“ආත්මාර්ථයට වඩා ශ්‍රී ලාංකිකත්වයයි වැදගත්..”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“අප රටේ ක්‍රිකට් ක්‍රීඩාව හදවතින්ම වැලඳ ගෙන ඇත්තේ සාමාන්‍ය ක්‍රිකට් ලෝලියා යි. ශ්‍රී ලංකාව තුල ක්‍රිකට් ක්‍රීඩාවට හිමි තැන නිර්මාණය කලේ ක්‍රිකට් පරිපාලනයවත්, ක්‍රීඩකයින්වත් නොවෙයි. ක්‍රිකට් ලෝලියා යි. එබැවින් වර්තමානයේ ක්‍රිකට් පරිපාලනයට දේශපාලනය අවතීර්ණ වීමෙන් ඇතිවී ඇති අහිතකර බලපෑම් පිළිබඳව දිගින් දිගටම ක්‍රිකට් ලෝලියා තුල ඇතිවන කලකිරීම නිසා ශ්‍රී ලංකාව තුල ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට ඉඩ තිබෙනවා..” ලන්ඩනයේ ලෝඩ්ස් පිටියේ එම්.සී.සී. ආරාධිත ක්‍රිකට් දේශනය පවත්වමින් මේ අදහස් පල කලේ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරයි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය, ක්‍රමයෙන් එය ජාතික ක්‍රීඩාවක් තරමට ම ශ්‍රී ලාංකිකයින් ට සමීප වූ අයුරු සංගක්කාර මෙහිදී විස්තර කලා. නමුත් මුදල්, දේශපාලනය සහ බලය ක්‍රිකට් පරිපාලනය තුලට ඇතුළු වීමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ඇතිවූ අහිතකර බලපෑම් පිළිබඳව ඔහු සිය දේශනයේ දී අදහස් දැක්වූයේ තරමක කණගාටුවෙන්.”1996 වසරේ ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව එතෙක් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කටයුතු කල දක්ෂ මහත්වරුන්ගෙන් සමන්විත වූ ක්‍රිකට් ආයතනය, මිලියන ගණන් මුදල් උපයන ආයතනයක් බවට පත්වූවා. ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනය ඇතුළු වීම ක්‍රීඩාවට අනිසි ලෙස බලපෑවා. බලය සහ මුදල් හේතුවෙන් තනතුරු වලට පත්වූවන් අතර වූ බල අරගලය නිසා ඔවුන් තම අරමුණු ඉටු කර ගැනීමට ක්‍රීඩකයින් පාවිච්චි කලා. නමුත් 1999න් පසුව මේ තත්වය තරමක් යහපත් අතට පත් වූවා. නමුත් දේශපාලනය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුයි. ක්‍රිකට් පරිපාලනයේ දැනට පවතින අක්‍රමිකතා සහ විනිවිදභාවයක් නොමැතිකම ක්‍රිකට් රසිකයා තුල දැඩි කලකිරීමක් ඇති කර තිබෙනවා. මෙය තවදුරටත් පැවතුනොත් එය ක්‍රීඩාවේ අභාග්‍යයට හේතුවේවි. ක්‍රිකට් හි ජීව ගුණය පවත්වා ගැනීමට ක්‍රීඩාවේ ස්වාධීනත්වය පැවතිය යුතුයි. ආත්මාර්ථයට වඩා ශ්‍රී ලාංකිකත්වයයි වැදගත්..!

ක්‍රිකට් පාලක මණ්ඩල වලට දේශපාලන බලපෑම් මත පත්වන නිලධාරීන් සහ දූෂිත නිලධාරීන් එම තනතුරු වලින් පහ කිරීමේ බලය ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවට ලැබෙන්නේ නම් එය මා අගය කරනවා.” යැයි කුමාර් සංගක්කාර වැඩිදුරටත් පවසා සිටියා.

කුමාර් සංගක්කාර ගේ දේශනය අසන්න.

 

– සිංහලයා පුවත්

 

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *