“ශ්‍රී ලංකාව තරඟ පාවාදුන්නා” – හෂාන්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුරා දශක දෙකක් තිස්සේ තරඟ පාවාදීම් වල යෙදුනු බවට බරපතල චෝදනාවක් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හෂාන් තිලකරත්න වෙතින් එල්ල වී තිබේ. පසුගිය සතියේ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව අනාවරණය කර ඇති ඔහු 1992 වසරේ සිට සිදුවූ මෙම තරඟ පාවාදීම් සහ එම පාවාදීම් සිදුකල ක්‍රීඩකයන් පිළිබඳ සම්පූර්ණ විස්තර හෙලිදරව් කිරීමට තමන් සූදානම් බව ද පවසා තිබේ.

 

ටෙස්ට් තරඟ 83 ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 200 ක දී පමණ ශ්‍රී ලංකාව නියෝජනය කල හෂාන් තිලකරත්න විසින් සිදුකල මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය පකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක රෂීඩි ලතීෆ් විසින් ද තහවුරු කර ඇතැයි පැවසේ.

 

කෙසේ වෙතත් දැඩි විවේචනයට තුඩු දුන් හෂාන් තිලකරත්නගේ මෙම විවේචනය කරන ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පවසා ඇත්තේ හැකිනම් මෙම චෝදනා ඔප්පු කරන ලෙසයි.
එක් එක් පුද්ගලයන්ට ඕනෑම දෙයක් ප්‍රකාශ කල හැකි වුවත් ඒ දේවල් ඔප්පු කිරීමේ හැකියාවක් ඔවුන් සතුව නැතැයි මහේල ජයවර්ධන මාධ්‍යයන්ට ප්‍රකාශකර තිබේ.

 

– සිංහලයා පුවත්

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *