ජෙනරල්ගේ “සයිබර් පෙත්සම” ආණ්ඩුවෙන් අවහිර කලැයි කීම පුස්සක්.. – මෙන්න තාක්ෂණික විවරණයක් එක්ක අභියෝගයකුත්….


 
 
 

 
 

 
 

 
 

 
 

 
 

 
 

 
 

 

ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ව වහාම නිදහස් කරන ලෙස ඉල්ලමින් අන්තර්ජාලය තුල දියත් කල “සයිබර් පෙත්සම” අඩංගු වෙබ් අඩවිය අවහිර (Block/ Restrict) කරන ලදැයි ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට විරුද්ධව එල්ල කරන චෝදනාව ඉතාමත් සාවද්‍ය එකක් බව සිංහලයා පුවත් එජන්සිය විසින් කල තාක්ෂණික ගවේශණයක (Technical Review) දී හෙළි ව තිබේ..
ෆ්‍රීසරත්ෆොන්සේකා.කොම් (www.freesarathfonseka.com) යනුවෙන් දියත් ව තිබු එම වෙබ් අඩවියට අදාල සියළු තාක්ෂණික තොරතුරු (Administrative and other DNS information related to domain of freesarathfonseka.com) සියල්ල ම මනාව සැසඳීමෙන් මේ බව වඩාත් තහවුරු වේ,

මෙම වෙබ් අඩවිය දියත් කර ඇති අන්තර්ජාල සර්වරය (Server) ඇමරිකා එක්සත් ජනපදයෙහි පිහිටුවා ඇති අතර අන්තර්ජාල අංකිත ලිපින (IP Protocol) 96.0.176.2 යටතේ දියත් කර ඇත. එසේම සර්වරය පිහිටුවා තිබෙන ස්ථානය වශයෙන් “හොප්කින්ස්, ඇමරිකා එක්සත් ජනපදය” (Hopkinsville, KY, US) වශයෙන් සනාථ වී ඇති අතර මේ පිලිබඳ ව ඕනෑම අයෙකුට +1-614-534-1960 ඔස්සේ ඇමතීමෙන් වඩාත් තහවුරු කර ගත හැක.

සරල ව කියතොත් මෙම වෙබ් අඩවියට අදාල සියළුම දත්ත (data) ගබඩා කොට ඇත්තේ, ඇමරිකාවේ පිහිටුවා තිබෙන පරිගණකයක් තුල ය. (The physical location of the web server is in USA) වෙබ් අඩවිය සඳහා අදාල දත්ත කැවීමේ කාර්යය (Data Entry/ Update) ලොව ඕනෑම තැනක සිටින එම වෙබ් අඩවියේ හිමිකරුවන්ට හෝ පරිපාලකයින්ට සිදු කල හැක. ඒ ඔවුන් සඳහා සර්වරය විසින් නිකුත් කර ඇති “රහස්‍ය තොරතුරු” (username, password and ip address) භාවිතයෙනි. එහිදී වෙනස් පිටස්තර කිසිවෙකුට වෙබ් අඩවියේ පරිපාලනමය කටයුතු සඳහා කිසිදු ඉඩක් නොමැති බව ප්‍රාථමික තත්වයේ තොරතුරු තාක්ෂණ සේවා සපයන්නෙකු (web hosting service provider) වුවද දනියි..

එසේනම්, මෙම වෙබ් අඩවිය අවහිර කිරීමේ උවමනාවක් ශ්‍රී ලංකාව තුල වු ආයතනයකට ඇත්නම්, එසේ කල හැකි වන්නේ මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල දී, කිසිදු අන්තර්ජාල සේවා සපයන්නෙකු (ISP) හරහා කිසිවෙකුට පිවිසිය හැකි නොවන පරිද්දෙන් අවහිර කිරීමෙනි.

එහිදී අදාල අවහිරය ක්‍රියාත්මක වන්නේ, ශ්‍රී ලංකාව තුල පිහිටි අන්තර්ජාල සබඳතා හරහා අදාල වෙබ් අඩවිය නරඹන්නන්ට ය.
(If was restricted a web site from a Sri lankan authority, The result will be only restricted within the Sri Lanka and it’s any internet connection)

එහෙත්,
මෙම ඉහත කී වෙබ් අඩවියට පිවිසීමට සිංහලයා පුවත් ඒජන්සිය විසින් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, මැදපෙරදිග, ඇමරිකාව සහ ජපානය යන රටවල සිය නියෝජිතයන් මගින් එකවර එකම අවස්ථාවක දී උත්සාහ දරන ලද නමුත් එම කිසිදු ස්ථානයක සිටියවුන්ට මෙම අදාල වෙබ් අඩවිය දර්ශණය නොවී ය.

එසේ හෙයින් මෙම වෙබ් අඩවිය අක්‍රීය වී ඇත්තේ ලොවටම බලපාන පරිදි ය. ඇමරිකාවේ පිහිටි වෙබ් අඩවියක් අවහිර කිරීමේ කිසිදු හැකියාවක් ශ්‍රී ලංකාවේ කිසිදු ආයතනයකට නොමැති අතර ඒ සඳහා එකම හිමිකම හෝ හැකියාව ඇත්තේ එම වෙබ් අඩවිය දියත් කලවුන්ට පමණි. (The administrators has the ever right to make a web site inactive or active)

එසේනම්, “තම වෙබ් අඩවිය වැඩ කරන්නේ නැත්තේ, රජය විසින් අවහිර කිරීමෙන්” යැයි පැවසීම මෝඩ කතාවකි. එයින් පෙනෙන්නේ එසේ පවසන්නවුන්ගේ මෝඩකම පමණක් බව අවධාරණය කරමු.

තම වෙබ් අඩවිය අක්‍රීය නම් වහා කල යුතු වන්නේ, එම වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන ආයතනයෙන් විමසීමක් කිරීමයි.. එසේත් නැත්නම්, තමන්ගේ වෙබ් අඩවිය පවත්වගෙන යෑම සඳහා වගකීමක් ඇති සහ තාක්ෂණය පිලිබඳ ව දැනුවත් ආයතනයක සහාය පැතීම මිසක එක් එක් අයට චෝදනා කිරීමෙන් නොවේ..

සමහර විට තමන් විසින් දියත් කල මෙම වෙබ් අඩවිය හිතාමතා ම අක්‍රීය කොට එය හුවා දක්වමින් කිසියම් ප්‍රචාරණ වාසියක් ලබා ගැනීම ද අරමුණ වන්නට ඇත. මන්ද, සයිබර් අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ අරමුණින් කියා මෙම වෙබ් අඩවිය දියත් කලත් ඒ හා සමාන ප්‍රමාණයක් නොලැබෙන බව සත්‍ය වශෙයෙන් ම දන්නා නිසා ද විය හැකි ය.

සිංහලයා පුවත් ඒජන්සිය විසින් කල මෙම හෙළිදරව්ව කිසිවෙකුට පිළිගත නොහැකි නම්,
අදාල වෙබ් අඩවිය දියත් කිරීමට සිංහලයා පුවත් ඒජන්සියේ සහාය ද ලබා ගත හැක.. අපි එය පණගන්වා පෙන්වමු.. ජවිපෙ ප්‍රමුඛ මෙම වෙබ් අඩවියේ හිමිකරුවන් කල යුත්තේ, සිංහලයා වෙබ් අඩවියට අමතා, සියළු තොරතුරු (Administration details like username and passwords) ද සමග සියළු ගෙවීම් කොට අදාල වෙබ් අඩවි දියත් කිරීමේ සේවාවන් (Web hosting) ලබා ගැනීමයි..(Contact 0777 71 11 81)

පුලුවන් නම් අභියෝගය බාර ගන්නා මෙන් ජවිපෙ, විජිත හේරත් මහතාගෙන් ඉල්ලා සිටිමු. මන්ද, සැමදා මෙන් බොලඳ කතා කියමින් ජනතාව ගොනාට ඇන්දවීමේ පාප කර්මයට වඩා එය නම්බුකාර බැවිනි.

 

 
– සිංහලයා පුවත්
 

මෙම පුවතේ ඉංග්‍රීසි සංස්කරණය මෙතැනින් 

 

 

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *