විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව (එම්.කේ. සිවාජිලිංගම්)

 

පැට්‍රීෂියා ඒ. බුටෙනිස් නම් මහදැනමුත්තියගේ මීලඟ ගෝලයා දමිළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ය.
මේ ඇය තමන්ගේ රහසිගත කේබල් පණිවිඩයක, එම්.කේ. සිවාජිලිංගම්ගේ අදහස් තම රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තා කර තිබූ අයුරු යි.

==================================

දිනය : 2010 ජනවාරි 15
මාතෘකාව: ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධව එහි වගකීම : දමිළ ප්‍රජාවේ අදහස
පැට්‍රීෂියා ඒ. බුටෙනිස් විසින්

දමිළ ජාතික සන්ධානයේ එම්.කේ. සිවාජිලිංගම් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධව ප්‍රසිද්ධියේ තම අදහස් ඉදිරිපත් කල ප්‍රමුඛ දමිළ දේශපාලනඥයෙකි. ඔහු ප්‍රභාකරන්ගේ ඥාතියෙකු ද වේ. දමිළ ජාතික සන්ධානයෙන් සහ රජයට සම්බන්ධ දමිළ පක්ෂ වලින් දමිළ ජනතාවගේ ප්‍රශ්ණ සම්බන්ධව ක්‍රියාත්මක වන ප්‍රමාණය මඳ බැවින් මොහු ඒ දෙපාර්ශවයෙන්ම වෙන්ව තනිව තමන්ගේ දේශපාලන න්‍යායයක් අනුගමනය කරයි.

ෆෙඩරල් ව්‍යහුයක් යටතේ බලය විමධ්‍යගත කිරීමක් සහ සිංහල සහ දමිළ ජනතාව නියෝජනය කිරීමට වෙන වෙනම අග්‍රාමාත්‍යවරු දෙදෙනෙක් රටට අවශ්‍ය බව මොහුගේ අදහසයි. මියගිය සහ පීඩා විඳින දමිළ ජනතාවට යුක්තිය ඉටුකිරීම උදෙසා ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව මොහු අවධාරණය කරයි.

==================================

දමිළ ජනතාවට සහ සිංහල ජනතාවට වෙන් වෙන් වශයෙන් අග්‍රාමාත්‍යවරුන් දෙදෙනෙක් අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ද තවත් අග්‍රමාත්‍යවරයෙකු අවැසි වේ. ඒත් සමගම ආදි වාසී වැදි ජනතාව වෙනුවෙන් ද “තවත් අගමැති හූරෙක්” පත් කල යුතු ය. මෙය තනිකරම පිස්සුවකි. ශ්‍රී ලංකාවාසීන් මෙතෙක් දැන සිටියේ, සිවාජිලිංගම් යනු තවත් “අවි නොදැරූ ත්‍රස්තවාදියෙකු” පමණක් වුව ද දැන් දැන් හේ “පිස්සෙක්” ද වන බවට පසක් කොට ඇත. දමිළ ජනතාවගේ විමුක්තියක් ගැන කතා කරන්නේ මෙවන් බූරුවෝ ය. අමනයෝ ය..

ලොව කිසිම රටක ජාතීන් අනුව වෙන් වෙන් වශයෙන් අගමැතිවරු පත් වෙත් ද?
එවන් විකෘති අදහස් පහළ වන්නේ ද මානසික වශයෙන් අසහනකාරී ගොරකයන්ට ම පමණි.

එසේම, ඉඩම් සහ පොලිස් බලතල විමධ්‍යගත කල යුතුය යනුවෙන් ටී.එන්.ඒ. අවි නොදැරූ ත්‍රස්තවාදීහු පසුගිය කලවකවානුවේ දී කෑ මොර දුන්නේ ඔවුන්ට බටහිරෙන් ලැබුණු කොන්තරාත්තුව එය බැවිනි. උපන් මව්බිමට එරෙහි එම සියළුම සැහැසිකම් වෙනුවෙන් ඇති තරම් ඩොලර්, යූරෝ හෝ පවුම් ද ලබෙන්නට ඇත. ඒත් ඒ මුදල් දමිළ ජනයාගේ විමුක්තිය සඳහා යෙදවූයේ ද යන්න ප්‍රශ්ණයකි.

කොළඹ වෙසෙන ඇමරිකාවේ බුටේනිස් නෝනාට ද මෙවන් “වෘෂභ චරිත” බොහෝ වටිනා බව පෙනේ.

කොටි සංවිධානය විනාශ වූ තැන ලොව පුරා නූගත් කොටි හිතවාදීන් බටහිර රටවල් සමග ශ්‍රී ලංකාවට නොයෙකුත් බලපෑම් එල්ල කරන්නට වූයේ තමන්ට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ කටයුතු හැසිරවීමට වුව ද ඒ සියළු උත්සාහ ව්‍යර්ථ විය. ඉන්පසු ඔවුන්ගේ මාර්ගය වූ යේ දමිළ ඩයස්පොරාවට සිය සහාය දක්වමින් බටහිර තානාපතිවරුන් හරහා ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ලකොට ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කිරීම සහ රජය අස්ථාවර කිරීමයි.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය කොටි හිතවාදීන් හා සාකච්ඡා පවත්වමින් ශ්‍රී ලංකාව පිළිබඳව ඔත්තු සෙවීමේ අලජ්ජී කාර්යය පිටුපස සැඟවුණු සත්‍යය එය යි.

 

- සිංහලයා පුවත්

 

මෙම පුවතේ ඉංග්‍රීසි සංස්කරණය

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>