසෙ පල වෙච්චි “දිනමිණ” පත්තරේ ඩිංගිත්තක්.. තවත් පැහැදිලි කොරගන්නව නං ඕං දිනමිණ ක්‍රීඩා පිටුවෙ තිබ්බ දෙයක්..

සාමාන්‍ය පුවතක් වගේ පෙනුනට මොකදෑ, හොඳට ඇස් ඇරල බැළුවොත් මේ සිද්දිය එක්ක ගැට ගැහිල තියෙන “දේසීය කිරීඩාවෙ අද දවස වගේම හෙට දවසෙත් තියෙන අරුමේ” තමා පෙන්නුං කොරන්නෙ ඕං.. ඉර හඳ දිවුරාල සත්තෙං ම කියනව නං මහින්ද මහත්තයගෙ ආණ්ඩුව එක්ක අපේ කිරීඩාවෙ ප්‍රගතිය තමා ඉතිං මේ..

මේ විස්තරේ හැටියට, අපේ රටේ කිරිකොට් කාණ්ඩෙ නායක ඇත්තා තෝරන්ට අනුමැතිය දෙන්නෙ කිරීඩා ඇමැත්තා… කිරිකොට් තේරුම් කමිටුවෙ ඉන්නෙත් කිසි පවුරුසයක් නැති පඹයොද කොහෙ ද? තේරුම් කමිටුවයි, කිරිකොට් මණ්ඩලෙයි කොරන්ට ඕනෑ දේ කොරන්නෙ පොල් පිත්තක්වත් අල්ලලා නැති අට පාස් ඇමැත්තෙක් වීමයි මෙතන නාටකේ.. ඕං බලාගන්ඩ ආයිබෝං මේ දේසෙ කිරීඩාවට විලි ලජ්ජා නැති දේසපාලනේ රිංගා තියෙන හැබෑව..?

කිරීඩාවෙං දේසපාලනේ දූරිම්භූත වෙලා නොයන්ට, හැමදාම පැරදී පැරදී ඉන්ට තමා වෙන්නෙත් මෙහෙම.. මයෙ කටේ මසුරං දානව නං ඕං එකක් කියන්ට අවසර..

දේසීය කිරීඩාවට මේ තරම් දේසපාලන ඇඟිලි ගැහුං නං මං මේ උපන්තේකට ඇහුවමයි… එහෙනං..

– හිංගලයෙක්..

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *