ඩේවිඩ් මිලිබෑන්ඩ්ගේ ත්‍රස්ත හිතවාදීත්වයට එරෙහි ව ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධය තවදුරටත්..!

 

ලන්ඩනයේ ත්‍රස්ත සමුළුවක් අමතන මිලිබෑන්ඩ්... ත්‍රස්ත හිතවාදී කීත් වාස් මන්ත්‍රීවරයා ද පසෙකින් වෙයි..


එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ප්‍රමුඛ ඊලාම්වාදීන් වෙනුවෙන් පෙනී සිටින බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ගේ ක්‍රියාදාමයන් දැඩි සේ හෙළා දකින බවත්, ඊට සමගාමී ව ලන්ඩනය තුල ශ්‍රී ලාංකිකයන් විසින් ලඟදීම ප්‍රතික්‍රියා දක්වනු ඇති බවත් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පවසති.

ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුවක් වන “ලංකාවේ අපි” සංවිධානයේ කැඳවුම්කරු, රොහාන් රත්ගම මහතා විසින් ලන්ඩනයේ නේවාසික සිංහලයා පුවත් ඒජන්සියේ මාධ්‍යවේදියා හමුවේ ප්‍රකාශ කොට ඇත්තේ, ස්වෛරී රටක් වු ශ්‍රී ලංකාවේ කටයුතු වලට කෙරෙන බ්‍රිතාන්‍යයේ අනවශ්‍ය මැදිහත්වීම් වහා නවතාලීමට බ්‍රිතාන්‍යය රජයට බල කරන බවයි. ඒ සඳහා බ්‍රිතාන්‍යයේ වෙසෙන සිංහල, දමිළ සහ මුස්ලිම් ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් ඉදිරියේ දී නිසි පියවර ගනු ඇති බව ද පවසා සිටියේ ය.එමෙන්ම, දැනටමත් ඒ පිලිබඳ ව ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ද දියත් ව පවතින බව ප්‍රකාශ කල “ලංකාවේ අපි” සංවිධානයේ කැඳවුම්කරු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයාගේ ද්‍රෝහී ක්‍රියාදාමය පිලිබඳ ශ්‍රී ලාංකිකයන්ගේ අප්‍රසාදය නිල වශයෙන් එරට අගමැතිවරයාට පල කිරීමට කටයුතු කරන බවයි.

 

- සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>