මහින්ද සුද්දන්ගේ රෙදි ගලවන අතරේ “ලෝකල් ෂේක්ස්පියර්ලා” සයිබරයේ පොරවල් වෙති..

 

ම්ලේච්ඡ කොටි ත්‍රස්ත හැතිකරෙන් අපේ රට ගලවගත්තු හමුදාවේ කොල්ලො කෙල්ලො යුධ අපරාධ කොලාය කියාල කෑ ගහන එල්.ටී.ටී.ඊ.යේ කුලීකාර වන්දිභට්ටයින්ට ලුණු ඇඹුල් ඇතුව අපේ ජනාධිපතිතුමා මේ ඊයේ පෙරේදා කතා කොරලා තියෙන්නේ හරි අගේට….! 

අර එල්.ටී.ටී.ඊ.යට කත් ඇදපු (මෙහෙම කිව්වට වැරැද්දක් නැහැ නෙව ) අල්-ජසීරා සේවාව එක්ක කොරපු සාකච්ඡාව අපි දැක්කා රූප පෙට්ටියේ… ( හැබැයි සිරිලක ඉඳල නං නෙමෙයි ඕං…)

 
යුද අපරාධ උනා උනා කියාලා ඒ සාකච්ඡාව මෙහෙයවපු දැරිවි තර්ක කරද්දි එතුමා ඒකට දීපු උත්තරේ,,

“අපේ හමුදාව ගැන විස්වාසයක් නැත්නම් අර තරම් ජන ගංගාවක් දුවගෙන එයිද හමුදා පාලන ප්‍රදේශ වලට ?”

අපේ හමුදාවල කොල්ලො මිනිස්සුන්ව මරුවා නම් අර යුද්දේ අන්තිම වෙලාවේ ජීවිතේ ඉල්ලගෙන අපේ පැත්තට ඒ මිනිස්සු ඒවිද හැබෑට ? කොයි රටේද බොලව් මිනීමරුවො ලඟට ජීවිතේ ඉල්ලගෙන එන්නේ ? ඒක මේ ඩිංගිත්තක් හරි මොලේ ඇති කෙනෙකුට තේරෙනව නෙව.

අපේ රටේ ප්‍රශ්න වලට හොට දාන්ට ඔය පිටරට බලවත්තු දතකන්නේ අද ඊයේ ඉඳන් නෙවේ නෙ.. ප්‍රභාකරන්ගේ මරණ මංචකේදිත් ඒ මිනීමරුවට කොහොම හරි පණ දෙනට නෙව ඒ ලැජ්ජ නැති කැණහිල්ලු රොත්ත දැඟළුවෙ….

එහෙව් උන්දැලාට ජනධිපතිතුමා දුන්නේ නියම උත්තරේ ..
” ත්‍රස්තවාදය නැතිකලා කියාල කාටවත් දඬුවම් කරන්ඩ අපිට බැහැ, ජාත්‍යන්තරය අපිට දඬුවම් කරන්න හදන්නේ අපි ත්‍රස්තවාදය නැති කරපු නිසානම්, ඒවා මාත් එක්ක බැහැ ” !

රටක් වෙනුවෙන් එහෙමයි “කොන්දක් ඇතිව” කතා කොරන්ට ඕනෑ…

ඒ ලඟට ඒ දැරිවි ඇහැව්වේ ඔය උනා කියපු යුධ අපරාධ ගැන පරීක්ෂා කොරන්ඩ රජයෙන් දාපු කොමිසම කොච්චර සාධාරණ ද කියාලා.. කොමිසමේ “විනිවිදභාවය” ගැන..

ඒකට උන්නැහේ දීපු උත්තරේ හරි ජාති නෙව..
ඇමරිකාව, එංගලන්තේ ඉරාකෙට, පාකිස්තානෙට, ඇෆ්ඝනිස්තානෙට කල විනාසේ ගැන පරීක්ෂන පවත්වනව තියා ඒ ගැන කවුරුත් කතා කොරන්නේවත් නැහැ…
අපි මේ පුංචි රටක් හින්දා හිතාන ඉන්නේ ගහන ගහන පදේට නටව ගන්ට පුලුවන් කියාල වෙන්ටැ…

අනික ඔය “එක්සත් නොවන ජාතීන්ගේ සමාගමේ” බෑන් කී මූන් මහත්තැන් වුනත් ඇමරිකාවේ, එංගලන්තේ වැඩක් නම් අත් කකුල් ඔක්කොම උස්සලා නෙව සහයෝගය පලකොරන්නේ… උන්ගේ ඉගැන්නුම් බහට තමයි අපිට ඔය වෙන අමුතු හැන්දකින් බෙදන්නේ…!

ඒ අල්ල පනල්ලේ අපේ රටේ ඉන්න “ලෝකල් ෂේක්ස්පියර්ලා වගේ” කළු සුද්දො ටිකක් ලැජ්ජා නැතිව අපේ ජනපතිතුමාගෙ ඉංගිරිස් වල ඇද කුදත් හොයන්ට ගත්තා නෙව මේ ආරංචිය ම පල කොරාල තිබ්බ අපේ සහෝදර මාධ්‍ය වෙබ් පත්තරේක “අදහස් දක්වන්ඩ ගිහින්”.. ( මේ බලහල්ලකො ඒකෙත් හැටි..)

http://www.adaderana.lk/news.php?nid=8296

 

අනේ ඇත්තට මුන්ට ගිය කල… ඈ බොල අපි ලැජ්ජා වෙන්ට ඕනේ අපිට අපේ මව් බාසාව කතා කොරගන්ට බැරි උනාම නෙවෙද ? මේ කොහෙවත් තියෙන ඉංගිරිස් බාසාව ඔලුව උඩ තියාන සරස් බරස් ගෑවට උඹලගේ ඇතුල බොල් !
පුළුවන් නම් පෙන්නපල්ලා යුරෝපේ හරි එංගලන්තේ හරි ඉන්න හරියට ඉංගිරිස් කතා කරන මනුස්සයෙක් …!

අඩුතරමෙ රුසියාවේ පුටින් මහත්තැන්ට වත්, ප්‍රංසෙ සාර්කෝසි මහත්තැන්ටවත් හරියට ඉංගිරිස් කතා කොරගන්ඩ බැහැ … සමහර රාජ්‍ය නායකයෝ පිටරට යන්නේ පරිවර්තකයොත් අරන්,,, අපේ රටේ වෙලා ඔය පර සුද්දන්ට ගොටුව අල්ලන අපතයෝ කොච්චර ඉන්නවද හරියට සිංහල වචනයක් කතා කොරගන්ඩ බැරි … ?
එවටයි බොල අපි ලැජ්ජා වෙන්ඩ ඕනැන්නේ…. රටට ජාතියට බරක් වෙච්චි කාළකන්නි අවජාතක හැත්ත…

කොයි හැටි වුනත්, අපි වෙනුවෙන්, අපේ රට ආරක්සා කරලා දීපු කොල්ලො වෙනුවෙන් ජනාධිපතිතුමා කොරපු කතාවට එතුමන්ට අපි ණය ගැතියි.. ආන්න එහෙමයි නායකයෙක් ඉන්ට ඕනෑ…. නැතුව මේ පොඩ්ඩ බැරි වෙච්චි ගමන් ඉබ්බා කටුව ඇතුලට යනව වගේ හැංගෙන, දේවාල ගානේ සාස්තර කාරයෝ පස්සේ දුවන අයට නායකයෝ ය කියන්නේ නැහැ ආයිබොවන්ඩ..

 

- සිංහලයා පුවත්

Shortlink:

Share This Post

2 Responses to මහින්ද සුද්දන්ගේ රෙදි ගලවන අතරේ “ලෝකල් ෂේක්ස්පියර්ලා” සයිබරයේ පොරවල් වෙති..

  1. nice article..well done ..we always with our sinhalaya…

  2. we always with sinhalaya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>