විලියම් – කේට් රාජකීය මංගල්‍යයට බෝගොඩ සීලවිමල හිමියන්ටත් විශේෂ ආරාධනා

ලබන අප්‍රේල් 29 වනදා ලන්ඩනයේ දී පැවැත්වෙන විලියම් කුමරුගේ සහ කේට් මිඩ්ල්ටන් කුමරියගේ විවාහ මංගල්‍යයට සහභාගි වීමට විශේෂ ආරාධනා ලැබුවන් අතර ලන්ඩන් බෞද්ධ විහාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් ද වන බව “ද අයිලන්ඩ්” පුවත්පත වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය රාජකීය විවාහ මංගලෝත්සවයකට සහභාගි වීමට බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ආරාධනා ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම විවාහ මංගල්‍යයට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්, ගායක එල්ටන් ජෝන්, සුප්‍රකට නළු රෝවන් ඇට්කින්සන් (මිස්ටර් බීන්) ඇතුළුව යුරෝපයේ රජ පවුල් රැසක් ආරාධනා ලැබ ඇතැයි “ද අයිලන්ඩ්” පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

 

– සිංහලයා පුවත්

 


Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *