“අංගම්” සිනමා කෘතිය – හෙළයේ අංගම් කලාව ගවේශණයක…

“අංගම්”, පැරණි හෙළ ජන වහර හා පුරාවිද්‍යාත්මක සාධක උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ඉපැරණි සටන් කලාවක් වූ “අංගම් ශිල්පය” ගවේශණය කරන්නාවූ සිනමා කෘතියකි. අංජුල වීරසිංහයන් අධ්‍යක්ෂණය කල “අංගම්” අංගම් ශිල්පයේ ආරම්භය විමසන අතරම, එයට කාලීනව එල්ල වූ බාධක, අපේ පැරණි අංගම් ශිල්පීන් මේ වටිනා කලාව ඉදිරි පරපුරට දායාද කිරීමට රැකගත් සැටි මෙන්ම මේ සටන් කලාවේ අනාගතය ද කතිකාවට ලක් කරයි.
අද වන විට මෙම ශිල්පය සිය සිසු පරපුරට දායාද කර දෙමින් එයින්ද නොනැවතී මෙරටට ආවේනීක මෙම සටන් ශිල්පය ජාත්‍යන්තරයට ගෙනයමින් ජාත්‍යන්තරයේ හෙළංකේය සටන් සළකුණ තැබූ පාරම්පරික හටන් ශිල්පී ගුරු කරුණාපාල මහතා සහ ඔහුගේ කෝට්ටේ අංගම් මඩුව පසුබිම් කරගනිමින් මෙම සිනමා පටය නිර්මාණය කර ඇත. මෙරට පුරාවිද්‍යා ඉතිහාසයේ මග සලකුණු ගණනාවක් තැබූ ජ්‍යෙෂ්ඨ පුරා විද්‍යා උපදේශක ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සිය දායකත්වය මෙම නිර්මාණය සදහා ලබාදී ඇත.
මේ සිනමා පටය පිළිබඳව වැඩි විස්තර:
Shortlink: