1815 සිට ඉංග්‍රිසි අධිරාජ්‍යයට යටත්ව තිබු ශ්‍රී ලංකාව යළිත් නිදහස් රාජ්‍යයක් බවට පත් වෙමින් ඉංග්‍රීසි කිරීටයේ පාලනයෙන් මිදී අද දිනට වසර 63ක් සපිරෙන අතර ප්‍රධාන ජාතික නිදහස් සමරු උත්සවය කතරගම දී අද අභිමානවත් ව පැවැත් වේ.
වසර දහස් ගණනක් තිස්සේ ස්වෛරී රාජ්‍යයක් ව පැවති ශ්‍රී ලංකාව 1815 මාර්තු දෙවෙනි දින ඉංග්‍රීසි පාලනයට සම්පූර්ණයෙන් නතු වුයේ බ්‍රිතාන්‍යයන් විසින් සකස් කල කූට ලියැවිල්ලකට අනුව ය. “කන්ද උඩරට ගිවිසුම” නමින් සකස් කරන ලද එම ලියැවිල්ල මගින් ශ්‍රී ලංකා රාජ්‍යය නීත්යණුකුල ව ම බ්‍රිතාන්‍යයන් විසින් සින්න කර ගනු ලබුයේ බලලෝභී දේශීය ප්‍රධානීන්ගේ ද සහයෝගය ඇතිව ය.
1815 උඩරට ගිවිසුමේ පිටපත බලන්න…
කෙසේ නමුත්, ශ්‍රී ලංකාව තම පාලනයට ගත් ඉංග්‍රීසීහු මෙරට පන්සල්, ගම්බිම් ගිනිබත් කර විනාශ කරමින්, ගැහැනුන් දූෂණය කරමින්, කුඩා දරුවා පවා කඩු ගසමින් සහ සිංහල ජනතාව වහළුන් සේ සළකන ලද අතර මෙරට සතු සුවිශාල වස්තු සම්භාරයක් මංකොල්ලකමින් සිය රට පැටවුහ.
එවන් අශිෂ්ඨ කැරැට්ටුවක් ඇති ම්ලේච්ඡයන් පිරිසක් වු බ්‍රිතාන්‍යයන් විසින් අද “මානව හිමිකම්” ගැන අපිට කියා දීමට එ’ම කෙතරම් විහිළුවක් ද?
එසේම, සුද්දාගෙන්ම උපදෙස් පතමින් සුද්දා අනුකරණය කරනා කළු සුද්දන් කෙතරම් ලජ්ජා සහගත විය යුතු ද?
1815න් ඇරඹි ඉංග්‍රීසීන්ගේ කෲරකම් සහ ම්ලේච්ඡත්වයට එරෙහිව නැගී සිටි සිංහලයෝ 1817 දී සිය පලමු නිදහස් සටන වෙල්ලස්සෙන් ඇරඹුවේ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි කිරීටය ද සළිත කරවමිනි. එසේ ඇරඹි මෙරට පලමු නිදහස් අරගලය ද දේශීය පාවා දෙන්නන් ගේ සහායෙන් මැඩපැවැත්වු ඉංග්‍රීසීහු විසින් “එදා වෙල් ලක්ෂයක් ව පැවති” වෙල්ලස්ස ගිනිතබා විනාශ කරමින් ඉංග්‍රීසි කිරීටය වෙත උජාරුවෙන් දන්වා සිටියේ, “වෙල්ලස්සට අයිත් අවුරුදු සිය ගණනකට නැගිටීමට නොහැකි” බව ය.
එනමුත්, මෙරට ඉංග්‍රීසීන්ගේ පාලනයට නතුව තිබු සියවසකට අධික කාලය තුල මෙරට වරින් වර විසු සියළු ජාතීන්ට අයත් දේශමාමකයින්ගේ ද පන්නරය ඇතිව 1948 පෙබරවාරි 4 වෙනි දින ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට යළි පත් විය.
එහෙත්, ඉංග්‍රීසීන් විසින් සියවසකට අධික කාලයක් තිස්සේ මෙරට මරාදැමුණු ජනතාව වෙනුවෙන්, මෙරටින් පැහැරගත් දේපල වෙනුවෙන් බ්‍රිතාන්‍යයන් විසින් සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගෙන්ම සමාව ගත යුතු බව 63 වන නිදහස් සමරුව වෙනුවෙන්, සිංහලයා මාධ්‍ය ජාලය වෙනුවෙන් පල කරන මෙම ලිපියෙන් අවධාරණය කරමු.
– සිංහලයා පුවත්
Shortlink: