කලම්බු හයි ස්කූල්.. බට්, එම්ටි හෙඩ්.. නතින්ග් ටු කන්ට්‍රි..

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2009 වසරේ දිනක කොළඹ මැජෙස්ටික් සාප්පු සංකීර්ණයේ සෝපානයෙන් පහල මාලයට බසින පිරිස අතර සිටි “පොෂ් ලුකැ’ති”තරුණියක් අන් අයට ඇසෙන්නට වාගේ සිය යෙහෙලිය සමග කාටදෝ දොස් තබමින් සිටියා.. මේ බැනිල්ල කෙසේ වෙතත් අවසානයේ ඇය වෙතින් කියැවුණු එක් දෙයක් ගැන මේ ලිපියට මූලාරම්භයක් විදිහට යොදා ගනිමු.

“යූ ඩෝන්ට් කෙයාර් ඩියර්.. ඌ කෝහේ හරි මධ්‍ය මහා විද්‍යාලෙක ඉගෙන ගත්තු ගොඩයෙක් වෙන්ඩ ඇති..” ලෙස ඉහත තරුණිය විසින් හරි උජාරුවට කිව්වේ, තමන් කොළඹ ලොකු ඉස්කෝලෙක ඉගෙන ගත් බවත්, ඒ නිසා තමන් හැර ගමේ ඉගෙනගත් හැම එකාම ගොඩයන් බවත්” නෙමෙයි ද?ඒ වගේම කොළඹ ඉඳන්, ඉංගිරිසියෙන් “ෆ්‍රයිඩ් මැනියොක්” කන “පොෂ්” පැලැන්තියට අයත් වැඩිමනක් දෙනා මේ රටේ ග්‍රාමීයත්වය සහ ගමේ පාසල් සංස්කෘතිය ගැන හිතන පතන ආකාරයත් ඉහත කතාවෙන් මනාව පැහැදිලි වෙනවා..

දෙමව්පියන් තමන්ගේ දරුවෝ උපදින්නත් කලින් දරුවා ඇතුලත් කරන්න පාසැලක් හොයන්න, ඒ පාසැල අවටින් පදිංචි වෙන්න උත්සාහ කරන්නේ “ජනප්‍රිය පාසැල් වල නමට” වලට රටේ තවමත් පිලිගැනීමක් තිබෙන නිසා..

මේ ජනප්‍රිය පාසැල් වලට වෙලා නිකන් කාලේ කාපු “හිස් කාඩ්බෝඩ් පෙට්ටි” ටික ඊලඟට කරන්නේ ඒ ලේබලයම අලවගෙන රටේ, ආයතන වල ඉහළ තනතුරු වලට රිංගන එක,,, ගමේ ඉස්කොලෙන් ඉගෙන ගෙන අමාරුවෙන් ඉහලට ආපු එකා හැමදාම අවතක්සේරුවට ලක්වෙනවා.. සම්මුඛ පරීක්ෂණයකදී වුනත් ප්‍රමුඛතාව ලැබෙන්නේ “අගනුවර ජනප්‍රිය පාසැලක ඉගෙනගත්තු” අයට…
දක්ෂයා සහ දක්ෂතාවය යට යනවා බොහොම ලේසියෙන්…

වරක් සිංහලයා පුවත් ඒජන්සියේ මාධ්‍යවේදියෙක් විසින් කොළඹ එක් ප්‍රධාන පෙළේ සමාගමක සේවක පිරිසක් වෙනුවෙන් කල “නායකත්ව පුහුණු සැසියක්” අවසානයේ ඒ ගැන පැහැදුනු “එග්සෙකටිව් සේවක පිරිස” අතර උන්නු එක්තරා හැඩි දැඩි “මැනේජරයෙක්” විසින් අදාල දේශණය කල අපේ මාධ්‍යවේදියා අමතමින්, “මිස්ට …………. ඔයාගෙ ලෙක්චර් එක නම් එක්සලන්ට්.. බ්‍රිලියන්ට්.. ඔයා ‘රෝයලිස්ට්’ කෙනෙක් ද?” යි අහන්නේ, මොකක් හරි විශිෂ්ඨ දෙයක් කරන්නට නම් හෝ, විශිෂ්ඨයෙක් වන්නේ “රෝයලිස්ට්” කෙනෙක් (කොළඹ රාජකීය (රෝයල්) විද්‍යාලයේ) ඉගෙන ගත් අයෙක් ම විතරක් කියා ඉහත මැනේජරයාගේ උද්ධච්ඡ මානසිකත්වය නිසා නෙමෙයි ද?

ඉතිං එවැනි අයගේ පාලනයට නතුව තිබෙන සමාගමක් හරි කාර්යාලයක හරි වැඩ කරන පහල සේවකයන් ගැන කුමන කතා ද?

අපේ රටේ තවමත්, දක්ෂතාවයට වඩා පිලිගන්නේ සහතිකය….
ජනප්‍රිය පාසැලට වෙලා ප්‍රයෝජනවත් යමක ඉගෙන ගන්නේවත් නැතිව, කිසිම පාසැල් පරිබාහිර කටයුතුවලට සහභාගීත්වයක් නැතිව සිටි අය සහතික ගොඩක් එක්ක පාසලෙන් එලියට එන විදිය ප්‍රසිද්ධ රහසක් වුනාට, රැකියාවක් සම්බන්ධව ඒ කරුණ මතුවෙන්නේ නැහැ…
තමන් හොබවන තනතුර සම්බන්ධව කිසිම ප්‍රායෝගික දැනුමක් නැති අය දැක්කම “ඒක පන්දමක්” කියල අපිට නිතැතින්ම තේරුම් යනවා.

බොහෝවිට කොළඹ උසස් පාසල් වගේම ගාල්ල, මාතර වගේ ප්‍රධාන නගර වල තියෙන පාසල් එකක දෙකක ඉගෙන ගත්තු කෙනෙක් කොහේ හරි සමාගමක සේවය කරනව නම්, සමාගමට අළුතින් සේවයකන් බඳවා ගන්නකොට ඉස්සෙල්ලම බලන සාධකය “තමන්ගෙ ඉස්කෝලෙ ඔල්ඩ් බෝයි හෝ ගර්ල්” කෙනෙක් ද කියන වග.. තමුන් ඉගෙන ගත් ඉස්කෝලෙට ගරු කරන එක වගේම ඒ ඉස්කෝලෙ දියුණුවට හැකි අයුරින් දායක වීම හොඳ දෙයක්.. ඒත්, රටේ අනිත් ඉස්කෝල වල උගන්නන්නෙත් එකම විෂය මාලාව.. ඉස්කෝලෙ අනුව නෙමෙයි දක්ෂයා බිහි වෙන්නෙ.. පුද්ගල හැකියාවන් මත විතරක් කියන දේ මේ අයට අමතක යි.. ඉතිං තමංගෙ ඉස්කෝලෙන් එන අය හැර සෙසු ඉස්කෝල වලින් එන හැමෝටම අන්තිමට වැටෙන්නෙ “බින්දුව” ම විතරයි.. තමන්ගෙ ඉස්කෝලෙන් ආපු එකා කොච්චර නිකමෙක් උනත්, හරකෙක් උනත්, මදාවියෙක් උනත් ඉස්කෝලෙ නමට ඌට “එක” වැටෙනව..

මෙතනදි තවත් දෙයක් කියන්නට ඕනෑ..
අපි මේ කියන “කොළඹ ලොකු ඉස්කෝල” කියන්නෙ කොළඹ නගරය පුරා තියෙන ලොකු කුඩා ඉස්කෝල සිය ගණනක් නෙමෙයි.. කොළඹ පිහිටි “ජනප්‍රිය හෝ උසස්” ඉස්කෝල දෙක පහක් දහයක් විතරයි.. ඒ ඉස්කෝල පහ දහයට අනුව නං අර කොළඹ තියෙන දුප්පත් පොඩි ඉස්කෝල ඔක්කොම, “පරිප්පු ඉස්කෝල” නැත්නම් “මදාවි ඉස්කෝල”.. ඒත් අපිට නං මේ රටේ තියෙන හැම ඉස්කෝල ම එකම වැදගත්කමයි.. හැම ඉස්කෝලෙකම ඉගෙන ගන්නෙ රටේ අනාගතය නෙමෙයි ද?

තමන් කොච්චර වැඩකට නැති එකෙක් බව දැන දැනත්, තමංගෙ ඉස්කෝලෙ නිසා ම සමාජයීය අවස්ථාවන් තමන් කරා එන බව දන්නා අයවළුන් විසින් ඉදිරියටත්, යන යන හැම තැන ඉස්කෝලෙ නම ඉස්සරහින් තියාගෙන ම යන්නෙ ඉස්කෝලෙට තියෙන අනූපමේය භක්තිය නිසා නං නෙමෙයි.. ඉස්කෝලෙ නාමයෙන් තමංට ලැබෙන අවස්ථාවන් ගැන හිතාල විතරයි.. ඒත් ඒ හැම තැනකදි ම වෙන්නෙ “දක්ෂයෙක් දස්කම් දැක්වීමට තිබු ස්ථානයක් තමන් විසින් පැහැරගෙන වැජඹීමක්” නෙමෙයි ද?

කොළඹ ඈයන්ගේ කොලීජි මානසිකත්වය කොච්චරද කියනව නම්,
කොළඹ උසස් පාසලකට ස්වීමිං පූල් එකක්, ග්‍රවුන්ඩ් හෝ පැවිලියන් එකක් වෙනුවෙන් රුපියල් කෝටි ගණන් වියදම් කරන්නට මේ රටේ දානපතියන්ට, සංවිධාන වලට වගේම දෙස්පළුවන්ට මුදල් ඇතත්, ගමේ ඉස්කෝලේ පොල් අතු වහල වෙනුවට උළු වහළක් හදා දෙන්නට ඉදිරිපත් වෙන එකෙක්වත් ඉඳියි ද?

ගමේ ඉස්කෝලෙක සාහිත්‍ය සමිතියක හරි වාර්ෂික උත්සවයක දී මතුවෙන නියම දක්ෂතා දිරිගන්වන්නට කාලය සහ දහස් ගණනින් මුදල් යොදවන්න ඉදිරිපත් වෙන්නෙ නැති ඒ එෆ්.එම්. මේ එෆ්.එම් මාධ්‍ය කුපාඩින් විසින් කොළඹ උසස් පාසල් වල “ඇනුවල් ඕල්ඩ් බෝයිස් ගෙට් ටු ගෙදර්”, “කානිවල්”, “ඩීජේ පාටීස්” වෙනුවෙන් වැය කරන්නට ලක්ෂ ගණනින් හෝ කෝටි ගණනින් සල්ලි ගලා එන්නේ, “ඉස්කෝලේ නම ඉස්සරහින් තියාගෙන වැජඹෙන” අය අදාල ආයතන වල පරිපාලන කටයුතු කරන නිසයි..

ඇත්තෙන්ම මේක හරිම අවාසනාවන්ත තත්වයක්..

ඉහතින් සඳහන් කලා වගේ, ඉස්කෝලෙ නාමය ඉස්සරහින් තියාගෙන විතරක් සමාජයීය අවස්ථාවන් පැහැරගන්නා “හිස් චරිත” වලට අනවශ්‍ය වැදගත්කමක් දීමේ අපේ ක්‍රමවේදය වහා වෙනස් කිරීමේ කාලය එලැඹිලා..

අපි මෙතනදි රජයෙන් ඉලලා සිටින්නෙ, විබාගෙන් විබාගෙට නොයෙකුත් පිස්සු කෙළින අධ්‍යාපන ක්ෂේත්‍රයේ බූරුවො ටිකක් විසින් ලංකේය නිදහස් අධ්‍යාපනයට දිනෙන් දින කෙරෙන විනාශය ඉක්මනින් ම නතර කරන්න කියාල.. ප්‍රශ්ණ පත්තරේ හරියට හදා ගන්ඩ, බෙදා ගන්ඩ බැරි “රජයේ පඩිකන බූරු තඩියො රැලක්” එක්ක මොන නිදහස් අධ්‍යාපනයක් ද? ඒ වගේම ලාංකේය ග්‍රාමීය අධ්‍යාපනය ගැන මීට වඩා බන්දුල ඇමතිතුමාගෙ අවධානයට ලක් වෙන්න ඕනෙය කියලයි අපේ අදහස..

කෙටියෙන්ම කියනව නං කියන්න තියෙන්නෙ මේ රටේ අධ්‍යපන ක්ෂේත්‍රය ගැන රජයේ උනන්දුව නං බොහොම පහල කියල.. පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැන්මට කලින් හදන්න ඕන ග්‍රාමීය අධ්‍යාපනය මේ වගේ කඩා වැටෙනව නං අර “පුද්ගලික විශ්ව කඩ” වලට ඔබන්න බලාපොරොත්තු වෙන පිරිස කවුරුන් ද? අන්න ඒකයි ආණ්ඩුවට අපි කියන්නෙ “රටේ අධ්‍යාපනයත් එක්ක පිස්සු කෙළින්ඩ එපා” කියල..

මේ රටේ දියුණුවට සහ කීර්තිය වෙනුවෙන් හැමදාම සටන් වැදුනේත්, ලාංකේය නාමය ලෝකයේ තැන තැන සටහන් කලේත් කොළඹ සුළු පිරිසකට වඩා මේ රටේ “ගමේ ගොඩයො” ටික.., ඒ ගොඩයො විසින් ම ශ්‍රී ලංකාව දිනවද්දී, කොළඹ ඉගෙන ගත්තු, ඉංග්‍රිසියෙන් කන බොන “පොෂ් පොරවල්” හැමදාම කලේ “හුරේ දැමීමක්” විතරයි..

මේ රටේ වැඩියෙන් ම උගත්, විද්වතුන් බිහි උනේ කොළඹින් නෙමෙයි,, ගමේ ගැමි සුවඳත් එක්ක ගොඩ නැගිච්ච ග්‍රාමීය අධ්‍යාපන සංස්කෘතියත් එක්ක..

පාන්දර ම වෙල් යායවල් මැද්දෙන්, කඳු පල්ලම් ඔස්සේ පයින් ගිහින් ඉගෙන ගෙන, ඉස්කෝලෙ ඇරිල ගෙදර එන ගමන් හතර වටේ ගස් වල අඹ, පේර, තැඹිලි වලටත් වග කියාගෙන, ඇලේ දොලේ දිය බුං එහෙමත් ගහගෙන ඇවිත් ගෙදර අම්මාගෙන් පිට හරහා ගුටි කා යම් දවසක ඒ ගුටියේ සහ ගමේ ඉස්කෝලෙ බල මහිමෙන් රට ලෝකය දිනන ගමේ ගොඩයන්ගේ අභිමානය කියන්නෙ,

කොලඹ ලොකු ඉස්කෝලෙක “ඉංග්ලිෂ් මීඩියම්” එකෙ “ස්ටඩි” කරන, උගන්නන ටීචර්ස්ලට ව තුට්ටුවකට ගණන් නොගන්නා, පුකෙන් පහලට කලිසම් ඇඳගෙන දිවා රෑ “සෙක්ස් ඇන්ඩ් රැප්/රොක් මියුසික්” විතරක් ම අරමුණු කරගත් මී හරක් නාම්බන්ගේ “සංස්කෘතික අවජාතකත්වයට” වඩා ශ්‍රේෂ්ඨ වන්නක් නෙමෙයි ද?

 

– සිංහලයා පුවත්

 

 

Shortlink:

Share This Post

39 Responses to කලම්බු හයි ස්කූල්.. බට්, එම්ටි හෙඩ්.. නතින්ග් ටු කන්ට්‍රි..

  1. One who has written this, is suffering from INFERIORITY COMPLEX. There is nothing like he has stated. By looking at the picture and some names he/she has given, any one can understand for what he/she is aiming.Some Colombo high class schools (famous schools, as he/she stated)has gained that name over a long period as more than hundred years for their performance by studies & extracurricular activities and the effort of past students through old boys/girls organisations . Therefore Past & present students in those schools have a thing call UNITY. I am sure if the writer was able to attend or able to enlist his/her child to one of the schools he/she disgruntled with, this article would have not been appeared. Any one likes to attend or enlist his/her child to a leading school (writers choice)in Colombo. Normal tendency of our people is BLAMING OTHERS if they are unable to get something. Reality is that. Other thing is you can find disobedient students in any school, Even in Maha Viddyala or Central Colleges. You have BLACK SHEEPS in any organisation. Leading schools have gained their names through a long period. Any body loves his/her’s school. Writer has impliedly mentioned a name of a leading school in Colombo and has given a wrong impression on that school (this school has created uncountable invaluable characters to this country). This shows writers immaturity on his/her’s profession.

    Therefore I would like to advice the writer to go to his/her home town & go to his/her school & get hold of you past school mates. Then try to do something to your school and try to make a name to your school & bring your school forward. Do not blame respectable schools.

  2. මෙහෙම එකක් තියනව පුතා…මොන එකට ගියත් ඉන්ගිරිසි ටික තියනවනම් ඔය මුකුත් ඔනෙ නෑ,,,එකට ගමෙ නෑත්නම් නගරෙ කියල වෙනසක් නෑ…මමත් පොඩි ඉස්කොලෙකෙ ඉන්දන් 5 වසරෙන් Royal ගියෙ,,,,අමාරුවෙන් ඉගනගතෙ,,,,,,,Scholarship එකකින් ඉන්දීයවෙ ඉගනගතා…දෑන් හොන්ද රස්සාවක් හම්බුනා….එකක් කියන්නම් English කතා කරන්න පුලුවන්නම් හොන්ද personality එකක් තියනවනම් ඉස්කොලෙ වෑඩක් නෑ…දෑන් ඔන තරම් English ඉගනගන්න විදි තියනවා….තමන් හිතල ලජ්ජා බය අත අරින්න ඔනෙ…එහෙම නෑතිව පුලුවන් එඋන්ට බෑනල වෑඩක් නෑ…අපි Globalization කාටවත් නවතන්න බෑ..අපි කරන්න ඔනෙ අපෙ කම තියගෙන ඉස්සරහට යන්න…ඉතින් සුද්දාට අපෙ රට ගෑන කියන්න හරි English ඔනෙ…..ඔබ කියන්නෙ අනිත් එඋන් English අබරනයක් කරගෙන කියලනෙ…උම්බලත් කරගෙන තියෙන්නෙ එකමඉ….එකඉ උම්බල එකට බය.English kadda kale umbalamai….බය නතිව ගමෙ කොල්ලො කෙල්ලන්ගෙ English හදපල්ල…උන්ට තෑනකට අවිත් කතා කරන්න පුරුදු කරපල්ලා….English අයුදෙ අතට දිපල්ලා….නෑතතන් හෑමදාම මෙ රන්ඩුව තීබෙවි….එත් දිනන්නෙ ඉස්සරහට එන එකා…..වෙනස් වෙයන්….තමන්ගෙ දෙ නති කරන්න නෙමේ….තමන්ගෙ දෙ ලොකෙට අරන් යන්න……

    • එල කිරි මචන් උබ කියන දේ හරියටම හරි ,, මමත් අත්දෙකිමෙන් එක දන්නවා, මමත් ගමේ කොල්ලෙක් එත් එන්ග්ලිෂ් නිසා ටම අද මෙතැන ඉන්නේ..

    • ආච්චම්මා

      ingrisi hondai tamai, eth eeken oluwa udummaganna eka tamai wede, gamen awa kiwwata, dan inne engalanthe ipadichchi gaanata

  3. I’m agree with EN….

  4. what a crazy article. this hurts all the royalist. What you know about Royal? or Other Respected Schools? without knowing dont drop articles. in grade 5 Royal takes 48% students from Villages. didn’t you notice that..if you want the facts go to web. and the old boys are sponsering and presenting funds because they love there school. and do you realy know personally that there are not helping by funds to environment project? by this article you make us hurt. and this make your web page credibility down. I came from a Village. i don’t think you will know that name of the village unless i say the Close know Town or city. this english learned from Royal. thats why it says LEARN OR DEPART. think first after that write. you make my mind not to come back for this site. Sinhalaya web need to check weather this fact he raise are true or falt. finally the reader need to be satisfied.

    • If anybody praising Royal College, then you’ll hug them ?

      and you say u learnt English from Royal but seem to be proud of it,, can u speak good sinhala ? i doubt so, because u are big-headed because of this ENGLISH,

      can we know the name of the village? seem like you are shy to tell it.

      and media is to educate the general public, not to write to satisfy the public.

      and make sure next time you type GOOD ROYAL ENGLISH

      by the way, are u in Sri Lanka by any chance ???

      • Kumuditha Udugama

        You say media is to educate the public? With what? Baseless garbage that insult other people and institutions. The writer says
        “ඒ වගේම කොළඹ ඉඳන්, ඉංගිරිසියෙන් “ෆ්‍රයිඩ් මැනියොක්” කන “පොෂ්” පැලැන්තියට අයත් වැඩිමනක් දෙනා මේ රටේ ග්‍රාමීයත්වය සහ ගමේ පාසල් සංස්කෘතිය ගැන හිතන පතන ආකාරයත් ඉහත කතාවෙන් මනාව පැහැදිලි වෙනවා..”
        AND
        “උගන්නන ටීචර්ස්ලට ව තුට්ටුවකට ගණන් නොගන්නා, පුකෙන් පහලට කලිසම් ඇඳගෙන දිවා රෑ “සෙක්ස් ඇන්ඩ් රැප්/රොක් මියුසික්” විතරක් ම අරමුණු කරගත් මී හරක් නාම්බන්ගේ “සංස්කෘතික අවජාතකත්වයට” වඩා ශ්‍රේෂ්ඨ වන්නක් නෙමෙයි ද?”

        That’s what the said media has done to our generation. The above has NOTHING to do with Colombo schools. Open your eyes and see, people in urban areas are exposed to this foreign-shameless-culture. And you think it’s the SCHOOL that teaches kids to do these? Or is it the Media?
        Ask your selves, gentlemen.. ask your selves…

  5. නාගිත සුරියබණ්ඩාර

    Being a Royalist entered at Grade 6 after passing entrance exam, I really got hurt after reading this article. Does he know that more than 50% of population at Royal are from rural areas of the country. Does he know that one of the most powerful societies at our time in the school was the “Sinhala Sahithya Sangamaya”, does he know that Royal built up her image by producing huge successes during a period over 150 years; in education, sports, culture etc. etc. Does this gentleman know how many of our colleagues sacrificed their lives at the war. Don’t type words just because you have a keypad.. You hurt 1000s.. Let it be a “Posh” Colombo school, outstation Maha Vidyalaya or small village school; those who have learnt something from a school, would love their school, perhaps next to the parents. The writer’s style shows that he doesn’t know this either.

    Disce Aut Discede…

    • ROYALIST AND PROUD

      Respect!

      i guess he/she must have become a journalist because his (shitty arts) degree and his/her rather unpleasant personality is unemployable in real professions/industries etc

      i pity the fool haha

    • Kumuditha Udugama

      Salute to you sir.
      Seems like the writer has never even set foot at Royal College. Because if he does, the first thing he would notice is the Pillar in front of the main building that was built in memory of Royalists who were killed-in-action. There are over 800 names engraved on it. What he has done here is, spat in those brave men’s graves and yet has the nerve to call him self a patriot.

  6. I read this article and comments. Please stop blaming. We have to do good job behalf of our country. We need a unity. The Royal College is one of the best schools in our country. Everywhere have good people and bad people.
    Please be unite as Sri Lankans. We need to built out country. No place to us in the world. Be hurry. Learn and do something.

  7. නාලක රන්වල, කැන්ටබරි

    මේ ලිපියයි ඒකට දාල තියෙන අදහසුයි බැලුවම නම් පේනව “රෝයලිස්ට්ස්”ලට ගොඩක් රිදිල තියෙන බව. රිද්ද ගන්න නෙමෙයි ඕනෙ, රටේ අධ්‍යාපනය එක එක අයට වෙනස් ව බෙදන මේ ජරා හැඳි ක්‍රමය වෙනස් කරන්න උදව් දෙන එක. මොනව උනත් මේ කතෘ කියන්න ඕනෙ දේ කෙලින් කියල තිබෙනව. නම් එක්කම කියා තියෙන එක වඩාත් හොඳයි. මේ වගේ මාතෘකාවකට වේදිකාව තනපු සිංහලයට ජය.

    • Yeah right.
      If you read the article you can see he has targeted and even mentioned royal college.
      The writer is spitting out a bunch of stories his parents have taught to him. If he opened his eyes and looked around he would see that Royal College contains smart kids from all over the country.
      The really rich kids these days go abroad to get educated or the little less rich ones attend popular international schools around Colombo.

      If you really let go of the not “I’m not an oldboy from royal so gotta hate that school” mentality you would see that Royal and the other few Colombo schools contain a lot of smart kids who come to the city for better opportunities at grade 5 scholarship and O/Ls.

      The schools that the writer is against produce the very best results in the country and are responsible for the best Doctors engineers in our country. Just do a headcount of people in Moratuwa and Colombo medical faculty which are the top most desired places in each stream. This is because of the accumilation of the top minds of our country through grade 5 scholaship to schools with resources to let them go all the way.

      The real problem we are facing now is cutting education funding ,discrediting of sri lanka’s exam system. Discouraging the local university entrants and the gradual promotion of the private universities and schools which will make the idiots rise to high positions.

      Would you like to have the doctor diagnosing your child to be a previous MP’s son who went abroad and faked his exams or a sri lankan boy from bandarawela who came to royal and went to colombo med after competing with the rest of the country?
      Please let go of these local rivalries we have a real problem here

  8. Mama mulinma kiyanawa.. mama schools dekaka igena gena thiyenawa.. including Royal. So I know the difference. but mama liyana comment eka sadarana apaksha pathi. mee article eke yaththarthawadi karunu matha padanam wela naa.. mama hithanne article ekak liyanakota meeta wada buddimathwa ayage eewa pala kala nam hondai. Anika lankawe education and culture eka pirihila. poduwe hama schoolema. Pasugiya kale koi tharam incidents unada gam wala schoole wala. mama hithanne gam wala ayath kassippu bee gena enne nathuwa thamange schoole diyunu kala nam hari. Kese unath author ekak pili aragena thiyenawa thawamath Best of the best school eka kiyuwahama kata enne Royal kiyala..

  9. Kumuditha Udugama

    මචන්, රාජකීය විද්‍යාලයට යන්නේ නැති, ගියපු නැති කෙනෙක්ට එක එළියේ ඉඳන් විවේචනය කරන්න බෑ. අපිට ඉස්කෝලෙදි කියල දුන්න ලොකුම දේ තමයි ලංකාවේ හැම විදියකම මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියල. අපිට කිව්වේ, නියම රෝයලිස්ට් කෙනෙක් නම්, හිල්ටන් එකට ගිහින් Gourmet Dinner එකක වාඩිවෙලා කන්නත් පුළුවන් වෙන්න ඕනේ, කොල්ලොත් එක්ක රහීමා එකෙන් පරාටා කන්නත් පුළුවන් වෙන්න ඕනේ, කෙහෙල් කොලෙන් බත් කන්නත් පුළුවන් වෙන්න ඕනේ කියලා. අපේ ඉස්කෝලේ 8000ක් ළමයි ඉන්නවා. ඔය 8000, 8000 විදියක්. එක එක ළමයාගේ පසුබිම එක එක විදියි. කොළඹ 7, මට්ටක්කුලිය, නුවර, මාතලේ, ඉබ්බාගමුව, හලාවත, දෙබරවෙව, දොම්පේ, වගේම London වල හැදිච්ච ළමයි එක පන්තියේ ලස්සනට ඉගෙන ගන්නවා. අපේ ඉස්කෝලේ Boake Gates වලින් ඇතුලට ආවට පස්සේ හැමෝම රාජකීයෝ. වෙනසක් නෑ. අපිට කියලා දීල තියෙන්නේ හැමෝටම ඒක වගේ සලකන්න කියලා. ලාංකිකයෝ හැටියට අපි හැමෝම කරන්න ඕනේ එකයි. ඔය කියනවා වගේ ගැමි කමට, ලංකීයත්වයට පහරන, ඉංග්‍රීසිය ඉහ මුදුනේ තියා ගත්ත කොල්ලෝ අපේ ඉස්කෝලෙන් බිහි කරන්නේ නෑ.
    හැබැයි එකක් තියෙනවා. අපි ඉංග්‍රීසියට අවශ්‍ය තැන දෙනවා. හැමෝටම තමන්ගේ මවු බසට අමතරව, හොඳට ඉංග්‍රීසිත් උගන්නනවා. මොකද, අපේ ඉස්කෝලෙන් අපිව හැදුවේ ලංකාවේ විතරක් නෙමෙයි, මුළු ලෝකෙත් එක්කම හැප්පෙන්න පුළුවන් පරිපූර්ණ පුද්ගලයෝ හැටියට. ඒකට තමයි අර maneger ල කැමති. Personality and Presentability කියන දෙක අපේ ඉස්කෝලෙන් එලියට එන Royalists ලා ගාව තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නවා. හැම ඉස්කෝලෙම ළමයින්ට අධ්‍යාපනය, දේශ අභිමානය, ජාත්‍යාලය වගේම මුළු ලෝකෙත් එක්කම ඒකට ඒක ගැටෙන්න පුළුවන් විදියට පෞරුශථ්වයක් සහ ආත්ම විශ්වාසයක් දෙන්න පුළුවන් නම්, Royalists ලට ජොබ්ස් වලදී වැඩි ලකුණු ලැබෙන එකක් නෑ. ඒක වෙන්නේ නැති කොට තේරුම් ගන්න වෙනවා, Royalists ලා පඬියෝ වගේ කියවන විශේෂත්වයක්, උන් ගාව ඇත්තටම තියෙනවා කියලා.

    ප.ලි. : මගේ පාසලේ uniform එකත්, tie එකත් ඇඳන් ඉන්න මල්ලි කෙනෙක් ගේ පින්තුරයක් මේ ලිපියේ මුදුනටම දාපු ඒක නම් ගොඩක් පහත වැඩක්. මේක වෙබ් අඩවියක් නිසා මට ඊට වැඩිය දෙයක් කියන්න බෑ.

  10. සහෝදරයා, ඕකට කියන්නේ හීනමානය!

  11. මේ ලිපියට කමෙන්ට් දාල තියෙන “රොයල් මහත්තුරු ටික” පොඩ්ඩක් එලියට බැහැල, ගමේ ගොඩේ නියරවල් මැද්දෙන් ඇවිදල ආවොත් හොඳයි මන් හිතන්නෙ. ඉස්කෝලෙට බැන්නම දුකයි තමයි, ඒත් ඉතින් ඇත්ත නේද කතාව?

    • ROYALIST AND PROUD

      umbalage kathawa boru, umbala okkoma ratata gamata wedak nethi, kammali jvp karayo.. irisiyawa lokuy rusiyawata wada!

    • කතාව ඇත්ත නෙමෙයි බන්…..! ඒකයි දුක බන්…! වැඩක් නෑ කතා කරලා…! English බැරි අපිටත් ROYAL කියලා සලකන්නේ නෑනෙ….., දැන් වැඩක් නෑනෙ….., English ඉගනගනිල්ලා…..,බොරුවට ඉස්කෝලවලට බැනල වැඩක් නෑ…., තේරුම් ගනිල්ලා ඇත්ත….!

  12. Heena mana karayange Andonawa!!!!

  13. pala athi rukatane gal gahanne!!!!!yako mama o/l pass wela tama royal awe….mama mulin gite maddya maha widyalayakata tama….namuth me ankurayo tamanna lan wenna bari una wedanawa thuchhcha lesa mema lipiyen penwanawa………..ubath sinhalayekda?ow sinhalaya hamadama pacha une ubala wage awun hinda….yako naththam lankawa meeta wada sundara wenna tibba….live 4 royal die 4 royal

  14. You can see a lot of royalist/anandian/nalndian ***** ministers in the parliament.

    Even the iron thief sudarman radaliyagoda is from ananda .

    ***** idiots get out from this land.this land is offered to good people
    by god.you don`t have right to breath this air.

  15. Dear royalists and non-royalists,
    most people publishing there stuff on internet usually loose their sanity with time, may be he failed a few job interviews, or just cannot fit into the society,or survive the fast phased world, but he should be given a chance to express his anger/attitude.
    I’m a Thomian BUT i respect royal college, for their alumni, i do not wish to go on about STC or royal and its alumni as some people including the writer posses potential to understand It,

    but guys, remember one thing its this kind of attitude that most of the people have towards us, and we should not care for it, as its the same attitude that keeps them in their weak and incapable state, as we move up in the world,this attitude is the barrier that makes sure we have no competition from them, so keep your cools mates,
    that’s all i got to tell you,

    and for the other side, check this out, in S.Thomas’ we have only less that 2500 students, in past we had only less than 1000 students , that’s a very little number , so if it wasn’t something to do with the school, how the hell did we produce all these people,

    http://en.wikipedia.org/wiki/List_of_St._Thomas%27_College_alumni

    this is just the famous ones, and we don’t sit studying like nerds there, we do all these….

    http://en.wikipedia.org/wiki/S._Thomas'_College,_Mount_Lavinia

    while others spend 7 hours a day in tuition to pass Government exams,

    so my friend first off all you figure out what your talking about, don’t compare things unless you know what both parties really, as far as i see you have mixed up international schools, and private schools, and top end government school,
    just try to be like them, demanding equality doesn’t help you to get anywhere, adapt or die.

    ill give you one guarantee what royalists and thomians alone have done for this country is more than whta others can even dream of,

  16. guys,

    i think i’m speaking on behalf of everyone including the writer. the thing is that i actually don’t care who you are or who posted this kind of things in this website, but i can only think what kind of a idiot you really are to post thing like this when you are pissed because you weren’t able to enter this school. machan, you should realize your status in the society when you post things this stupid. everyone in this country have gone to very good schools. i’m sure you didn’t go to a school or may be you have not been listening when your teachers were teaching you whats right and whats wrong. you should realize that by posting things on a website insulting a school or any institution will make you one of the most stupidest idiots on earth. i’m a Royalist. i’m not mad because you posted a picture of one of our small guy in our school. i’m mad coz people like you have no right to insult or do any wrong thing to another school. just because your application has been rejected by us or you have any personal issues with one of our guys doesn’t mean that you have to post unwanted things on this website, or any website. the other thing is the language. english is a universal language. it doesn’t mean that we act like the guys in schools abroad. we learn english coz its a language, but sinhala is our mother tongue and we will never forget it. whoever you are i don’t think you are fit enough to live in this society which includes very powerful and intelligent people who have been brought up in gud and pure ways in their schools. you better watch out because you are creating a mob of people not only from Royal, but from this whole country. machan, be very very aware. you will never know what hit you when about 20’000 proud students come and kick your ass. remove this. if removed this whole expedition will stop. if not you’ll have to live with it in guilt and suffering and no one will ever see your face again……. believe me bro….. you don’t know what these guys are capable of…. i have seen it and i know it… beware!

    one more thing machan…. gud luck!! your gonna need it.

  17. ROYALIST AND PROUD

    blue chip companies love royalists because unlike people who don’t have a ‘brand name education that speaks of quality’, royalists aren’t bitter about the inequality of the distribution of income and wealth.

    companies are into making money! and most deals actually happen on the basis how much your clients likes you; because most competitors can offer about the same margins and business terms.. it all comes down to personality and likability! so if you have a crappy personality and you can easily identify with the writer, you obviously aren’t fun to be around and how will you ever close that deal?

    royalists have the right skills as well as the RIGHT ATTITUDE! royalists can get along with people from every sphere of society from posh to poor accordingly. we have a proven track record (not only in business but everywhere else). i am not sorry about it and i don’t owe you an apology!

    tbh we aren’t even competing with you…

    • Aniwa
      You hit the nail
      Companies are not there to hire people
      They are out there to make money.
      They want people who can give the talk well(influence,not intimidating others) or do something that will eventually “make more money”.

      Good people are hard to come by
      If you can do what the company want and can sell that fact to them you get hired.(Royalist or not if you fit the profile you get hired)
      Royal is a brand. it helps you to sell yourself at the interview (but for most royalist I know they used the university names as brands)

      I have a friend who is a royalist who could’t sell himself though he had a good degree even. His kadda was good but not good enough for selling him to that position

  18. Here after I would tell that I’m not from Royal College of I’m not from Colombo International School but I’m for one kind of KATAWALA KANISHTA WIDYALAYA proudly. How nice? That the history today.

  19. මැජෙස්ටික් සිටි එකේ ගෑනු ළමෙක් කිව්ව කතාවකට මොකටද මේ රාජකීය විද්‍යාලයයි, කොළඹ ඉස්කෝලයි ඈඳාගෙන බනින්නෙ? විශේෂයෙන් ම රාජකීය විද්‍යාලෙ ළමයින් ගෙ පින්තූර දාගෙන මේ ආටිකල් එක ලිව්ව එක හරිම පහත් පෙළේ වැඩක්.

    රාජකීය විද්‍යාලෙ ඉගෙන ගත්ත පළියට සිංහල බැරි වෙනවා කියන උප කල්පනයට කොහොමද ආවෙ? එහෙම හිතන ඕන කෙනෙක් ඉන්නවා නම්, වැඩිය ඕන නෑ, සමන්ත හේරත් ගෙ කවි පොත් හොයාගෙන කියවන්න. ඒ හොඳටම ඇති. (එඩ්වඩ් ජයකොඩි ගායනා කරන
    ‘ශාන්ත වූ පුජාර්හ සුගන්ධිත
    පූජාසන අකලංක මලින් ගැවසී..
    අති නිර්මල වූ ප්‍රථම ප්‍රේමයේ..
    පරම සුවය කැඳවයි…’
    කියන ගීතය ලිව්වෙ ඔය කියාපු සමන්ත හේරත් තමා!)

    • පසුව ලිවීම:
      සමන්ත හේරත් කියන්නෙ, අසූ ගණන් වල අග භාගයේ වසරක රාජකීය විද්‍යාලයයේ සිංහල සාහිත්‍ය සංගමේ සභාපති. ඒ විද්‍යාලයයේ සිංහල සාහිත්‍ය සංගමේ මුල් පුටුවල හිටපු හැමෝම ඉතා උසස් සිංහල භාෂා දැනුමක් තිබුණු උදවිය. නිකං බොරුවට හීනමානෙ තිබුණු පළියට, හරියට කරුණු කාරණා නොදැන මඩ ගහන්න යන්න එපා.

  20. This is really unprofessional, is this the quality of journalists of this website?
    ps-
    Im really happy for this “journalist” by the way. Because at least he has got 34 comments up to this comment which probably might be the highest attention he has and he will ever get in his life.

    • සිංහලයා පුවත් ඒජන්සිය

      This article contained some opinion of writer (not the policy of us)
      and there are many writers in different views here. anyone may accept/reject, so we have taken action to publish their expressions. so, it’s not problem of the professional journalism. also, if you have any different kind of article, we can publish. this is an open stage.

  21. Sinhalaya Puwath Agency:-

    Yeah this might be an open stage for everyone.. Agreed!! But it would be really nice if you guys can check what is going to be published. Just cause some girl talked about schools, it’s horrible to post something like this specially regarding Royal College. And being a Royalist, i am proud to say that yes i can speak English really very well and as well as my mother tongue Sinhala. And totally agreeing with every word what Kumuditha said. Just, think that this agency will be a perfect place for news n stuff if, the management will be able to choose what they will post and what it is not appropriate to post. So a little advice, check before publishing!

  22. කතාව ඇත්ත නෙමෙයි බන්වෙ නසක් නෑ. අපිට කියලා දීල තියෙන්නේ හැමෝටම ඒක වගේ සලකන්න කියලා. ලාංකිකයෝ හැටියට අපි හැමෝම කරන්න ඕනේ එකයි. ඔය කියනවා වගේ ගැමි කමට, ලංකීයත්වයට පහරන, ඉංග්‍රීසිය ඉහ මුදුනේ තියා ගත්ත කොල්ලෝ අපේ ඉස්කෝලෙන් බිහි කරන්නේ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *