ලෝක “ලොක්කන්” අභිබවා ජනපති මහින්ද ලොව බලවත්ම පුද්ගලයින් දසදෙනා අතරේ…!

 

 

ටයිම් සඟරාව සහ සී.එන්.එන්. පුවත් සේවය විසින් ලොව වඩාත් බලපෑම් ඇතිකල හැකි පුද්ගලයින් 100 දෙනා තේරීමට තම පාඨකයින් අතර පවත්වන ලද අන්තර්ජාල ඡන්ද විමසීමේ දී, මුල් පෙලේ දස දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත්වී තිබෙනවා.
ලොව දේශපාලනය, කලාව, ක්‍රීඩා ඇතුළු ඒ ඒ ක්ෂේත්‍ර වලින් කැපී පෙනෙන බලවත් චරිත 203ක් යොදාගනිමින් පැවැත්වුනු මේ ඡන්ද විමසීමේ සමස්ථ ප්‍රතිඵල අනුව මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 131,155 ක් ලබාගනිමින් සිව් වන ස්ථානය හිමිකරගෙන ඇති අතර, මුල් පෙලේ දස දෙනා අතරට පැමිණි එකම දේශපාලන නායකයා වන්නේත් ඔහු පමණයි.අවම වශයෙන් ටයිම් සඟරාව නිකුත් කරන රටේ නායකයා වූ ජනපති බැරැක් ඔබාමාට හෝ මුල් පෙලේ දසදෙනා ලඟට කිට්ටු කිරීමටවත් නොහැකි වූ අතර යන්තම් ඡන්ද 5831ක් ලබමින් ඔහු රැඳී සිටින්නේ 46 වන ස්ථානයේ. ඔහුට කේවට්ටකම් කරන හිලරි ක්ලින්ටන් නෝනා මහත්මිය සිටින්නේ 42වන ස්ථානයේයි.

ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව, විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෲ ජූලියන් අසාන්ජ් ඡන්ද 27,328ක් ලබා 11 වන ස්ථානයත්, චීන ජනපති හූ ජින්තාවෝ ඡන්ද 8175ක් ලබා 27වන ස්ථානයත්, රුසියානු අගමැති පුටින් ඡන්ද 1587ක් ලබා 74 වන ස්ථානයත් ලබා තිබෙනවා.

දශක 3කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාව තුල පැවති ත්‍රස්තවාදී යුද්ධය නිමා කල මහින්ද රාජපක්ෂ ජනපතිවරයා තම මිත්‍ර රටවල් වූ රුසියාව, චීනය හා ඉන්දියාව සමග එක්ව, ඇමෙරිකාව, යුරෝපා සංගමය සහ ජගත් සංවිධානය එක්ව නගන ලද යුද අපරාධ චෝදනා අභියෝගයට ලක් කරමින් ඒවාට සාර්ථකව මුහුණදුන් බවයි මහින්ද රාජපක්ෂ මහතා ලොව බලවත්ම පුද්ගලයින් අතරට පැමිණීමට හේතුවූ කාරණා දක්වමින් ටයිම් සඟරාව ප්‍රකාශ කර ඇත්තේ.

“තම රටට හෝ ලොවට කිසිම දෙයක් නොකලත්, බැරැක් ඔබාමාට නොබෙල් සාම ත්‍යාගය පිදෙන අතරේ,
රටට, ලොවට වැඩක් කර පෙන්වූ වැඩ කාරයෙක් ලෙස ලොව පුරා ජනතා මනාපයෙන් තේරුණු ජන නායකයා ලංකාවේ පර්සි මහින්ද රාජපක්ෂ ම බව” ඇමරිකානු රාජ්‍ය තණ්ත්‍රයට කල සරදමක් නොවේ ද මෙය ?


– සිංහලයා පුවත්

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *