“ගඟ අද්දර” ගීතයේ සැබෑ පද රචකයා නිමල් මෙන්ඩිස් ද ? (නිර්මාණ මංකොල්ලයක් පිළිබඳව හෙළිදරව්වක් )

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ප්‍රවීණ නළු විජය කුමාරතුංග මහතා සහ වසන්ති චතුරාණි මහත්මිය රඟ පෑ “ගඟ අද්දර” චිත්‍රපටය සහ එහි එන “ගඟ අද්දර” ගීතය පිළිබඳව නොදන්නා ශ්‍රී ලාංකිකයෙකු නැති තරම්.
විජය කුමාරතුංග මෙන් “ගඟ අද්දර” ගීතය ගායනා කරන්නට උත්සාහ ගන්නා කොතෙකුත් දෙනා සිටියත්, මේ ගීතයේ මුල් ගායනය විජය කුමාරතුංග නම් අසිරිමත් ගායකයාගේ බව ඔබ දන්නවා. නමුත් එම ගීතයේ මුල් රචනය හෝ රචකයා පිළිබඳව ඔබ දැනුවත් ද ?
 
අපි මේ කියන්නට හදන්නේ “ගඟ අද්දර” ගීතයේ පදරචකයා තමන් යැයි කියාගන්නා “නිමල් මෙන්ඩිස්” මහතා පිළිබඳව නොවෙයි.
“ගඟ අද්දර” ගීතයේ පද රචකයා ප්‍රවීන ගීත රචක නැසීගිය ඔගස්ටස් විනයාගරත්න මහතායි. එසේම “ගඟ අද්දර” චිත්‍රපටයේ එන නිරාශා පෙරේරා විසින් ගයන “රන් ටිකිරි සිනා” ගීතයේත් ගේය පද ඔගස්ටස් විනයාගරත්න මහතාගේයි.නමුත් මේ නිමල් මෙන්ඩිස් මහතා පවසන්නේ, අදාල ගීත දෙකම තමන්ගේ නිර්මාණයක් බවයි. තමන් විසින් ලියන ලද මේ ගීත ඔගස්ටස් විනයාගරත්න මහතා විසින් සිංහලට පරිවර්තනය කල බවකුත් නිමල් මෙන්ඩිස් මහතා පවසනවා.
නමුත් සත්‍ය තත්වය, නිමල් මෙන්ඩිස් යනු මෙම ගීතයට සංගීතය සැපයූ පුද්ගලයා පමණයි.
කෙසේ වුවත්, දැනට “ගඟ අද්දර” නාට්‍යය විකාශනය කරන සිරස රූපවාහිනී නාලිකාවේ පවා මෙහි නියම නිර්මාපකයාට නිසි ගෞරවය ලබාදෙන බවක් පෙනෙන්නටත් නැහැ.
 

මෙසේ කිසියම් කලා නිර්මාණයක මුල් නිර්මාණකරුවා අමතක කර නිර්මාණයෙන් ඇති පදම් ප්‍රයෝජන ගනිමින්, නිර්මාණය විකෘති කිරීමින්, වගකීම් රහිත ලෙස මාධ්‍ය හැසිරවීම පිළිබඳව සිරස මාධ්‍ය ජාලයේ ආරම්භයේ සිටම චෝදනා එල්ල වුනා.

කෙසේ වුවත්, “ගඟ අද්දර” ගීය කී පමණින් සුරේන්ද්‍ර පෙරේරාට විජය කුමාරතුංග කෙනෙක් වීමටවත්, අනුන්ගේ නිර්මාණයක් කොල්ල කෑ පමණින් නිමල් මෙන්ඩිස් මහතාට ඔගස්ටස් විනයාගරත්න මහතාගේ නිර්මාණශීලීත්වය සොරා ගැනීමටවත් නොහැකි බව කිවයුතුයි.

“ගඟ අද්දර” ගීතයේ නියම රචකයා ඔගස්ටස් විනයාගරත්න මහතා බවට සනාථ කල හැකි ලිඛිත සාක්ෂි ඔගස්ටස් විනයාගරත්න මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් අප වෙත ලබාදී ඇති අතර, ඉදිරි කාලයේ ඒ සියල්ල ඔබ වෙත ඉදිරිපත් කිරීමට සිංහලයා මාධ්‍ය ජාලයේ අප සූදානම්.
 
කෙසේ නමුත් මේ අවාසනාවන්ත තත්වය පිළිබඳව සත්‍ය තත්වය සොයා බලා එය නිවැරදි කිරීමට සිරස මාධ්‍ය ජාලය ඉක්මනින්ම කටයුතු කරනු ඇතැයි සහෝදර මාධ්‍යවේදීන් ලෙස අපි බලාපොරොත්තු වෙමු. වගකීම් රහිත ලෙස මාධ්‍ය හැසිරවීම පිළිබඳව සිරස වෙත පවතින චෝදනා නිවැරදි කරගැනීමට ද එය ඉවහල් වනු ඇති…

මෙම කාරණය පිළිබඳව සිංහලයා පුවත් ඒජන්සියේ අප අවදියෙන්…

මේ පිළිබඳව යාවත් කාලීන තොරතුරු දැන ගැනීමට සිංහලයා පුවත් ඒජන්සියට අනුබද්ධිත නිර්මාණශීලිත්වය පිළිබඳ ෆෝරමයට පහත යොමුවෙන් පිවිසෙන්න…

 
http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9606.msg51109

 
– සිංහලයා පුවත්

 
 

 

Shortlink:

Share This Post

3 Responses to “ගඟ අද්දර” ගීතයේ සැබෑ පද රචකයා නිමල් මෙන්ඩිස් ද ? (නිර්මාණ මංකොල්ලයක් පිළිබඳව හෙළිදරව්වක් )

  1. i think it should be Mr Ogsatas . But SIRASA Always doing useless prg: only, What to do we are srilankan.

  2. The first audio Caste tape named “Ganga Addara”(those day beginning of the 80’s) of Vijaya Kumaranathunga was released by SingLanka Ltd.I do not know weather it exists still, in the paper cover of that tape the details of the song list was displayed, in that list lyric writer of the Song Ganga Addara was printed as Augaustus Winayagarathnam” and music by Nimal Mendis

  3. එතුමාගේ නම ඔගස්ටස් විනයාගරත්නම් ! විනයාගරත්න නොවෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *