මන්දබුද්ධික අධ්‍යාපන ලොක්කෝ යලිත් යකා නටති …

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

බක පණ්ඩිත අධ්‍යාපන ලොක්කෝ ආයෙත් කරලියට ඇවිත් යකා නටන්න පටන් අරන්. පසුගිය දෙසැම්බර් මාසේ සාමන්‍ය පෙල විභාගයේදී විෂය නිර්දේශ කලවම් කලා. අන්තිමට එ’ නැටුම නතර වුනේ ආයෙත් විභාගය පවත්වලා.

 

දැන් ආයෙත් මෙයාල පටන් ගත්තේ, උසස් පෙල විභාගයෙන්.. නමුත් එ’ අතරේ වාර විභාග ප්‍රශ්න පත්‍ර වලටත් ඔය සෙල්ලම දැම්මා කියලා අපිට මතකයි. එක්කෝ වැරදි ප්‍රශ්න පත්‍ර බෙදනවා, එක්කෝ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයක් යවනවා, එහෙමත් නැත්නම් හරියට සෝදුපත් කියවන්නෙ නැතුව ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරලා මුළු විභාගයම විකාරයක් කරනවා.

 

ප්‍රශ්න පත්‍රයේ විෂය, දිනය, වෙලාව වගේ සියළු විස්තර ප්‍රශ්න පත්‍ර බහාලූ කවරයේ සඳහන් වෙනවනෙ. එ’ ටික හරියට කියව ගත්තනම් හවසට නියමිත ප්‍රශ්න පත්‍රය උදේට බෙදන්නේ නැහැනෙ. එ’ත් එක්කම, මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය දිනයේදී එක්තරා පාසලකට ලැබිලා තිබුනෙ නියමිත ප්‍රශ්න පත්‍ර ගණනටත් වඩා 30 -40ක් අඩුවෙන්.

පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ඉඳන්ම සිදුවුනු මේ අකටයුතුකම් වල කිසියම් සංවිධානාත්මක බවක් ඇති බවයි සිංහලයා අපේ හැඟීම…
කාගේ බලපෑමෙන්ද මේවා වෙන්නේ, කාටද මේ අය මුට්ටි අල්ලන්නේ කියන දේ අපිට වැඩක් නැහැ.
සාමාන්‍ය පෙළ, උසස් පෙළ, 5 වසර ශිෂ්‍යත්වය කියන්නේ දරුවන්ගේ අනාගතය තීරණය කරන කඩ ඉම් විභාග කියන දේවත් තේරුම් ගන්න බැරි මේ ලොකු ලොකු තනතුරු වල ඉන්න අධ්‍යාපන කාළකණ්නින්ගෙ මොලේ පශ්චාත් භාගයේවත් තියෙනවාද කියන එක සැකයි.

තම තමන්ගේ පටු අදහස් ඉටු කරගන්න, දරුවන්ගේ හිත් එක්ක, හීන එක්ක සෙල්ලම් කරලා තමන් මහ ලොකු චණ්ඩිකමක් කලා කියල හිතනවානම්, එ’ තරම් තුච්ඡ, ජඩ වැඩක් තවත් නැහැ කියලයි සිංහලයා අපි අවධාරණය කරන්නේ…!
අදාල අනෙකුත් පුවත්
බක පණ්ඩිත අධ්‍යාපන ලොක්කෝ පිස්සෝ ය.. බීරෝ ය.. නැතහොත් අන්ධයෝ ය..
- සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>