එජාප නායකත්වයට පබා ?

 

 

 

 

 

 

 

 

“එජාප නායකත්වය පිලිබඳ අර්බුදය” පසුගිය දා යළිත් වරක් ඉස්මතු විණි නමුත් “හෝස්” ගාමින් පටන් ගත් එය “පුස්” ගා අවසන් වූ බව ද රහසක් නොවේ,. මේ අතර එජාපයේ අභ්‍යන්තර අවුල් වියවුල් ආණ්ඩුවේ දේශපාලනඥයින්ට හොඳ හැටි පට්ට ගසන්නට මාතෘකා සපයා තිබේ. ගමේ ගොඩේ රැස්වීමකට ගිය ද, රැස්වීමේ ප්‍රස්ථුතයට අදාල වුවද නොවුවද ආණ්ඩුවේ අය කියන්නේම එජාපයේ නායකත්ව අර්බුදය ගැනය. දිවිහිමියෙන් පක්ෂය හා පාක්ෂිකයින් රකින්නට සපථ කරමින් කලින් නායක තනතුර ඉල්ලු සජිත් දැන් වෙනත් ඉත්තෙකු යොදාගෙන තිබේ. දැන් ඔහු “මාකට්” කරන්නේ එජාප නියෝජ්‍ය නායක කරූ ජයසූරියයි.
 
“ආවොත් කරූ පායයි හිරු” දේශපාලනයට පිවිසෙන කාලයේ කරු ජයසූරියගේ තේමා පාඨය විය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙන්ම මාධ්‍ය තුල ද මහත්මා දේශපාලනයක නියැලෙන්නෙකු ලෙස ගෞරවයට පත් කරු ජයසූරිය දැන් ගුණත් නැති අගුණත් නැති පතෝල සේය. මෙතෙක් එජාපයේ බෞද්ධ නියෝජනය සේ සැලකෙන කරූ මේ නගන්නේ බෞද්ධ විරෝධීන්ගේ හඬ ය,.
සජිත් ගේ ආරාධනයෙන් නායකත්වය ගැනීමට කැමැත්ත පල කල ඔහු ඒ අතරේ හීන් සීරුවේ ඉන්දියාවට ගියේ ය. රනිල් සිය බ්‍රිතාන්‍ය සංචාරය නිමකොට නැවත පැමිණ මේ නායකත්ව පලහිලව්ව විමසද්දී කරූ කසාය බිව් ගොළුවාගේ චරිතය රඟ පෑවේ ය. මාධ්‍ය මගින් මේ ගැන විමසද්දී “නායකත්වය ගැන කතා කලොත් ප්‍රශ්න ඇති වෙනවා”යි පවසමින් මග හැරියේ ය.
අවම වශයෙන් සිය පාලන ප්‍රදේශය තුල බහුතර මනාප ලබාගන්නටවත් ඔහු අපොහොසත් වූ කරූ දැන් එජාප නායකත්වය පතයි… ඡන්දය යනු ජනතා මනාපයයි. ගම්පහ ප්‍රදේශයේ වැඩිම ඡන්ද ලබාගත්තී පබා හෙවත් උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියයි. එහෙයින් ජනතා කැමැත්ත වැඩියෙන් ඇත්තේ ඇයට මිස කරූ ජයසූරිය මහතාට නොවේ.
 
ඒනයින් බැලූ කල එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට කරූ ජයසූරිය ඉදිරිපත් වෙනවා නම් නැගෙන තවත් ප්‍රබල තර්කයක් ඇත.එනම්, ජනතාව විසින් ප්‍රතික්ෂේප කල කරූ ජයසූරිය ට වඩා වඩා ජනතා කැමැත්ත ඇති පබා නායකත්වයට සුදුසු වන බව යි. එජාප ප්‍රතිසංවිධාන පිලේ අය මේ ගැනත් සැලකිල්ලක් යොමු කල යුතු ය. මන්ද, නායකත්වයට පත් වූ පසුව කරූට වඩා පහසුවෙන් පබාව හැසිරවිය හැකි නිසා ය.
එජාප අර්බුදය මධ්‍යයේ ආණ්ඩුව ද බොර දියේ මාළු බාමින් සිටිනු පෙනෙයි. ඒ අල්ලපනල්ලේ ආණ්ඩුව විසින් “සිමෙන්ති හොරු, පෙට්‍රල් හොරු මෙන්ම කෘමිණාශක හොරු” හුරතල් කරමින් යන ගමන ද පිළිකුල් සහගත බව ද නොකිවමනා ය.,
 
 
– සිංහලයා පුවත්

 

Shortlink:

Share This Post

2 Responses to එජාප නායකත්වයට පබා ?

  1. Dan puluwannum pabata gampahin wadi chanda aran pennanna kiyanna.Deal eke giyapu gon badu parliment ewanawane habatama me gampaha harak okunta piduru ellanna ona.

  2. GON BADUWAK PARIMENT AWE WHY GAMPAHA GONU NE

Leave a Reply

Your email address will not be published. Required fields are marked *