අභිමානවත් විජයග්‍රහණයේ පුනරාවර්ජනය …..( යාවත් කාලීන -1 )

 

2009 වසරේ මැයි මාසය උදා වූයේ ශ්‍රී ලාංකික සැමට ඉතිහාසගත ජයග්‍රහණයක පෙර නිමිති දනවමින්. එවකට ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති පූනරින්, අලිමංකඩ, කිළිනොච්චි සහ මුලතිවු යන ප්‍රදේශ ජයග්‍රහණ කරමින් ඉදිරියට ඇදුනු අප වීරෝදාර රණවිරුවන් කිසිදා පැරදවිය නොහැකි යැයි කී කොටි ත්‍රස්තයින්ගේ ඉතිරිව සිටි රැල පණ බේරාගන්නට දුවන පූස් පැටයින් රැලක් බවට පත් කරමින් පුදුමාතලන් හී කුඩා බිම්කඩකට කොටු කරද්දී, ලක් වැසි සැම බලා සිටියේ විජයග්‍රහණයේ පුවත් කොයි මොහොතේ හෝ අසන්නට නොතිත් ආශාවෙන් …!එසේම සිංහලයා පුවත් ඒජන්සියේ අප මාධ්‍යවේදීන් යුද බිම දෙස නිරන්තර අවධානයෙන් සිටියේ ලද සැනින් පුවත් ඔබ වෙත ගෙන ඒමේ අදිටනින්…!

මැයි මස 16 වනදා රාත්‍රියේ ආරක්ෂක අංශ සමග නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව ඇතිවූ ගැටුම් වලදී නායකයින් ඇතුළුව කොටි ත්‍රස්තයින් රැසක් මියගිය බව මැයි මස 17 වනදා වනවිට යුද බිමෙන් ලැබුනු පුවත් සනාථ කල අතර, එම මළ සිරුරු අතර කොටි නායක ප්‍රභාකරන්ගේ සිරුර මළ සිරුරද ඇති බවට නිල නොවන වාර්තා පළ වුනා.

ඊයේ රෑ ගැටුම් වලදී මියගිය ත්‍රස්තවාදීන් රැසකගේ සිරුරු නන්දිකඩාල් කලපුව අවට..
– කොටි නායකයාගේ මළසිරුරද ඒ අතර ඇති බවට සැකයක්

 

පුදුමාතලන් හී කොටි ත්‍රස්ත ග්‍රහණයේ ප්‍රාණ ඇපකරුවන්ව සිටිමින් අපා දුක් විඳි ලක්ෂ ගණනක් වූ අහිංසක ජනතාව අප ආරක්ෂක අංශ විසින් මනා සැලසුම් සහගතව එහෙත් හදිසියේ දියත් කල මානුෂීය මෙහෙයුමකින් බේරාගත් පුවත වාර්තා වුනේ ඉන් අනතුරුවයි.

ලොව විශාලතම, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථකව නිමවේ. සිවිල් වැසියන් සියළු දෙනා මුදාගෙන අවසන්…

 

දශක 3ක් පුරාවට තම ජන ජීවිතයට බාධා එල්ල කල ම්ලේච්ඡ වූත් මිනීමරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයේ නිමාව කණ වැකුණු සැණින් උද්දාමයට පත් ශ්‍රී ලාංකිකයින් ජාති ආගම් කුල පසෙක දමා එකාවන් ව වීථි බැස ජාතික ධජ ලෙළ දෙවමින්, රතිඤ්ඤා දල්වමින් නියම නිදහසක ප්‍රීතිය පළකරන්නට වූ පුවත අප වාර්තා කලේ මෙලෙසයි.

දිවයින පුරා ජනතාව සැබෑ නිදහස සමරති
– සැම තැනම රතිඤ්ඤා හඬ.. වාහනවල, නිවාස වල ජාතික කොඩි ලෙළ දේ…

ඉතිරි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් හා නායකයින් සොයා විශේෂ බලකාය අවසන් කොටි සැඟවුම් ප්‍රදේශ පීරති…
– විශේෂ බලකා හා කමාන්ඩෝ භටයින් ත්‍රස්ත ගුහාවට රිංගා එල්.ටී.ටී.ඊ. නායකයින් සොයති.

 

මැයි 17 වනදා සවස් වරුවේ පටන් ත්‍රස්ත ගුහා වලට රිංගා ආරක්ෂක හමුදා එල්ල කල ප්‍රහාර වලින් කොටි ත්‍රස්ත බල කණු එකින් එක බිඳ වැටුනු පුවත් මැයි 18 වනදා උදෑසන සිටම සිංහලයා පුවත් ඒජන්සියේ අප මාධ්‍යවේදීන් ඔබ වෙත යුහුසුළුව වාර්තා කලේ මෙසේ යි.

චාල්ස් ඇන්තනි සමග පුලිදේවන්, නඩේසන් හා රමේෂ් යන ත්‍රස්තවාදීන්ද මැරුම් කති.

එල්.ටී.ටී.ඊ. පොලිස් ප්‍රධානී ඉලංගෝ ත් මිය ගිහින්..
– පොට්ටු අම්මාන්ගේ දෙවැනියාත් ඒ අතර…

 

නියත පරාජය අභියස නිවටයින් සේ පලා යෑමට තැත් කිරීමේදී ම්ලේච්ඡ කොටි නායක ප්‍රභාකරන් සහ ඔහුගේ සමීපතමයින් ආරක්ෂක හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත්වූ බවට නිල නොවන වාර්තා ලැබෙමින් පැවතුනා.

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් අවසන් ගමන් යයි …?
– රජය තවම නිල වශයෙන් ප්‍රකාශ කොට නැත….

 

එම පුවත් සනාථ කරමින් දශක තුනක් තිස්සේ ලක් පොළව ලේ විලක් කල ඝාතකයා මැරුම් කෑ පුවත අප මාධ්‍යවේදීන් ඔබට ගෙන ආවේ මෙසේයි.

ඝාතකයා මැරුම් කයි !!!
– වේලුපිල්ලේ ප්‍රභාකරන්, පොට්ටු අම්මාන්, සුසෙයි පැනයාමට හදද්දී හමුදා වෙඩි කා නසී…

 

මාධ්‍යවේදීන් වශයෙන් මෙන්ම ශ්‍රී ලාංකිකයින් ලෙස අප ජීවිතයේ ඉහලම සතුට සහ තෘප්තිය ලැබූ ඒ අසිරිමත් දිනයේ කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් අප වීරෝදාර රණවිරුවන් අප වෙත ලබාදුන් ජයග්‍රහණය සමස්ත රට වැසියන් එකමුතුව සමරනු අප දුටුවා.

එල්.ටී.ටී.ඊ. යේ පරාජය ශ්‍රී ලාංකිකයෝ එකමුතුව සමරති…

ජයග්‍රහණය සමරා රට පුරා දන්සැල්…

මේ උත්තරීතර ජයග්‍රහණය අපට උරුම කරදෙන්නට ඇස් ඉස් මස් ලේ සහ තම ජීවිතය පරිත්‍යාග කල අප ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක අංශ සොයුරු සොයුරියන්ටත්, රට රකින්නට තම පුතුන්, දුවණියන් පෙරට යැවූ මව්පියන්ටත්, හැකි සෑම අයුරින් රට රකින්නට දායක වූ රටට හිතැති ශ්‍රී ලාංකිකයින්ටත් සිංහලයා පුවත් ඒජන්සියේ අපගේ ගෞරව පූර්වක නමස්කාරය මෙයින් පුද කරමු.

සැබෑ නිදහස ලබා වසරක් ගතවන මේ මොහොතේ සමාජයේ ඇතැම් පිරිස් වලට මෙම සුවිශේෂී දිනය සම්පූර්ණයෙන්ම අමතක වී තිබීම ද ඉතා කණගාටුවෙන් සිහිපත් කර යුතු අතර,

2009 මැයි 18 නම් සුවිශේෂී දිනයෙහි වටිනාකම හෝ එවන් දිනයක විශේෂත්වය හෝ නොතකන අයවළුන් මේ ශ්‍රී ලංකාව තුල කොහේ හෝ වෙසෙත් ද ඔහු/ඇය තරම් නිශ්ඵල වූත්, කාළකණ්නි වූත් අයෙකු මේ මිහිපිට නොමැති බවද අවධාරනය කර සිටිමු.

 

සිංහලයා වර්ල්ඩ්වයිඩ් වෙතින් අප රණවිරුවන්ට පිදෙන උපහාරය ( වීඩියෝ වැඩසටහන නරඹන්න )

 

සිංහලයා නිල “යූ ටියුබ්” නාලිකාව
http://www.youtube.com/sinhalayanews

 

– සිංහලයා පුවත්

 

 

Shortlink:

Share This Post

One Response to අභිමානවත් විජයග්‍රහණයේ පුනරාවර්ජනය …..( යාවත් කාලීන -1 )

  1. පණ්ඩිතරත්න

    දීපන් තව *** තොපේ නාමල්ට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *