තමන් විසින්ම නිර්ණය කරගත් වර්ණ භේදයක් මගින් තද පැහැ සමක් ඇත්තන් නිරතුරුවම පාගා දමමින්, ඒ රටවල ප්‍රශ්න ඇති කරන්නට දැන් ඔවුන්ගේ හෙංචයියන් එලි පහලියට පැමිණ ඇති සෙයකි.
ආසියාකරය දෙස නිතරම වපරැසින් බැලීමට පුරුදු ව සිටින බටහිර සුද්දන් අතර සිටින “ජනමාධ්‍යවේදීන්” යැයි කියාගන්නා පිරිසක් විසින් ද තමන් ගේ ජරාජීර්ණ සිතුවිලි අන් අයටද කාවද්දා ඔවුන්ව ද ඒ මඩ ගොහොරුවටම ඇදගන්නට මාන බලන අයුරු අද බටහිර ලෝකය තුල සාමාන්‍ය දෙයක් බවට පත් ව තිබේ..
ප්‍රශ්න වලට අමතරව ඒ සඳහා උත්තර ද මේ පුවත් පත විසින් කලින්ම පිළියෙල කරගෙන ඇති බව පෙනී යන්නේ ඔවුන්ට අවශ්‍ය කරන අදහස් මුරලි තුලින් ලබාගන්නට දරන අසරණ උත්සාහය නිසාය. නියම මහත්මයෙකු ලෙස අදාල ප්‍රශ්න වලට කෙළින් පිළිතුරු දෙමින් මේ සුද්දන්ගේ ප්රයත්නය ලත් තැනම ලොප් කල මුරලිව අවශ්‍යයෙන්ම පැසසිය යුතුය.
මේ ජඩ මාධ්‍යවේදීහු ශ්‍රී ලංකාව ගැන මහ ලොකුවට කියන්නට යන්නේ මේ බිම අඩියකුදු නොතබා වීම හාස්‍යයට කරුණක් නොවන්නේ ද? ලංකාවේ සිදු වන කිසිදු කෙංගෙඩියකුදු නොදන්නා මොවුහු ඔවුනුවුන්ගේ රටවල් දියුණු යැයි ද, දුප්පත් ලංකාව වැනි රටවල් විසින් දියුණු රටවල් වලින් සියළු දේම අසා දැන ගැනීමට උවමනා යැයි ද සිතති..
සත්‍ය කරුණ නම්, මෑත අතීතයේ සිටම සුද්දා විසින් ලාංකිකයාට දියුණු වීමට ඉඩක් දුන්නේ නැත. වසර සිය ගණන් යටත් විජිත ලෙස පැවැති ජාතියක් නිදහසින් පසුව වසර තිහක යුද්ධයක් වෙත තල්ලු කිරීම පිටුපස සිටියේ ද බටහිර සුද්දා බව නොරහසකි.. ඉතිං ලංකාවට දියුණු වීමට කාලය කොහි ද? ඒ අතර සිය යටත්විජිත රටවලින් සූරාගත් දැවැන්ත වස්තු සම්භාරයෙන් පෝසත් වූ සුද්දා අද තමන් “දියුණුයි” කියන්නෙ මෙවන් තත්වයක් තුල ය..
ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය දැනගන්නට නම් ශ්‍රී ලංකාවට පැමිණිය යුතු ය.
ඔස්ට්‍රේලියානු මාධ්‍ය සහ ක්‍රිකට් “ප්රවීනයින්” යැයි කියාගත්තවුන් මුරලිට කුරුමාණම් ඇල්ලුවේ අද ඊයේ නොවේ. ඒ පිළිබඳව විසල් අත්දැකීම් අප සතුය. ක්‍රීඩා ක්ෂේත්රයෙන් බැරිනම් රටේ වර්තමාන තත්වය උදෙසා හෝ මුරලි වෙතින් යමක් කියවා ගෙන ඔහුගේ සහ සමස්ත ශ්‍රී ලංකාවේම අනාගතය අඳුරු කරන්නට මේ ජඩයින් දරන උත්සාහය මෙහෙයවන්නේ කවුරුන් දැයි අමුතුවෙන් කිවයුතු නොවේ.
“නොදියුණු” යැයි බටහිරයින් විසින්ම ලේබල් කල ආසියානු රටවල් අනාදිමත් කාලයක සිට පෙලන්නට ජාති භේදය, ආගම්වාදය සහ වර්ණ භේදය යන බටහිරෙන් ජන්ම ලාභය ලැබූ අවජාතක පිළිල හේතු විය.
කොයි හැටි වෙතත් ශ්‍රී ලංකාව පිළිබඳව බමුණු මත දරන්නන්ට සහ ඔවුන්ට උඩගෙඩි දෙන කළු සුද්දන්ට කිව හැක්කේ මෙපමණකි. සුද්දාට වැඳ නමස්කාර කරමින්, සපත්තු ලෙවකමින් ලබන ඩොලර් කුට්ටියට වඩා මහමග හිඟා කෑම නම්බුකාර වන්නේ අඩු තරමින් රටට ද්‍රෝහී නොවන පුණ්යකර්මයවත් අවසානයේ ඉතිරිවන බැවිනි.
- සිංහලයා පුවත්
Shortlink: