ඕස්ට්‍රේලියා 20-20 තරඟාවලියට මාලිංග නෑ..

 

 

 

 

 

 

 

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා පිල අතර ලබන අගෝස්තු මස 6 සහ 8 වන දිනවල පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟ සඳහා වේග පන්දු යවන ලසිත් මාලිංග සහභාගි නොවනු ඇති බවට වාර්තා වනවා.

ශාරීරික ආබාධයක් හේතුවෙන් ලබන මස පැවැත්වෙන පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟාවලියේ සංචිතයට ලසිත් මාලිංගගේ නම ඇතුලත්ව නැහැ. නමුත් ශ්‍රී ලංකා- ඕස්ට්‍රේලියා එක්දින තරඟාවලියට ලසිත් මාලිංග ඇතුලත් වීමට ඉඩ කඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා- ඕස්ට්‍රේලියා පන්දුවාර 20-20 තරඟාවලියේ සංචිතය මෙසේයි:
තිලකරත්න ඩිල්ශාන් (නායක ), මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, දිනේශ් චන්දිමාල්, ආන්ජලෝ මැතිව්ස්, ජීවන් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, තිසර පෙරේරා, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, අජන්ත මෙන්ඩිස්, නුවන් කුලසේකර, සුරජ් රන්දිව්, රංගන හේරත්, චාමර සිල්වා, ශාමින්ද එරංග

ස්තුතිය: රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
– සිංහලයා පුවත්

 

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *