ඇත්තටම ශ්‍රී ලංකාව ගැන බෑන් කී මූන් ට ඇති අමාරුව මොකක්ද ?

ශ්‍රී ලංකාවේ කටයුතු පිලිබඳව තමන් ක්‍රියා කල යුතු ආකාරය ගැන උපදෙස් ගන්න තවත් “උපදේශක කණ්ඩායමක්” පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ගන්නා උත්සාහය සාමාන්‍ය ජනතාව අතරට වඩා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කතා බහ වෙන මතෘකාවක් බවට පත්වෙලා.

අදාල තීරණය කිසිසේත්ම අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා ජනපතිවරයා පැහැදිලිව දැනුම් දී තිබියදී, එමෙන්ම ස්වෛරී, නිදහස් රටක අභ්‍යන්තරික ප්‍රශ්නවලට අත නොපාන ලෙස නොබැඳි ජාතීන්ගේ සමුළුව කල ඉල්ලීමත්, විරෝධයත් නොතකා තමන්ගේ තනි කැමැත්තට වැඩ කරන්න තරම් “ශ්‍රී ලංකාව ගැන අමාරුවක්” හදිසියේම බෑන් කී මූන්ට ආවේ කොහොමද ? පසුගිය කාලය පුරා සිදුවූ ජාතික සහ අන්තර්ජාතික වෙනස්කම්, සිදුවීම් පිලිබඳව විමසිල්ලෙන් සිටි කෙනෙකුට ඔය ප්‍රශ්නය හිතට නැගීම පුදුමයක් නොවෙයි.බෑන් කී මූන් ට මේ හදිසියේ පහල වූ සත්ව කරුණාව, අපි කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න යුද වැදී සිටි කාලයේත් තිබුනා නම් ?
අහිංසක වැසියන්, හය හතර නොදත් දරු පැටවුන් බුරුතු පිටින් එල්.ටී.ටී.ඊ.යේ ම්ලේච්ඡත්වය ඉදිරියේ ජීවිතෙන් වන්දි ගෙවද්දී, බෑන් කී මූන් නිදි වැදිලා හිටියාද කියලා අහුවට වරදක් නැහැ.

එපමණක් නොවෙයි, අඩුම තරමේ, එල්.ටී.ටී.ඊ.ය අහිංසක මිනිසුන්ව මිනිස් පලිහක් කරගෙන ඉඳිද්දී ඇයි මේ කිසි කෙනෙකුට කට ඇරගන්න බැරි වුනේ එල්.ටී.ටී.ඊ. යට විරුද්ධව ?

යුද්ධය දින්නට පස්සේ අපේ වීරෝධාර ආරක්ෂක හමුදාවට මල් වගේම ගලුත් යහමින් ලැබුනා. වැඩිපුරම ගල් ආවේ එතෙරින්, ඒ ඩොලර්, ක්‍රෝන් හිඟමින් අපේ මෙතෙර ඉන්න පරගැති කළු සුද්දන්ගෙත් නොමඳ උදව් ඇතුව.

එක්සත් ජාතීන්ගේ සංගමයේ මහ ලේකම් බෑන් කී මූන් ගේ මේ උපදේශකයින් පත්කිරීමේ තීරණයේදී, යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් සහනය තාවකාලිකව අවලංගු කල වෙලාවේ වුනත් ඒ පරගැති අතලොස්ස රට තුල ලොකු හා හූවක් ඇති කරන්න ගත්තේ රටට වඩා බඩ ගැන හිතල. තවත් විදිහකින් කියනව නම්, ජාත්‍යන්තර බලවේග විසින් මේ රටට බලපෑම් එල්ල කරන තරමට මේ රටේ ඉන්න නරුමයො රැලට හරි ජොලියක්… ඒවයින් මේ අවජාතකයින් කාළකන්නි සතුටක් ලබනවා.

තුන්වන ලෝකේ, දියුණු වෙමින් පවතින රටක් වන අපේ රටේ විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගය වුනු ඇඟළුම් කර්මාන්තයට එල්ල වන ලොකු පහරක් ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබීම.. නමුත් ඒකෙම එල්බ ගෙන කෑ කෝ ගහනවට වඩා හොඳ නැද්ද හැමෝම රට හදන්න එකතු වුනොත් ? හොඳ දෙයක් හොඳයි කියන්න අපේ මිනිස්සු පුරුදු වෙලා නැහැ තවම, වැඩේ හොඳ වෙන්නේ තමන්ගේ පක්ෂෙ කෙනෙක් කලොත් විතරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ මූලික පරමාර්ථය වුනේ “ලෝක සාමය ආරක්ෂා කිරීම” කියන කාරණය යි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික සටහනත් එයයි.

ඒ නීතිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාධාරනීකරණය වෙන්නේ කොහොමද ?

ශ්‍රී ලංකාව කියන්නේ ජාතික හෝ අන්තර්ජාතික සාමය කඩ කල රටක් ද, නැත්නම් ලෝකේ දරුණුම ත්‍රස්ත සංවිධානයට අති සාර්ථකව මුහුණ දීලා ලෝක සාමයට තර්ජනයක් වෙච්චි එල්.ටී.ටී.ඊ. සංවිධානය ආතුගාලා දාලා, 30 අවුරුද්දක් තිස්සේ හොයාගන්නවත් නැතුව තිබුනු සාමය ආපහු ඇති කරපු ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් ද කියන දේ තීරණය කිරීම පිටරැටියන්ට අමාරු කාරියක් වුනාට, අපේ රටේ ඉන්න යමක් කමක් හිතලා තීරණයක් ගන්න පුලුවන් දුප්පත් ලාංකිකයාට අමාරු කාරියක් වෙන්න බැහැ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ මේ “රුදාව” ඉරාකයේ, ඇෆ්ඝ්හනිස්ථානයේ, ගාසා තීරයේ එහෙමත් නැත්නම් ග්වන්ටනාමෝ සිර ගෙදර වෙන මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය වීම් ගැන අදාල නොවෙනවා ඇත්තේ ඒවාට වගකිව යුත්තෙ, බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව නිසා වෙන්ඩ ඇති.. වේදිකාවේ රඟ දෙන විකටයා බෑන් කී මූන් වුවත්, තිරය පිටිපස්සෙ ඉඳල මේ නාටකය අධ්‍යක්ෂණය කරන්නේ බ්‍රිතන්‍යය යි.. බෑන් කී මූන් කියන රූකඩය හසුරුවන්නෙ ඇමරිකාව යි..

ඒ වගේ බැළුවම, මේ බෑන් කී මූන් කියන්නෙ ඇමරිකාවෙ සහ බ්‍රිතාන්‍යයෙ “රූකඩයක්” විතරයි. ඒත් නැත්තම් හිලරි ක්ලින්ටන්ගෙයි ඩේවිඩ් මිලිබෑන්ඩ්ගෙයි මෙහෙකරුවාගේ තත්වයට මේ එක්සත් ජාතීන්ගේ සංවිධාන මහලේකම්වරයා පත් වීම අති සෝචනීය යි.

ආසියාතික ජන්මලාභියෙක් විදිහට ආසියාවේ සහෝදර රටක් එක්ක බටහිරයන්ගේ තිබෙණ “වෛරය” පිරිමහ ගන්ඩ බටහිරයන්ට බැලමෙහෙවර කිරීම ගැන බෑන් කී මූන් ලැජ්ජා විය යුතුයි..

බෑන් කී මූන් මහත්තයෝ,
ලැජ්ජයි…….. විළි ලැජ්ජයි……..
කරුණාකරල  වෙන රස්සාවක් හොයා ගණ්ඩ..

 

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *